IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


ගෝඨාභයට අපහස වන ආකාරයේ අත් පත්‍රිකා බෙදූ 2 ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් අත් පත්‍රිකා බෙදා හරිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් මිරිහාන කොට්ටාව පාර විජේසේකර මාවත ප්‍රදේශයේදී අද (10) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පැවසීය.

රාජපක්ෂ මහතාට අපහස වන ආකාරයේ කරුණු 60 ක් ඇතුළත් අත් පත්‍රිකා 58 ක් සොයාගත් බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා නුගේගොඩ සහ මිරිහාන ප්‍රදේශ වල පදිංචි 60 සහ 64 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්  බව පොලිසිය කීය.

 



අදහස් (19)

ගෝඨාභයට අපහස වන ආකාරයේ අත් පත්‍රිකා බෙදූ 2 ක් අත්අඩංගුවට

රජින්ද Sunday, 10 November 2019 01:58 PM

සේනානායකවරුන්ගෙන් පසු එජාපය මේ රටේ බලයට පත් වෙච්ච සෑම වකවානුවකම ජනතාවට සහ රටට හානිකරදායක කාලයක් උදා විය. ඉතිහාසය ඊට සාක්‍ෂි දරනු ඇත. රටේ සහ ජනතාවගේ මානසික ආතතිය සහ ආර්ථික පීඩනය උග්‍ර විය. එය පසුගිය 2015 එජාපය ප්‍රමුඛ රජයේ ක්‍රියාපටිපාටියෙන් වත්මන් තරුණ ප්‍රජාවට දැකබලා ගැනීමට හැකිය. එහෙත් 2019දී ලාංකිකයින් ප්‍රඥාවන්තව ප්‍රතිපත්ති මත යතාර්ථවාදී අපේක්‍ෂකයෙක් තෝරා පත්කර ගෙන ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් සඳහා ජනතා ආශිර්වාදය ගන්නට මූලික අඩිතාලම දාන මොහොතේදී ඊට දෙස් විදෙස් බෙදුම්වාදයට ප්‍රිය කරන බලවේග ප්‍රධාන ඇතැම් පිරිස් කුහක රංගනයක දී සිටියි. එහෙත් බුද්ධිමතුන් මේවා තුලින් සත්‍ය දකිනු ඇත...

:       213       1164

Dilan Sunday, 10 November 2019 02:00 PM

මඩ ගහලා හරි බලයට එන්න හදන්නේ අපට සේවය කරන්න නේද දෙයියනේ...?

:       138       275

juliena Sunday, 10 November 2019 02:51 PM

එතකොට කාවද අත්අඩංගුවට ගත්තේ..? එකම රටක මොකද මේ නීති දෙකක්...?

:       13       87

Sameera Sunday, 10 November 2019 03:29 PM

ඔක්කොම වැඩ මාට්ටුයි...

:       3       699

යාපා Sunday, 10 November 2019 03:44 PM

ඉතිහාසයේ වැඩකට නැති ආණ්ඩුව මේක තමයි. පරදිනවා නම් පාඩුවේ යන්නේ නැතුව බොරු කියලා මිනිස්සු රවට්ටන්න හදනවා. ඒ අය වගේම සාමාන්‍ය මිනිස්සුත් ගොන්නු කියලා...

:       11       648

Chandi Sunday, 10 November 2019 03:50 PM

පේනවා නේද නියත පරාජය ඉවසාගන්න බැරිව කරන පහත් වැඩ...? මේ වැඩවලින් වෙන්නේ තමුන් වැටී සිටින වලෙන් ගොඩඑන්න බැරිව තවත් පතුළටම වැටෙන එකයි...

:       16       474

sirimal Sunday, 10 November 2019 06:00 PM

මේ සිද්ධියට සම්බන්ධ බවට නම ප්‍රසිද්ධියට පත්ව ඇති හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා අද මෙවැනි ප්‍රකාශයක් කර තියෙනවා දැක්කා. උපුටා ගැනීමකි. "මගේ අනුදැනුමකින් තොරව අපව අපහසුතාවයට පත්වන ආකාරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි පත්‍රිකාවක් අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දමා කෝට්ටේ ඇතැම් ස්ථානවල බෙදාහැර තිබෙනවා. මම මෙවැනි කටයුතු කිසිදා අනුමත කරන්නේ නෑ. මා මේ සඳහා අනුබල දුන්නැයි පළවන වාර්තා මා තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ සඳහා, මාගේ සම්බන්ධයක් ඇතැයි හුවා දැක්වීමට සැලසුම් සහගත කුමන්ත්‍රණයක් සිදුවෙමින් තිබෙන අතර පුරා වසර 10ක් ප්‍රතිපත්තිගරුක දේශපාලනයක නිරත වූ මාහට මෙවැනි දෑ කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව අවධාරණය කරනවා." උපුටා ගැනීම අවසන්.... මේක කාටවත් පන්දම් ඇලීමක් නම් නොවේ...

:       1133       224

RathnaMonday, 11 November 2019 05:34 AM

මෙන්නෝ සිරිමලා කඩේ යනෝ...

:       1       4

Chanak los angeles Sunday, 10 November 2019 08:30 PM

මෙහෙම අත්අඩංගුවට ගන්න හරි අද නීතිය සකස් වී තිබීම සතුටක් නොවේද? සාටකයින්ගේ පාලනයේදී ඡන්දය තිබෙනකොට විරුද්ධවාදීන්ගේ කාර්යාල වලට පහරදී පොලීසිය බලා සිටියදීම පුද්ගලයින් අත්අඩංගුවට ගත්තද?

:       0       0

Chanak los angeles Sunday, 10 November 2019 10:26 PM

කව්රු කව්රුත් එකක් මතක තියාගන්න. මැතිවරණය තියයි. කව්රු කව්රුත් බලයටත් එයි.. ඔබ දන්නවද මේ මැතිවරණයට වියදම් වෙන අති විශාල බිලියන ගණන් නැවත නොඑන ශුන්‍ය වන ජාතික ධනය කියා. දිනුව පසුවත් ඔහු වෙනුවෙන් වියදම් වෙන ජනතා මුදල් සම්භාරය කොපමණද කියා...? දේශපාලකයා කොහොමත් දිනුම්... ඔවුන් වෙනුවෙන් කතිරය ගසන ජනයා හැමදාම පරාදයි. මෙයට හරි විසඳුමක් පෙනෙන මානයේවත් නැත. පේනවා නේද යනකොට හිස් අතින් ගමට යනවා කියපු කෙනා පැජට් පාරේ වටිනාම දේපළ කරේ තියාගන්න කැබිනට් පත්‍රිකාව ගහපු හැටි.. එ්කයි මම කීවේ දිනන්නේ ඔවුන්ම තමයි කියලා...

:       0       0

Cisco Sunday, 10 November 2019 11:34 PM

සිරිමල් මහතාණෙනි. මේ ආචාර්යතුමා එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී කියනවා මෙතුමා කවදාවකවත් බොරු කියන්නේ නැහැ කියලා... වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව කුලියාපිටියේදී පටන් ගන්නවා කියලා. මේ වැඩසටහන ගුවන්ගතවෙලා අවුරුදු හතර හමාරක් ගිහිල්ලා තියෙනවා. ඉතින් බොරු කියලම නැද්ද? හෝදන්නේ කාගේ රෙදිද?

:       0       0

Chandi Monday, 11 November 2019 12:28 AM

ශ්‍රීමාල්..., අපිට ආරංචි හර්ෂ මැතිතුමාගේ ලේකම්වරයකු අත්අඩංගුවට ගත් බව...

:       0       0

mp Monday, 11 November 2019 02:29 AM

අප්පා කළ වැඩේ පුතා නොකළහොත් එයා නොට්ටිගේ පුතාලු...

:       0       302

suddaMonday, 11 November 2019 06:55 AM

ඒක ඇත්ත. 1988/89දී සිරිමාවෝ මැතිණියට ජනාධිපති ඡන්දයේදී මැණිකේට පඩි නගින්න බැහැ කියලා අපහාස පෝස්ටර් ගහපු හැටි දැන් එළියේ කියැවෙනවා. ඒ නිසා මේවා ආරේ ගුණ කියලා හිතාගනිමු...

:       0       3

ධනා Monday, 11 November 2019 02:29 AM

එජාපය අවසන් සතියේ ක්‍රියා කරන ආකාරයෙන් ඔවුන්ගේ පරාජය නියත බවට වැටහී ඇති බවක් පෙනේ...

:       18       334

neel Monday, 11 November 2019 02:39 AM

හැබැයි ඕක බෙදුවේ එතුමාගේ ලේකම් කෙනෙක්...

:       0       249

SL Monday, 11 November 2019 03:13 AM

sirimal, නෑ නෑ පන්දම් ඇල්ලිල්ලක් නැහැ. රෙදි නැතුව කඩේ යෑමක් විතරයි...! මේ වැඩකරලා මාට්ටු වුණාම සුදනා වෙන්න බලනවා.

:       1       358

mayuri Monday, 11 November 2019 04:54 AM

‘ජලනි සමග පිළිසඳරක් සමගින්’ ජලනි රට පුරා..!!!

:       0       1

sampath Monday, 11 November 2019 10:05 AM

නෙලුම් පිපෙන්න ගොහොරු මඩ අවශ්‍යයි. මේක මම නම් දකින්නේ සුබ දෙයක් සහ හොඳ දෙයක් විදියට.. මේ සතියේ කවුරු මොකක් කිව්වත් ජනතාව පිළිගන්නේ නැහැ.. එ්ක හැමෝම මතක තියන් ගෙවල්වල හිටියා නම් ඡන්දේ දාන කෙනා අදාල අයට ඡන්දේදී මේ වගේ උපක්‍රම මීට අවුරුදු 10 - 15 කට කලින් නම් හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

ජනාධිපතිවරණය 2019

භාණඩ 10ක ආනයන සීමා ලිහිල්වේ
2022 දෙසැම්බර් මස 20 4708 2

තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


එංගලන්තයට ලකුණු 20 ක ජයක්
2022 නොවැම්බර් මස 01 993 0

නවසීලන්තයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී අද (01 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය.


උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම විවෘත කරයි
2020 ජනවාරි මස 22 253 0

ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම අද (22) විවෘත කර තිබේ.


ගව රංචුවක ගැටුණු යතුරුපැදිකරු මරුට
2020 ජනවාරි මස 05 331 0

පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ මනතිව් ප්‍රදේශයේ දී අද ( 5 ) ගවයින් රංචුවක ගැටුණ යතුරු පැදි කරුවකු මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.


සැමියාගේ පිහි පහරින් බිරිය මරුට
2019 දෙසැම්බර් මස 17 3837 2

කෑගල්ල මහාධිකරණය ඉදිපිටදී සැමියාගේ පිහි පහරට ලක් වූ බව කියන බිරිද (30) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.


සජිත් ප්‍රේමදාස
2019 නොවැම්බර් මස 14 6331 6

සජිත් ප්‍රේමදාස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 494 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1942 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1710 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site