IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


‘අතුරු සම්මත ගිණුම සම්මත කිරීමේදී ආණ්ඩුවට බහුතර බලයක් නැති බව තහවුරු වුණා‘

(නාලක සංජීව දහනායක) 

තමන්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන බවට එක්සත් ජාතික පක්‍ෂය පම්පෝරි ගැසුවද අතුරු සම්මත ගිණුම සම්මත කිරීමේදී ආණ්ඩුවට බහුතර බලයක් නොමැති බව තහවුරු වූ බව කලූතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (24) පැවැසීය.

බහුතර බලයක් නැති මේ ආණ්ඩුව වැඩිකල් නොපවතින බවද මන්ත‍්‍රීවරයා කීය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවැසීය.

"ගතවූ අවුරුදු තුනහමාරක කාලය තුළදී එක්සත් ජාතික පක්‍ෂ රජය වැරදිකළ බව කියන්නේ අපි නෙවෙයි ඒ රජයේම ඇමතිවරුන්මයි. ඒ නිසා දැන්වත් තමන්ගේ අතින් සිදුවූ වැරදි නිවරදි කරගන්න  ඕන බව ඔවුන් කියනවා. සමහරු හිතන් ඉන්නවා දැන්වත් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය වෙනස්වෙයි කියලා. 

බෝතලේ මාරුවුණාට වයින් මාරු වෙන්නේ නැහැ වගේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කවදාවත් වෙනස් වෙන කෙනෙක් නෙවෙයි. විසිනම වතාවක් පැරුලා අවුරුදු 25ක් තිස්සේ එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයේ එල්ලිලා ඉදගෙන පක්‍ෂයටවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොදෙන මනුස්සයා රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙන්නේ කොහොමද?.  ඒ නිසා ලබන වසර තුළ එක්සත් ජාතික පක්‍ෂ රජය නිවැරදි මාවතට එන්නේ කොහොමද කියල අපිත් බලාගෙන ඉන්නවා.

මහින්ද රාජපක්‍ෂ අගමැතිධූරය දැරූ කෙටිකාලය තුළදී මේ රටේ ජනතාවට සහන රාශියක් ලැබුණා. විශේෂයෙන්ම මංගල සමරවීර ඇමතිතුමාගේ මිළ සූත‍්‍රයට අනුව කවදාවත් අඩුකරන්න බැරිවුණ ඉන්ධන මහින්ද රාජපක්‍ෂ මහත්තය තුන්වරක් අඩුකළා.

 ඒ අනුව මංගලගේ මිළ සූත‍්‍රයට වඩා මහින්ද රාජපක්‍ෂගේ මිළ සූත‍්‍රය ජනතාවට ලෙංගතු වුණා.

කැබිනට් මණ්ඩලය ඇතුළත දැනටමත් ගැටලූ ඇති වෙලා. මුදල් ඇමතිකම නොලැබීම නිසා රවී කරුණානායක මහත්තය අමනාපවෙලා. තමන්ට නොදුන් මුදල් ඇමතිකමේ අනිත් අය වැඩකරගෙන යන හැටි බලමු කියල ඔහු කියනවා. ඒ වගේම කැබිනට් ඇමතිකම් බළාපොරොත්තුවුණ අයට ඇමතිකම් ලැබිලා නැහැ. 

ජාතික ආණ්ඩුවක් නොමැති වෙලාවක ඇමති මණඩලය 30  ඉක්මවා යන්න හැකියාවක් නැහැ. ඒ නිසා ජාතික ආණ්ඩුවට පිටින් ගොස් ඇමති මණ්ඩලය වැඩිකරන්න උත්සාහ ගත්තොත් අපි එයට විරුද්ධව උසාවි යනවා."

බත්තරමුල්ල, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේදී අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.



අදහස් (0)

‘අතුරු සම්මත ගිණුම සම්මත කිරීමේදී ආණ්ඩුවට බහුතර බලයක් නැති බව තහවුරු වුණා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site