‘පිත්තල ගිනි උදුන මත වූ යකඩ කේතලය ගෙන ඇය තේ හැදුවා ය. තේකොළ මෙන් ම ඉස්තරම් ලෙස එය පැසෙන ආකාරය තැනට සහ අවස්ථාවට විස්මය ජනක ලෙස ඉස්තරම් විය. එය මහලු එගුචි සන්සුන් බවට පත් කරන්නට තරම් ප්‍රබල විය. කාමරයෙන් වෙන් වූ ලතා ගෘහයේ කවායි ග්යෝකුද්ගේ සිසිරයේ කොළ පැහැයෙන් වර්ණිත කඳුකර ගමක චිත්‍රයක්.බොහෝ දුරට ප්‍රති නිර්මාණය කළ එකක් විය හැකි ය.එල්ලා තිබිණි. කාමරයේ අසාමාන්‍ය රහසක් තිබේ යැයි ඒ කිසි දෙයකින් හැඟ නොවිණි.
“අනික කරුණාකරලා කෙල්ලව ඇහැරවන්න නම් ලෑස්ති වෙන්න එපා. ඔහේ මොනව කරත් ඒකිව ඇහැරවන්න පුළුවන් වෙනවට නෙවෙයි කීවෙ. ඒකි ඉන්නෙ මෙලෝ හසරක් නැති තද නින්දෙ”
ගැහැනිය නැවත කීවාය: “මුල ඉඳල අවසානෙ වෙනකම්ම මෙලෝ දෙයක් නොදැන එයා දිගට ම නිදා ගෙන හිටීවි. එයා එක්ක හිටියෙ කවුරුද යන එක එයා කොහොමටවත් දන්නෙ නෑ. ඒ හින්දා ඔහේට බය වෙන්න දෙයක් නෑ. ”
සිතට නැගෙන සංකා පිළිබඳව එගුචි කිසිත් නොකී ය.
“ඒකි හරිම හැඩකාර කෙල්ලක්. මං මෙහේට වැද්දගන්නෙ හොඳට දන්න කියන විශ්වාසවන්ත අමුත්තො විතරයි.”
ගැහැනිය ඉවත බැලුවා ය. “දැන් වෙලාව කීය ද? ”
එගුචිගේ දෙනෙත් සිය අත් ඔරලෝසුව වෙත යොමු විය. “එකොළහට කාලයි.”
“මට ඒ ගැන හිතන්න තිබුණා. වයසක මහත්තුරු ඉතින් කලින්ම ඇඳට වැටිලා උදෙන් ම නැගිටින්නනේ කැමති. ඔහේ ලෑස්ති වුණු ගමන් මට කියන්න.”
ගැහැනිය නැගිට ගොස් යාබද කාමරයේ දොර හැරියා ය. ඇය එසේ කළේ වමතිනි. ඒ ක්‍රියාවේ කිසිම විශේෂත්වයක් නොතිබුණ ද එගුචි ඒ දෙස හුස්ම නාල්ලා බලා සිටියේ ය. ඈ අනෙක් කාමරය පරීක්‍ෂා කළා ය. ඇය දොර අස්සෙන් එබී බලන්නට පුරුදු ඇතිවාට කිසිදු සැකයක් නොමැත.
යාබද කාමරය යාන්තමින් ආලෝකමත් ව ඇති බව පෙනෙන්නට තිබිණි. ගැහැනිය කාමරයේ දොර අගුල් නොදා වසා යතුර මේසය මත තැබුවා ය. ඇය පිරික්සා බැලුවේ රහස් කාමරයක් ය යන වග ඈ හැසිරුණු ආකාරයෙන් හෝ ඇගේ කතාා විලාසයෙන් පෙනෙන්නට නොතිබිණි.
“මෙන්න යතුර.” ගැහැනිය කීවා ය. “ඔහේට හොඳට නින්ද යාවි කියල මං හිතනවා. ඔහේට නින්ද යාම හොර නම් කොට්ටෙ යට නින්ද යන්න බෙහෙත් තියෙනවා. ”
“ඔහේ ළඟ බොන්න මොනවහරි තියෙයි? ”
“මං ලිකර් තියා ගන්නෙ නෑ.”
“නින්ද යන්න මට මොකවක් බොන්න බැරිද?”
“බෑ.”
“කෙල්ල අල්පු කාමරේ ද?”
“ඒකි නිදි. ඒකි ඔහේ එනකම් ඉන්නේ.”
“ඕ ” එගුචි තරමක් මවිත විය. යුවතිය යාබද කාමරයට පැමිණියේ කොයි මොහොතේ ද? ඇය එහිම රැඳී නිදා හුන්නා ද? යුවතිය නිදියමින් බලා හිඳිනා බවත්, එහෙත් ඇය අවදි නොවන බවත් තමා දන්නා හඳුනන මෙහි නිතර ආගිය අතීත පාරිභෝගිකයකුගෙන් එගුචිට දැන ගන්නට ලැබී තිබිණි. එහෙත් ඔහු දැන් එතැන සිටියේ එය විශ්වාස කළ නොහැකි පරිද්දෙනි.
“ඔහේ ඇඳුම් ගලවන්නේ කොහේ ද?” ඇය සිටියේ ඔහුට උදව් කරන්නට සූදානමින් මෙනි. ඔහු නිහඬ ව සිටියේ ය. “රැල්ල ගහන සද්දෙටයි, හුළඟටයි කන් දීගෙන ඉන්න.”
“රැළි?”
“සුබ රාත්‍රියක්.” ඇය ඉවත් ව ගියා ය.
එගුචි යතුර අතට ගත්තේ ය. අනතුරුව ඔහු යාබද නාන කාමරයට ඇතළු විය යුතු ව තිබිණි. එහෙත් හේ හිටි තැනම හිඳ සිටියේ ය. එය ගැහැනිය පැවසූ පරිදි ම විය. රළ හඬ ඉතා දරුණු විය. පෙනෙන්නට තිබුණේ රළ පැමිණ කඳු බෑවුමේ වදින බවයි. මේ නිවස පිහිටා තිබෙන්නේ කඳු බෑවුමේ කෙළවරෙහි වන්නට ඇත. ඔහු පැමිණියේ ඇඳිරි වැටුණාට පසුව වන හෙයින් මෙතැන තිබෙන්නේ කවරාකාර ගමක ද යන්න ඔහුට දැන ගත නොහැකි විය. මෙය අතීතියේ වලව්වක් වැනි ප්‍රභූ නිවෙසක් ව තිබෙන්නට ඇත. මේ නිවහනේ පවතින දෙයක් නිසාවෙන් හෝ මහලු එගුචි තුළ වූ කිසියම් දෙයක් නිසාවෙන් හෝ සිසිරය ළඟ එන බව කියන සුළඟේ හඬ ඔහු සවනට තදින් දැනිණ. එතුළ වූයේ එක් ගිනි උදුනක් පමණක් වූ නමුත් කාමරය උණුසුම් කරන්නට එය ප්‍රමාණවත් සෙයකි.’
මේ යසුනරි කවබතාගේ ‘නමුරෙරු බිජො’ නම් ජපන් නවකතාවේ ඉංගිරිසි පරිවර්තනය වන House of the Sleeping Beauties නම් කෙටි නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉතා කෙටි මේ නවකතාව කරුණු දෙකක් නිසා මතකයේ රැඳෙයි. පළමුවැන්න නම් එහි අන්තර්ගතය අපට සපුරා ආගන්තුක වීම ය. දෙවැන්න වචන තිස් දාහක් තරම් විය හැකි සීමාව තුළ එය අපේ සිතිවිලි පරාසය පුළුල් කරන ප්‍රමාණය නිසා ය.
නිදි කුමරියන්ගේ නිවහන යනු නෂ්ටකාමයෙන් මෙන්ම ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන මහලු මිනිසුන් උදෙසා පවත්වාගෙන වෙනස් ආකාරයක නිවාසයකි. කෙසේවෙතත් එය ස්පා එකක් නොවේ.
මෙහි සාමාජිකත්වය ඇති පිරිමින්ට ඊට පිවිසී නින්දේ සිටින නිරුවත් සුරූපිනියක් සමඟ රැයක් පුරා වැතිර සිටිය හැකිය, නැතහොත් නිදා ගත හැකිය. මේ සුරූපිනියන් මළාසේ නිදිය. ඔවුන් එසේ සිටින්නේ කිසියම් මත්වන සුලු රසායනයක් ශරීර ගත කරනු ලැබ ඇති නිසා ය.
ඔවුන් සමඟ සැතපෙන්නට එන වෘද්ධයන්ට සුවෙන් නිදන්නට අවශ්‍යනම් නිදි පෙති ද සැපයේ.
මේ කතාව අපට කියන එගුචි 67 හැවිරිදි පුද්ගලයෙකි.
මේ සියලු කෙල්ලන් කන්‍යාවන් බව ඔහුගේ විශ්වාසයයි. ඔවුන්ගේ සිරුරුවල කොතැනකවත් ලප, කැළැල්, ඉන්නන් වැනි දෑ නොමැති බව එගුචි කියයි.
පළමුවන රාත්‍රියේ ඔහු සැතපී සිටින සයනයේ අනෙක් අනෙක් පස සිටින තරුණිය ලාබාල දැරියක් බව පෙනේ. ඇයගෙන් ඔහුට දැනෙන්නේ කිරි සුවඳකි. එය සිය මිනිපිරිය සමීපයේ ඇති සුවඳ බව ඔහු සිතයි.
‘තරුණිය නිරුවතින් ම කාමරයට පැමිණෙන්නට ඇතැයි යන සිතිවිල්ලෙන් ඔහු සලිත විය. ඇය තබා තිබුණේ බලා සිටින්නට ය. ඇය නින්දට පත් කරන්නට ඇත්තේ ඒ අරමුණ ඇතිව ය. එය අලුත් හෝ විමතිය කැඳවන හෝ දෙයක් නොවී ය. තරුණිය ඔහුට ගෙන ආයේ ළදරුමය සුවඳකි. එය තරුණියකගේ සුවඳකට වඩා කිරිදරුවකුගේ සුවඳක් විය. එහෙත් ඇයට කිරිදෙන දරුවකු සිටියා නම් ඇගේ පියොවුරු එල්ලා වැටිය යුතු ය. තනපුඩුවලින් කිරි වෑස්සිය යුතු ය....’
මෙලෙස ඔහු දින පහක් එතැනට යයි. ඔහුට එක් තරුණියක් දෙවරක් හමු නොවේ. බොහෝ විට ඔහු මේ නිරුවත් කන්‍යාවන් සමීපයේ වැතිරී සිය අතීතය මෙනෙහි කරයි. ඔහු, ඔවුන්ගේ සිරුරු ඇසුරින් සිය දියණියගේ, බිරිඳගේ මෙන්ම මවගේ ද සිරුරු ගැන මෙනෙහි කරයි.
‘ඔහු ඇගේ පියොවුරක් ස්පර්ශ කළේ ය. එය තම අතින් මෘදු ලෙස අල්ලා ගෙන සිටියේ ය. ඒ ස්පර්ශයෙන්, මේ පියොවුරු, තමා පිළිසිඳ ගන්නට පෙර තම මවගේ ඒවා වැනි ය යන හැඟීමක් ඇති විය. ඉන් පහර කෑමක් වැනි යම් අමුතු දෙයක් එක් වර සිදු විය. ඔහු තම අත වහා ඉවතට ඇද ගත් නමුත් ඒ හැඟීම ඔහුගේ පපුවේ සිට උරිස දක්වා ගමන් කළේ ය.’
යව්වනියකගේ රහස් තැන පවතින ඒ සුන්දරත්වය, ඇගේ ආත්මයේ සුන්දරත්වය ම බව එගුචි මෙනෙහි කරයි.
ජීවිතාස්තංගතයේ දී සුන්දර නිරුවත් කන්‍යාවන් සය දෙනෙකු සමඟ අවස්ථා පහක දී නිදිවර්ජිත ව රැය පහක් පහන් කරමින් සිතිවිල්ලේ නිමග්න වැ සිටින්නකු දකින, සිතන, ආවර්ජනය කරන දෑ මෙහි කියැවිය හැකි ය.
කෙසේ වෙතත් තමා තුළ තවමත් හැකියාව ශේෂව පවතින බව එගුචි කියයි. තරුණියක් තමා නිසා ගැබ් ගතහොත් ඇය ප්‍රසූත කරන දරුවා සමඟ පාරේ යනවිට මුණ ගැසුනත් තමාට හඳුනා ගගන්නට බැරිවනු ඇති නේද’යි ඔහු සිතයි. ඔහු ඍජුව ම නොකීවද එක් රැයක එක් තරුණියකට එගුචි ‘කිසිවක්’ කරන්නට ඇති බව මෙයින් අපට වැටහේ.
එක් දිනෙක එගුචිට දැන ගන්නට ලැබෙන්නේ, පෙර දිනයේ නිදි කුමරියන්ගේ නිවහනට ඇතුළු වූ තමාටත් වඩා වියපත් අයෙක් එහිදී මරණයට පත්වූ බවයි. ඒ ගැන විමසන ලදුව නිවාස පාලිකාව එය සත්‍යයක් බව සනාථ කරන්නීිය. මැරුණු මිනිසා සමඟ එදා යහනේ සිටි තරුණියගේ පපුවේ සීරුම් තුවාල තිබූ බව ද ඇය පවසයි. මිනිසාගේ දේහය රැයේ ම තානායමක් කරා මාරු කර යවනු ලදුව පසුදින අවමගුල් කටයුතු සිදු කරනු ලැබිණ.
අවසාන දිනයේ නිවහනට යන ඔහුට තරුණියන් දෙදෙනකු ම ලැබේ. එකියක් කළු වන අතර අනෙකිය සුදුය. එදා රැයේ කළු තරුණිය මිය ගොස් සිටිනු ඔහු අනාවරණය කර ගනී. එය කෙසේ සිදු සිදු වූවාදැයි අපි නොදනිමු. නිවාස පාලිකාව මළ සිරුර සුපුරුදු ලෙස තානායමට යවා අනෙක් තරුණිය සමග රෑ පහන් කරනු ලෙස ඔහුට දන්වයි.
කතාවේ අවසානයේ මෙසේ ය:
‘ඇය කාලවර්ණ තරුණිය පහළ මාලයට ඇදගෙන යනු ඔහුට ඇසිණි. තම රාත්‍රී කිමෝනාව හැඳ නැගිට සිටි ඔහුට පළමු වරට තමා මත සීතලක් තිබෙනු දැනිණ. සුදු පෙති දෙකක් සමග ගැහැනිය නැවත පැමිණියාය.
”ආ, මෙන්න හෙට දවල් වෙනකම්ම නිදියගන්න”
”අපොයි” ඔහු කාමරයේ දොර ඇරියේ ය. ඇඳ ඇතිරිලි කලබලයෙන් ඇද දමා තිබූ පරිදිම විය. පැහැපත් තරුණියගේ නිරුවත් රුව සුන්දරත්වයෙන් දිළිසෙමින් තිබිණි.
ඔහු ඈ දෙස බලා සිටියේය.
මොටෝ රියක් ඉවතට ඇදී යනු ඔහුට ඇසිණි. ඇසෙන බොහෝ දුරට ඒ කාලවර්ණ තරුණියගේ සිරුර සමඟ විය යුතුය. එය රැගෙන යන්නට ඇත්තේ මහලු ෆුකුරා රැගෙන ගිය සැක සහිත තානායමට ම ද?”
කවබතා මේ කෙටි කෘතියෙන් අපට ගෙන එන්නේ අපූර්ව අත්දැකීමකි.
මෙහි සුන්දරත්වය හා අජූව, නව යොවුන් බව හා අතීත යව්වනය සහ ජීවත් වන බව සහ මියගිය බව යන ඒවායේ විසදෘෂතාව මැනැවින් නිරූපණය වන බව විචාරක මතයයි.
මේ ඇසුරින් චිත්‍රපටයක් ද නිර්මාණය වී ඇතත් එය එතරම් සාර්ථක වී නැත. සිය ‘මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක’ නම් කෙටි නවකතාවේ කතා න්‍යාසය ගොඩ නැඟණේ මේ අභාසයෙන් බව මාකේස් සටහන් තබා ඇත’යි සඳහන් ය.
ජනතා විමුක්ති පෙරමුණ ලෙස පසුව නාමකරණය වූු දේශපාලන කණ්ඩායම මුල දී හඳුන්වා ගනු ලැබුවේ ’ලයින් එක’ නමිනි. ජනතාවට එය චේ කල්ලිය විය. චේ කල්ලිය ඒ දවස්වල නවක සා
’වසර ගණනාවකට පසු තමාට වෙඩි තැබීමට සූදානමින් සිටි භට පිරිසකට මුහුණලා සිටියදී කර්නල් අවුරෙලියානෝ බුඑන්ඩියාට තම පියා මුල්වතාවට අයිස් දැක බලා ගැනීමට තමා
’ඒ දැනට තිස් වසරකට පෙරය. දෙදෙනාම එල්ලයක් සහිතව සිටි තරුණ වියේය. ඊයේ මත්සුදා වෙනස් ම කෙනෙක් ලෙසිනි මා දුටුයේ. ඔහුගේ කය අයහපත් සෞඛ්‍ය තත්වය නිසා බිඳ වැටී ත
’සෑම විටම තමාගේ තත්වය හා නම්බුව ගැන තොම්සන් කල්පනා කළේය. මේ අනුව තමන් අතින් කරන්නට සුදුසු ඉස්තරම් කටයුතු කිහිපයක් පමණක් ඔහු තමා වෙත තබා ගත්තේය.
’ඒක අහවරයි. - ඒක වුණා - කියන්න දෙයක් නෑ. මම, මලෝති මුඛර්ජි, කාගෙ හරි බිරිඳක්, කාගෙ හරි අම්මා - මම ඒක කළා. ජයන්තෝ එක්ක ඒක කළේ. ජයන්තෝට මාව ඕන වුණා, මට එයාව... ඒක කොහ
’’මම ජී කෙනෙක් නෙවෙයි. ඕජාජී, මම සපත්තු මහන චමාර් කුලේ දුප්පත් කොල්ලෙක්. මට කියලා ඉඩම් අඟලක්වත් නෑ. ඉස්සර පොඩි ඉඩම් කෑල්ලක් තිබුණා. ඒත් ඉඩම් හිමියා බලෙන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නිදි කුමරියන්ගේ නිවහන