(නාලක සංජීව දහනායක)
තමන් මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලනික අර්බුද යටත් කර ගැනීම සඳහා ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (01) පැවැසීය.
රජයේ ඇතිවී තිබෙන එම අර්බුද හේතුවෙන් නව වසර ජනතාවට සුභ නව වසරක් නොවනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.
මේ වනවිට රට දැවැන්ත මූල්‍ය අර්බුදයකට මුහුණ දී තිබෙනවා. ඒ අර්බුදයෙන් රට මුදවාගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිධූරයට පත්කළා. එහිදී ඔහු මැතිවරණයක් පවත්වන තෙක් භාරකාර රජයක් යටතේ මේ අර්බුද සඳහා විසඳුම් සෙව්වා.
භාරකාර ආණ්ඩුව යටතේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත්තා. නමුත් ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්‍ෂය විසින් රජයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත කළ බවත් පාර්ලිමේන්තුවේ බහුතර බලය රනිල් වික‍්‍රමසිංහ මහතාට හිමිව තිබෙන බවටත් දිවුරුම් ප‍්‍රකාශන 122ක් අධිකරණයට ඉදිරිපත් කළා.
ඒ අනුව ලංකා ඉතිහාසයේ පළමු වතාවට අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට රාජකාරී කිරීම අධිකරණය විසින් තහනම් කළා.
පුංචි බොරැල්ල, වජිරාඝ්‍රම විහාරයේදී අද (1) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමන් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
‘ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීම ආරම්භ කරලා‘