IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


ගම්පෙරළියේ වැඩසටහන් කඩිනම් කිරීමට නව යාන්ත්‍රණයක්

(අංජුල මහික වීරරත්න)
 
ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබාගැනීම සඳහා නව යාන්ත්‍රණයක් සකස් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.
 
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය, මුදල් අමාත්‍යංශය, මහාමාර්ග අමාත්‍යංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය එක්ව අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන් යටතේ මෙම නව යාන්ත්‍රණය ක්‍රියාත්මක කෙරේ.
 
අදාළ අමාත්‍යංශවල නියෝජිතයන් ප්‍රාදේශීය ලේකම්වරුන් මුණගැසී ව්‍යාපෘතියෙන් ව්‍යාපෘතියට ප්‍රගතිය විමසාබැලීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
 
ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ ලැබෙන මුදල් අයවැය එනතුරු නොසිට ඉතා කඩිනමින් ඵලදායී ව්‍යාපෘති සඳහා යොදාගන්නා ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
 
මේ අතර සමෘද්ධි සඳහා අලුතින් පත්කළ නිලධාරීන් 7500ටද ගම්පෙරළිය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ වගකීම් භාරදෙන බව ගම්පෙරළිය 2019 වසර සඳහා හඳුන්වාදීමට කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
 



අදහස් (0)

ගම්පෙරළියේ වැඩසටහන් කඩිනම් කිරීමට නව යාන්ත්‍රණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1205 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 441 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site