IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


’ ජනපති රට සෑම අංශයකින්ම ඉදිරියට ගෙන යන්න සමත්වුණා’

(නිමල කොඩිතුවක්කු)
 

 
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත්ව වසර 4ක කාළය තුළ රට සෑම අංශයකින්ම ඉදිරියට ගෙන යාමට සමත් වු බව  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක මහින්ද සමරසිංහ මහතා කොළඹදී පැවසීය.
 
මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධූර දර්ශී නායකත්වය ඉදිරියටත් රටට ලබාදිම තම පක්ෂයේ  ඒකායන අරමුණ බව ද  සමරසිංහ මහතා කියා සිටියේය.
 
කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (9) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද සමරසිංහ මහතා මෙසේද කීය.
 
‘‘ඇතැම් පිරිස් කියනවා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය වසර 4 ක කාලය තුළ කිසිදු වැඩක් කරලා නැතිලූ. මේ අවුරුදු 4ක කාලය තුළ මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් රට තුළ විශාල පරිවර්තනයක් සිදුව තිබෙනවා.
 
ජනාධිපතිධුරයට පත්වු මෛත‍්‍රිපාල සිරිසේන මහතාට තිබූ පළවෙනි අභියෝගය තමයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ වාර්තාවට මුහුන දීමයි. ජනාධිපතිවරයාගේ සංහිදියා වැඩපිළිවෙළ සහ ඒ සඳහා ඇති දේශපාලන වුවමනාව ගැන සළකා බලා  ඒ සඳහා අවශ්‍ය කාලය ලබාදිමට ජාත්‍යන්තර ප‍්‍රජාව පිළිගත්තා. ඒ අනුව අපි උඩ බලාගෙන කෙල ගහගන්නේ නැතුව රට වෙනුවෙන් සිතා කටයුතු කිරිම නිසා මෙම අභියෝගය ජය ගත්තා. යහපාලනය රට තුළ ස්ථාපිත කිරිමට විධායක බලතල අහෝසි කිරීමට එතුමා කැප වුණා. 
 
පාර්ලිමේන්තුවේ එවකට තිබුණු සංයුතියේ බහුතරය තිබුණේ එකසත් ජනතා නිදහස් සන්ධානයට. එක්සත් ජාතික පක්ෂයට තිබුණේ පනහකටත් අඩු ආසන සංඛ්‍යාවක්. එහෙම තිබියදිත් 19 ගෙනල්ලා තුනෙන් දෙකකකින් සම්මත කර ගැනීමට මෛත‍්‍රීපාල  සිරිසේන මහතා සමත් වුණා. එතුමා සෘජුව මැදිහත්වෙලා එය සම්මත කර ගැනිමට කටයුතු කලේ නැත්නම් අද 19 ක් නැහැ. එවැනි දෙයක් කරපු නියකයකුට වැඩක් නොකළ නායකයෙක් කියලා චෝදනා කරන්න බැහැ."



අදහස් (0)

’ ජනපති රට සෑම අංශයකින්ම ඉදිරියට ගෙන යන්න සමත්වුණා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16882 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site