IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘දේශපාලන කුමන්ත්‍රණයේ පාඩුව සිදු වුයේ රටටයි’

(නිමල කොඩිතුවක්කු)
 
ඔක්තෝබර් 26 වැනිදා විධායකයේ මැදිහත්වීමෙන් රට තුළ සිදුවූ දේශපාලන කුමන්ත‍්‍රණයේ පාඩුව  සිදුවූයේ රටට බව එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී  නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය. 

මාධ්‍ය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඒ මහතා මේ බව පැවැසීය.

 ‘‘අද වනවිට රටේ සියළු අංශ කඩා වැටිලා. දේශපාලන ස්ථාවරත්වය බිඳ වැටීම තුළ ජාත්‍යන්තර වශයෙන් රට හුදෙකලා වෙලා. දැන් තියෙන ගැටළුව දරුණු ආර්ථික සම්බාධක වලින් මිදී මූලික අවශ්‍යතා සපුරාගෙන ශී‍්‍ර ලාංකික ජනතාවට ඉදිරියේදී ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියන එකයි. 

ජනාධිපතිවරයාටත් ඔහු සමඟ සන්ධාන ගත වූ රාජපක්ෂ රෙජීමයටත් දේශපාලන කුමන්ත‍්‍රණය වැරදිලා තිබෙනවා. පාර්ලිමේන්තු ක‍්‍රමය තුළ ආණ්ඩුව ප‍්‍රතික්ෂේප වෙලා, මිල මුදලටවත් බහුතරය හදාගන්න බැරි වී තිබෙනවා. ජනාධිපතිවරයා ප‍්‍රමාද වී හෝ යථාර්ථය තේරුම් ගෙන රට තුළ ස්ථාවරත්වය ගොඩ නැගීමට කටයුතු කළ යුතුයි.

ශී‍්‍ර ලංකාව මධ්‍යම ආදායම් ලබන රටක්. අපේ රටට හුදෙකලාව ආර්ථික ඉලක්ක ජය ගැනීමට කිසිසේත්ම හැකියාවක් හෝ ඉඩක් නැහැ. අද මේ ආණ්ඩුව ලෝකයේ කිසිම රටක් පිළිගන්නේ නැහැ. රුපියලේ දරුණු කඩා වැටීම, විදේශ ආයෝජකයින්ගේ පලායෑම, සියළු සංවර්ධන ව්‍යාපෘති අඩාලවීම අද ප‍්‍රබල ව්‍යවසනයක් බවට පත්වෙලා තිබෙනවා. 
 



අදහස් (0)

‘දේශපාලන කුමන්ත්‍රණයේ පාඩුව සිදු වුයේ රටටයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site