IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


‘තීරක බලය ෆෙඩරල්වාදී කඳවුර තුළම තබාගැනීමේ කුමන්ත්‍රණයක්’


 
 
නාලක සංජීව දහනායක
 
රටේ ප‍්‍රධාන තනතුරුවලට ප‍්‍රධානීන් පත්කිරීමේ තීරක බලය ෆෙඩරල්වාදී ඊළාම් කඳවුර තුළම තබාගැනීමේ කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකව පවතින බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය අද (19) සඳහන් කළාය.


එබැවින් මහින්ද රාජපක්‍ෂ මහතා විපක්‍ෂනායක ධූරයෙන් ඉවත් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන හා බටහිර තානාපති කාර්යාල මැදිහත් වුණොත් ඒ ගැන පුදුම වීමට දෙයක් නැතැයි ඇය පැවසුවාය.


මන්ත‍්‍රීවරිය මෙසේද සඳහන් කළාය.


පසුගිය දින 50කට අධික කාලය තුළදී මෙරට සිදුවූ දේශපාලන වෙනස්වීම එක එක්කෙනා එක එක විදියට අර්ථක නිරූපනය කරනවා. කොහොම වුණත් තිරය පිටුපස නාඩගම් නැටූ සියලූම දෙනාට දැන් එළියේ නටන්න වෙලා. මේ වනවිට විපක්‍ෂනායකධූරය සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා පත්ව තිබෙනවා. ඔහුව එම තනතුරින් ඉවත් කිරීම සඳහා ඊළාම්වාදී, ෆෙඩරල්වාදී  කඳවුර බොහොම වුවමනාවෙන්ම වැඩකරන බවක් පෙනෙන්න තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය මේ රටේ ප‍්‍රධාන තනතුරු පත්කිරීමේ තීරක බලය ඊළාම්වාදී ෆෙඩරල් කඳවුර තුළම තියාගන්නයි.


මේ ආණ්ඩුව බලයට ගේන්න කටයුතු කළ ටී.එන්.ඒ සංවිධානයි. ඒ සඳහා වූ පොරොන්දු ඉටුකරන්න රජයට සිදුවෙලා. කොහොමටත් එකම දේශපාලන කඳවුරකට අගමැති, විපක්‍ෂනායක හා කතානායක කියන තනතුරු සියල්ලම දෙන්න බැහැ. රටක විපක්‍ෂයක් කියන්නේ ඊළඟ බලය ලබාගන්න ප‍්‍රධාන දේශපාලන පක්‍ෂයටයි. 


බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රදාන කාර්යාලයේ දී අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය මේ බව කීය.

ඡායාරූප - චතුර එස් කොඩිකාර


 



අදහස් (0)

‘තීරක බලය ෆෙඩරල්වාදී කඳවුර තුළම තබාගැනීමේ කුමන්ත්‍රණයක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1235 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site