බිඟුන් මේනක ගමගේ
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේ ව්‍යවස්ථා විරෝධීව යැයි ද එමගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි සඳහන් කරමින් මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර හා දසිත් මන්තිලක යන මහත්වරු අද (27) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇත.
19 වැනි සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව වසර හතරහමාරක් යන තුරු විසුරුවිය නොහැකි යැයි ද එය උල්ලංඝණය කරමින් ජනාධිපතිවරයා කටයුතු කර ඇතැයි ද ඔවුන්ගේ පැමිණිල්ලේ සඳහන් වේ.
මේ නිසා ජනාධිපතිවරයා සිතා මතාම ව්‍යවස්ථාවේ රැකවරණය ලබන තමන් ඇතුළු රටවැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ද සිය පැමිණිල්ලෙන් ඔවුහු චෝදනා කර ඇත.
පැමිණිල්ලට වාචික සාක්කිකරුවකු ලෙස නීතිඥ ආචාර්ය නලින් අබේරත්න මහතා නම් කර ඇත.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අගමැති මාරුවෙන් අයිතිවාසිකම් කඩ වුණැයි මානව හිමිකම් යති