IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය රැකීමට ස්වාධීන කොමිෂන් සභාවක්

( ඩයනා උදයංගනී)
 
විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතනවල පවතින ගැටලූ විසඳා ඒවායේ ප‍්‍රමිතිය පාලනය කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරන බව  නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.


ලැබී තිබෙන ඉතා කෙටි කාලය තුළ මෙරට උසස් අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදු කිරීම අපහසු නමුත් එහි පරිවර්තනීය  වෙනසක් සිදු කළ හැකි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


 උසස් අධ්‍යාපනයේ තත්ත්වය සහ ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීමේ කොමිෂන් සභාවක් පත් කිරීමට අවශ්‍ය කැබිනට් පති‍්‍රකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව කී ඇමතිවරයා  ඒ පිළිබඳව මේ වන විටත් තමන් හොඳින් අධ්‍යයනය කර ඇතැයි ද කීවේය.


      උසස් අධ්‍යාපන ක්‍ෂ්ත‍්‍රය තුළ පවතින සිසු ගැටුම්, උද්ඝෝෂණ, පෙළපාලි සහ විරෝධතා සම්බන්ධයෙන් සිසුන් සමඟ සාකච්ඡුා කොට පිළියම් සකසා දීමට කටයුතු කරන බව ද ඇමතිවරයා කියා සිටියේය.


      එම ගැටලූවලට පිළිතුරු ලබා දෙන අතර ම විශ්වවිද්‍යාල පද්ධතියේ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දැඩි ප‍්‍රතිපත්ති අනුගමනය කිරීමට සිදුවන බව ද ඇමති රවුෆ් හකීම් මහතා ස`දහන් කළේය.



අදහස් (0)

උසස් අධ්‍යාපනයේ ප්‍රමිතිය රැකීමට ස්වාධීන කොමිෂන් සභාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16884 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 663 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site