IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 8 තෙක් අපේක්ෂකයින්ගේ වියදම කෝටි 169 ක්

(බිඟුන් මේනක ගමගේ) 

ජනාධිපතිවරණ අපේක්ෂකයන් සිය ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ඉකුත් ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 8 දක්වා කාලය තුළ රුපියල් කෝටි 169 ක් වැය කර ඇතැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් රුපියල් කෝටි 91 ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් රුපියල් කෝටි 70  ක් හා ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් රුපියල් කෝටි 5.7 ක් මෙලෙස වියදම් කර ඇතැයි එහි ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.

ජනසත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමි රුපියල් ලක්ෂ 60 ක් ජාතික ජනතා ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක ජනරාල් මහේෂ් සේනානායක මහතා රුපියල් ලක්ෂ 20 ක් වශයෙන් මෙම පිරිවැය දරා ඇත.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මැතිවරණ මූල්‍යකරණ අංශය විසින් මෙම ප්‍රචාරණ වියදම්වලට අදාළ වාර්තා සකස් කරනු ලැබී යැයි ද මංජුල ගජනායක මහතා කීවේය.

මෙම ප්‍රචාරණ වැය ඇස්තමේන්තුගත කිරීම්වලට අනුව නොවැම්බර් 6 වැනිදා සිට 8 වැනිදා දක්වා දින දෙකක කාලයේදී රුපියල් කෝටි 27 ක් වාර්තා වීම විශේෂත්වයක් යැයි ද ඒ අනුව ජනාධිපතිවරණ ප්‍රචාරණයේ අවසන් දින කීපයේ වියදම් වේගයෙන් ඉහළ යනු ඇතැයි ද ගජනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (2)

ඔක්තෝබර් 14 සිට නොවැම්බර් 8 තෙක් අපේක්ෂකයින්ගේ වියදම කෝටි 169 ක්

රවින් Monday, 11 November 2019 02:03 PM

මෙහෙම වියදම් කරලා බලයට ආපුගමන් ආපහු වියදම පියවා ගන්න ක්‍රම හා විදි හොයනවා. කාටද පිස්සු? ඡන්දය දෙන අපිද? ඡන්දය ලබාගන්න පොරකන කට්ටියද?

:       0       0

Rohana Monday, 11 November 2019 04:37 PM

මෙන්න මේවා තමයි සැබෑ ආයෝජන. වෙනසකට තියෙන්නේ දිනන කෙනාටයි ඔක්කොම ප්‍රතිලාභ ගලාගෙන එන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ජනාධිපතිවරණය 2019

භාණඩ 10ක ආනයන සීමා ලිහිල්වේ
2022 දෙසැම්බර් මස 20 4753 2

තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.


එංගලන්තයට ලකුණු 20 ක ජයක්
2022 නොවැම්බර් මස 01 1010 0

නවසීලන්තයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී අද (01 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය.


උල්හිටිය ජලාශයේ වාන් දොරටු හතම විවෘත කරයි
2020 ජනවාරි මස 22 260 0

ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම අද (22) විවෘත කර තිබේ.


ගව රංචුවක ගැටුණු යතුරුපැදිකරු මරුට
2020 ජනවාරි මස 05 349 0

පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ මනතිව් ප්‍රදේශයේ දී අද ( 5 ) ගවයින් රංචුවක ගැටුණ යතුරු පැදි කරුවකු මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.


සැමියාගේ පිහි පහරින් බිරිය මරුට
2019 දෙසැම්බර් මස 17 3868 2

කෑගල්ල මහාධිකරණය ඉදිපිටදී සැමියාගේ පිහි පහරට ලක් වූ බව කියන බිරිද (30) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.


සජිත් ප්‍රේමදාස
2019 නොවැම්බර් මස 14 6636 6

සජිත් ප්‍රේමදාස


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 27 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1294 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site