IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කම්කරු නීති වෙනස් කරන්න දෙන්නේ නැති බව වෘත්තීය සමිති කියයි

(විනීතා එම් ගමගේ)
         
දැනට මෙරට ආයෝජන කර ඇති ආයෝජකයන් රඳවා ගැනීමට හා නව ආයෝජකයන් ගෙන්වා ගැනීමට රජය කම්කරු නීති හා අණ පනත් සරල කරන්නට කටයුතු කරන බවට වෘත්තිය සමිති චෝදනා කරති.

දැනට පවතින කම්කරු නීති අණ පනත් සංකිර්ණ බැවින් සියල්ල එක් නීතියක් බවට පත් කරන බව රජය පැවසුවත් රජයේ අරමුණ ආයෝජකයන් පිනවීම බවටත් වෘත්තිය සමිති චෝදනා කරති.


වැඩ කරන ජනතාව වෙනුවෙන් ඇති කම්කරු අණපනත් සියල්ල එකතු කර නවපනතක් සකස් කරන බව කියන ආණ්ඩුව එම පනත් සැකසීම රහසේ සිදුකිරීම පිළිබඳ රාජ්‍ය සේවා කම්කරු නිලධාරින්ගේ සංගමය විරෝධය පළ කරන බව එහි සභාපති අයි සී ගමගේ මහතා පැවැසීය.


මේ වනවිට සකස් කර ඇති පනත් කෙටුම්පත ඊට යෙදීමට නියමිත නම සමඟ තම සංගමය වෙත දෙන ලෙස තමන් ඉල්ලා සිටි බවත් ඒ පිළිබඳව රජය මෙතෙක් ප‍්‍රතිචාරයක් නොදැක්වූ  බවත් ගමගේ මහතා කියා සිටියේය.


මෙකී පනත හොරෙන්ම සකස්කර ඉකුත් නොවැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබු නමුත් ඔක්තෝබර් 26 වැනි දා පැවැති ආණ්ඩු පෙරලිය නිසා එය කළ නොහැකි වූ බැවින් මේ වනවිට නැවත එම ක‍්‍රියාදාමය හිස ඔසවමින් සිටින බවට වාර්තාවන බවත් ගමගේ මහතා කියා සිටියේය. 

                 
කම්කරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන පරිදි හා හාම්පුතුන්ට වාසි සහගත වන පරිදි අණ පනත් ගෙන ආවොත් සම්මත කිරීමට කිසිදු ඉඩක් නොදෙන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවැසීය.


මේ වනතුරුත් එම පනත් කෙටුම්පත ජාතික කම්කරු උපදේශන සභාවට ඉදිරිපත් කර නොමැති බව කී සමරසිංහ මහතා එම සභාවට ඉදිරිපත් නොකර කිසිසේත්ම එවැන්නක් ක‍්‍රියාත්මක කිරීමට අවස්ථාව නොලැබෙන බව ද කියා සිටියේය.


මේ පිළිබඳව කළ විමසීමක දී කම්කරු කොමසාරිස් ජනරාල් ඒ විමලවීර මහතා කියා සිටියේ පවතින කම්කරු අනපනත් සියල්ල එක්කර එක පනතක් සැකසීමට රජය තීරණ කොට ඇති නමුත් එම  නව පනත පිළිබඳ කෙටුම්පත වෘත්තිය සමිති හා වැඩ කරන ජනතාව නියෝජනය කරන සියලූ ආයතනවලට ඉදිරිපත් කර අදහස් විමසීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවය.


දැනට විවිධ අණ පනත් වැඩ කරන ජනතාව වෙනුවෙන් ක‍්‍රියාත්මක වන බව කී විමලවීර මහතා එකී සංකීර්ණ නීති සරල කිරීමට හා සියලූ දෙනාට සමාන වන පරිදි ක‍්‍රීයාත්මක කළ හැකි තත්ත්වයට පත් කිරීම අරමුණ බව ද හෙතෙම කියා සිටියේය.



අදහස් (0)

කම්කරු නීති වෙනස් කරන්න දෙන්නේ නැති බව වෘත්තීය සමිති කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site