(අංජුල මහික වීරරත්න )
එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ පුර්ණ සහය දෙන බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක පලනි දිගම්බරන් මහතා පැවසීය.
ලබන බදාදා (12) රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමමට නියමිතය.
‘රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරිමේ යෝජනාවට අනිවාර්යයෙන්ම සහය දෙනවා. අප ඒකමතිකව ඒ මතයේ ඉන්නවා. අපට ප්‍රතිපත්තියක් තිබෙනවා.‘ යැයි පලනි දිගම්බරන් මහතා පැවසීය.
කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීයකු නැඟු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් දිගම්බරන් මහතා මේ බව සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට සහභාගී වු පාර්ලිමේන්තු මන්ත්‍රි වි රාධ ක්‍රිෂ්ණන් මහතා පැවසුයේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් කිරීම සඳහා තමා ඡන්දය දෙන බවයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
එජාපෙ ට සහය දීමට ටීඑන් ඒ සුදානම් බව දිගම්බරන් කියයි