IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


දේශපාලන පළිගැනීම් ගැන සොයන්න ජනපති කොමිසමක්

(විනීතා එම් ගමගේ)

           

දේශපාලන පලි ගැනීම්වලට ලක්වූ රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවයේ සියලූ දෙනාට සහන සැලසීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරීමට රජය තීරණය කර ඇත.

විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභා පනත යටතේ මෙම කොමිෂන් සභාව පිහිටුවන අතර එය ඉදිරි සති හය ඇතුළත එකී කොමිසම පිහිටුවනු ඇතැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.

මෙය විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් වන බැවින් එහි දී වැරදිකරුවන් බව අනාවරණය වන පුද්ගලයින් වේ නම් ඔවුන්ට නීතියෙන් දඬුවම් දිය හැකි වන බව ද අබේවර්ධන මහතා කීය.

මෙම කොමිසම පිහිටුවීම සඳහා කැබිනට් මණ්ඩල යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසිනි.

රටේ  පවතින නීති සහ නීති ක‍්‍රියාත්මක කරන ආයතන හා පුද්ගලයින් යොදා  ගනිමින් නීති විරෝධී ආයතන බිහිකරගනිමින් රාජ්‍ය සේවය අර්ධ රාජ්‍ය සේවය පෞද්ගලික අංශය හා ආගමික කෙෂත‍්‍ර පමණක් නොව විවිධ සේවා සැපයූ ආයතන පවා පීඩාවට පත්වන අන්දමින් පැවැති රජය ඉකුත් වසර පහ තිස්සේ කටයුතු කර ඇතැයි කී අබේවර්ධන මහතා පළිගැනීම්වලට ලක්කළ යුතු පුද්ගලයන් කවුදැයි කලින් තීරණය කර ව්‍යාජ චෝදනා ගොනු කර අල්ලස් හෝ දූෂණ විරෝධී කොමිසමට හෝ මූල්‍ය අපරාධ කොට්ඨාසයට යොමුකරනු සඳහා හිටපු අගමැතිවරයාගේ විෂය පථය යටතේ දූෂණ විරෝධී කාර්යංශය නමින් විශේෂ පළිගැනීමේ ඒකකයක් ක‍්‍රියාත්මක  වී ඇතැයි ද සඳහන් කළේය.

අල්ලස් කොමිසම මූල්‍ය අපරාධ විමර්ශන අංශය හෝ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් නිමකරනු ලැබූ හෝ සිදුකරමින් පවතින සියලූ පරික්ෂණ හා විමර්ශනයන් පිළිබඳ අගැයීමක් කිරීමටත් එහි දී ඉලක්ක කළ පුද්ගලයින් පළිගැනීමට ලක්කරනු පිණිස නිසි ක‍්‍රියාවලියෙන් බැහැරව කරනු ලැබූ උපදෙස් මත පරික්ෂණ ආරම්භ කලේ ද යන්නත් මෙම කොමිසමෙන් සොයා බලනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.



අදහස් (0)

දේශපාලන පළිගැනීම් ගැන සොයන්න ජනපති කොමිසමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 279 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 806 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1220 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site