(මනෝජ් හර්ෂික)
මේ මොහොතේ රට තුළ ජාතිවාදී සහ ආගම්වාදී කැරලි කෝලහල ඇති කිරීමෙන් සිදුවන්නේ රට විනාශ කිරීමට අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ගේ අරමුණ ඉටු කර ගැනීමට උපකාර වීම බව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (13) පැවැසීය.
මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ අරමුණ රටවල් කිහිපයක් තුළ ශරියා නීතිය සහිත තම කලාපයක් නිර්මාණය කර ‘ඉස්ලාම් රාජ්‍යයක්’ බිහි කිරීම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
රුපියල් ලක්ෂ 7,000ක් වැය කරමින් ඉදි කෙරෙන හම්බන්තොට,තිස්සමහාරාම, වීරවිල, තරුණ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද (13) දින එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවැසීය.
ත්‍රස්තවාදීන් තම අරමුණ කරා යන්නේ සියදිවි නසා ගැනීමෙන් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමෙන් පමණක් නොව රට තුළ ජාති - ආගම් භේද, කැරලි - කෝලාහල ඇති කර රට ගිනි තැබීමෙන් ද ඔවුන් සිය අරමුණ ඉටු කර ගැනීමට උත්සාහ කරන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
පසුගිය දිනවලදී ලෝකයේ රටවල් කිහිපයකම ඉස්ලාම් පල්ලි වලට බෝම්බ ප්‍රහාර එල්ල කර ජාතීන් අතර කැරලි - කෝලහාල ඇති කිරීමට අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන් කටයුතු කළ බවත්, ඒ හරහා ඔවුන් සුදානම් වන්නේ ‘ශරියා නීතිය’ සහිත කලාපයක් සහ ‘ඉස්ලාම් රාජ්‍යයක්’ බිහි කර ගැනීමට උත්සාහ කිරීම බව අමාත්‍යවරයා කීය.
බොරු ප්‍රචාරවලට හසුවී කැරලි - කෝලහල ඇතිකර අයි.එස්.අයි.එස් ගෝලීය ත්‍රස්තවාදීන්ගේ අරමුණ ඉටු කිරීමට රටේ ජනතාව සහාය ලබා දෙනවාද කියා තීන්දු කළ යුතු බවත් මෙරට ත්‍රස්තවාදය සහ මුලින්ම උපුටා දැමීමට නම් ජාතී, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව සියලු දෙනා එකට එක්ව කටයුතු කළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කැරලි ඇති කිරීමෙන් අයිඑස්ලාගේ අරමුණ ඉටුවන බව සජිත් කියයි