මාරියෝ වර්ගාස් යෝසා
අසාර්ථක ගැටවර ප්‍රේමයක සහ මෙන් ම අසාර්ථක පොලිස් විමර්ශනයක කතාවකි මේ.
'මඳ වේලාවකට පසු කුරිරු පෙනුමැති ඉලන්දාරියා ඔහු කරා පැමිණියේ ය.
"අපිත් මේ වැඩේට කැමති නෑ." ඔහු ගොළුවාගේ උර මත අතක් තබා සංවර ලෙස පැවසී ය."මේක ඉහළින් ආපු අණක්. මේ රක්ෂිතය අයිති සතුරට.අපේ වගේ ම උඹලගෙත් සතුරට. අධිරාජ්‍යවාදීන් සැලසුම් කරල හදන රක්ෂිතයක්. උන්ගෙ ලෝක පරිමාණ උපාය මාර්ගය අනුව උන් අපට පවරල තියෙන කාර්යභාරය මේකයි. පෙරුවියානුවෝ විකුනාවෝ ඇති කරනවා. එතකොට අධිරිජ්‍යවාදින්ගෙ විද්‍යාඥයන්ට මේ සතුන් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ වගේ ම උන්ගෙ සංචාරකයන්ට ෆොටෝ ගන්නත් පුළුවන්. ඉතිං උන් ගැන කියනවා නම් ඇත්තටම උන් මේ සත්තු තරම්වත් වටින්නෙ නෑ."
"තාත්තා පැංචො, උඹ මෙහේ දාල පලයං" එක් කෙල්ලක් කුවේචුවා බසින් කීවා ය.
"පොලිසිය එයි, සොල්දාදුවො එයි, මූණිස්සමක් උඹේ ඔළුවට බස්සන්න කලින් උන් උඹට පයින් ගහලා උඹේ අංග ජාතක කපලා දායි, මෙහෙන් පලයං, පලයාං, සමහර විට දැන් උඹ තේරුම් නොගත්තු දේ අන්න එතකොට නම් යස අගේට තේරුම් ගනියි" මැරුණු විකුණාවන් දෙස බලමින් සිගරට්ටුවක් උරන අතරේ ඉලන්දාරි මිනිසා කීවේය. "මේක ඇවිල්ලා යුද්දෙ. ඒ හන්ද කිසිම කෙනෙකුට මේක තමුන්ගෙ වැඩක් නෙවෙයි කියලා කියන්න බෑ. ඒක හැමෝගෙම වැඩක්. වෙන එකක් තියා ඒක ඇවිල්ලා ගොළුවන්ගෙ, බීරන්ගෙ, මෝඩයන්ගේ පවා වැඩක්. සිංඤෝර්ලා ඉවර කිරීම සඳහා වූ යුද්ධයක්. එතකොට ආයෙ කිසිම කෙනෙකුට තව එකෙක් ඉස්සරහා දණින් වැටිලා අත ඉඹින්න වෙන්නේ නෑ"
ඔවුහු එදා මුළු සන්ධ්‍යා වරුවම සහ රාත්‍රියම එහි නැවතී උන්නෝය. ඔවුන් ආහාර පිසිණු සහ මාවතට මුහුණලා පිහිටි බෑවුම්වල මුරකාවල් යොදනු ටින්කෝ දිටීය. හරියට විකුණාවන් මෙන් කඳුකරයේ ගුහා තුළට වැද එකිනෙකාට තුරුළුව සලු පොරවා ගෙන ඔවුන් නිදන හඬ ඔහුට ඇසුණේය. සොල්දාදුවන්ගෙන් මැරුම් කෑමට වුවමනාවක් නැත්නම් වහා එම පළාතෙන් පිටව යන්නයි ඔහුට පවසමින් පසුදා උදේ ඔවුන් පිටව ගිය පසුව ද ඔහු ගොදුරු ගසා කන පක්ෂීන් සහ මිනී කුණු බුදින පක්ෂීන් වසා සිටි, මියගිය විකුණාවන් විසින් වට කරන ලද, මිනිය නොහැකි මේ අලුත් අබිරහස වටහා ගත නොහැකිව පින්නෙන් තෙත් වුණු සිරුරෙන් හා අයා ගත් මුවෙන් යුතු ව තවදුරටත් එහිම රැඳී සිටියේය.'
ඒ උධෘතය ගත්තේ චූලානන්ද සමරනායකගේ 'අන්දීසයේ මරණය' නම් පරිවර්තන කෘතියෙනි. එහි මුල් කෘතිය වන Lituma en los Andes රචනා කොට ඇත්තේ පේරු ජාතික මාරියෝ වර්ගාස් යෝසා විසිනි.
1952 සිට නිර්මාණකරණයේ යෙදෙන මාරියෝ වර්ගාස් යෝසා (1936 මාර්තු) මේ වනවිට නවකතා විස්සක්, නාට්‍ය නමයක් සහ වෙනත් කෘති විසි හතරක් රචනා කොට ඇති ලෝක පූජිත ලේඛකයෙකි. ලොව විවිධ රටවලින් සම්මාන හා ත්‍යාග බොහෝ ගණනක් දිනා ඇති ඔහු 2010 වසරේ නෝබල් සාහිත්‍ය ත්‍යාගයෙන් පිදුම් ලැබී ය.
1993 දී ඔහු විසින් සිය 12 වැනි නවකතාව ලෙස ලියන ලද මේ කෘතිය එඩිත් ග්‍රොස්මාන් විසින් Death in the Andes නමින් ඉංගිරිසියට පර්වර්තනය කැර ඇති අතර එහි සිංහල පරිවර්තනයයි අන්දීසයේ මරණය.
එඩිත් ග්‍රොස්මාන් යනු ස්පාඤ්ඤ බසින් ලියැවුණු කෘති ඉංගිරිසියට පරිවර්තනය උදෙසා අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලද ලේඛිකාවකි. මාකේස්, සර්වන්තෙස් ඇතුළු ලතින් අමෙරිකානු ලේඛකයන්ගේ කෘති හතළිහකට අධික සංඛ්‍යාවක් ඇය විසින් ඉංගිරිසියට පරිවර්තනය කොට ඇති බව පැවසේ.
විචාරකයන්ට අනුව මෙය ඔහු විසින් 1986 දී රචිත Quién mató a Palomino Molero? (ඉංගිරිසි -Who Killed Palomino Molero? )නවකතාවේ අනුගාමී කෘතියයි.
එහෙත් මා එය කියවා නැත. මෙහි එන කෝප්‍රල් ලිටුමා එම කතාවේ ද සිටින බව පැවසේ.
1962 දී, දුරස්ථ පේරු ගම්මාානයක් වන උචුරැකේ හි ගම්වැසියන් විසින් මාධ්‍යවේදීන් අට දෙනෙකු සමූල ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ කාර්ය සාධක බළකායක් වන විමර්ශන කොමිසමට සම්බන්ධ වන ලෙස පේරු ජනාධිපති Fernando Belaúnde Terry වර්ගාස් ලෝසාගෙන් ඉල්ලා සිටියේය. මේ අත්දැකීම 'පලෝමිනෝ මොලෙරෝ ඝාතනය කළේ කවුද?" සහ 'අන්දීසයේ මරණය' යන නවකතා දෙක නිර්මාණය කරන්නට ඔහුට ඉවහල් වූ බව යෝසා වරෙක මාධ්‍ය හමුවක දී පවසා තිබේ.
පොලිස් විමර්ශන නිලධාරියකු වන ලිටුමා අන්දීසයේ හෙවත් ඇන්ඩීස් කඳුකරයේ ග්‍රාමීය නගරයක් වන නැකෝස් වෙත මාරු කර යවා ඇත්තේ අතීත අසාර්ථකත්වයකට ද දඬුවමක් වශයෙනි. කෝප්‍රල් ලිටුමා සහ ඔහුගේ සහායක ටොමාස් කැරෙනෝ ඉදිකිරීම් සහ පතල් කම්කරුවන්ගෙන් පිරුණු නාකොස් හි සිට කරන විමර්ශනයක් ලෙසින් මේ කතාව දිග හැරේ.
ඒ පෙදෙසේ මිනිස්සු තිදෙනෙක් තුන් වරකදී අතුරුදන් වෙති. ලිටුමා සහ ටොමාස් කැරෙනෝ පරීක්ෂණ පවත්වන්නේ ඒ ගැන ය. මාඕවාදී කල්ලියක් වන Shining Path ( Spanish꞉ Sendero Luminoso)ගැන ඔවුහු මුලින් සැක කරති. එය බොහෝ දරුණු සනද්ධ කණ්ඩායමක් බව ඔවුන් නොදන්නවා යයි සිතිය නොහැකි ය.
පොත ආරම්භ වන්නේ පේරු හමුදාව කෝප්‍රල් ලිටුමා නාකෝස් වෙත යවන සිද්ධියත් සමගිනි. වෙරළ තීරයේ ප්‍රධාන නගරයක් වන පියුරාහි උපත ලද්දකු වන ඔහු බලාපොරොත්තු වන්නේ සිය පැවැත්මේ සංක්‍රාන්තියකි. නාකෝස් හි ඉන්දියානු ජනයාගෙන් බහුතරයක් කතා කරන්නේ ඔහුගේ මවුබස වන ස්පාඤ්ඤ නොව ප්‍රාදේශික බසක් වන කෙචුවා පමණක් බව ඔහු තේරුම් ගන්නා අතර ඉන් සැකයට අදාළ පළමු තහවුරු කිරීම ලැබෙයි. භාෂා බාධකය අභිභවනය කරන්නට ලිටුමාට මෙම කලාපයේ හැදී වැඩුණු දෙවැනියා වන කැරෙනෝ මත යැපෙන්නට සිදුවෙයි. දැන් ඔහු දෙදෙන පෙරකී අතුරුදහන් වීම් පිළිබඳ තොරතුරු රැස් කරති.
පේරු කොමියුනිස්ට් පක්ෂය වන සෙන්ඩෙරෝ ලුමිනෝසෝ පේරු ජාතිකයන් භීතියට පත් කළ අසම්බන්ධිත සිදුවීම් කිහිපයක් පැහැදිලි කරමින් කථකයා ප්‍රදේශයේ පවතින භීෂණ වාතාවරණය සන්දර්භගත කරයි. මානුෂීය ව්‍යාපෘතියක වැඩ කරන ප්‍රංශ සංචාරකයන් දෙදෙනකු සහ පරිසරවේදීන් පිරිසකට අමානුෂික හා ගල් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ උදාහරණය ඔහු සපයයි. මෙම අතුරුදන් වීම් තුන ඔවුන්ගේ සීනෝෆෝබියාව (බැහැරින් පැමිණෙන පුද්ගලයන් කෙරෙහි ඇති වන දැඩි ද්වේශය) නිසා සිදුවූ ඒවා ලෙස අර්ථ දැක්විය හැකි ය. මන්දයත් එසේ අතුරුදන් වූවන් පිටස්තරයන් ලෙස පහසුවෙන් අර්ථ දැක්විය හැකි නිසා ය. අතුරුදන් වූවන් අතරින් එකෙක් ගොළුවකු වන පෙඩ්රෝ ටිනෝකෝ නම් අහිංසකයකු වන අතර ඔහු කෝප්‍රල්ට උදව් කරන්නෙකි. තවත් කෙනෙක් ඇලි ලක්ෂණ පෙන්නුම් කළ කැසිමිරෝ හුආර්කායා නමැත්තෙකි. ඔහු පිටස්තරයකු බවට පත්වි තිබුණේ ඇලි ලක්ෂණ නිසා ය. තෙවැන්නා නව මාර්ගය ඉදිකිරීමේ කටයුතු බාරව සිටින බැහැරින් ආ ෆෝර්මන් ය. පිටස්තරයින්ට සෙන්ඩරෝවරුන්ගේ ප්‍රතිවිරෝධී බියක් ඇත. එනිසා මේ මිනිමැරුම් ගැන ඔවුන් කෙරේ සැකය එල්ල වෙයි.
පෙඩ්රෝ ටිනොකෝ අතුරුදන් වන්නේ ඇන්ඩ්රියෝගේ අවන්හලෙන් රෑ අහර ගෙන ඉන් පිටව ගියාට පසු ය.
මේ අතර කැරෙනෝ මර්සිඩීස් නම් ප්‍යුරා ගෝත්‍රික තරුණියක් සමග පෙමින් වෙළී සිටියි. ඔහු ඇයට වධ දුන් ඇගේ පෙර පුරුෂයා මරා ඇය තමා සතු කැර ගනී. ඔහු මුළු හදින් ඇයට පෙම් කළ ද ඇගේ සිතේ ඔහු ගැන එබඳු අදහසක් නැත. ඒ වනාහි ඒක පාර්ශ්වික ගැටවර ප්‍රේමයකි. එය වටහා ගන්නා ලිටුමා සිතන්නේ මේ තරුණිය ගණිකාවක් කියා ය. එහෙත් එසේ නොවන බවත් කැරිනෝ විසින් මරා දමන ලද්දේ තමා එකට ජීවත් වූ මිනිහා බවත් ඇය කියයි. කැරිනෝ, ලිටුමා සමග ඇය ගැනත් තමාගේ ආදරය ගැනත් නිතර විස්තර කරයි. ලිටුමා ද ඒවා රස කරමින් අසා සිටිනු කියැවිය හැකි ය.
මෙහි දී පාඨකයාට නවීකරණය වූ වර්තමාන පේරු වැසියන් සහ ඉන්කාවරුන්ගෙන් පැවත එන අතීත පේරු ඉන්දියානු ගෝත්‍රිකයන් අතර වෙනස වටහා ගත හැකි වනු ඇත.
අන්දීස් කඳුකරයේ පිශ්ටාකෝ නම් අදිසි බලවේග වෙසෙන බවට විශ්වාසයක් පවතී. ඒ බලවේග නොයෙක් ආකාරයෙන් මිනිසුන්ට වින කටියි. මිනිසුන් පණපිටින් සිටිය දී රීරි මාංශ උරා බී මැරෙන්නට සැලැස්වීම එක් ආකාරයකි. එහෙත් ඉහත සඳහන් අතුරුදන්වීම් පිශ්ටාකෝවා වැඩ නොවන බව ලිටුමා සහ කැරෙනෝ වටහා ගනිති. ඒවා මිනීමැරීම් ය.
සෙන්ඩෙරෝ මිලීෂියාව එක් දිනෙක පතල් ඇති ගම්මානයට කඩා වැදී ඇතැම් අවකල්ක්‍රියාවල යෙදුණු බවට චෝදනා එල්ල වූ ගම්මුන්ට දඬුවම් නියම කරයි. එහෙත් ඔවුන්ට අවශ්‍යම පුද්ගලයා වූ උප ආණ්ඩුකාර දොන් මෙඩාර්ඩෝ ලන්ටැක් පලා යයි.
මේ අතර ඒ අඩවියේ අවන්හල පවත්වා ගෙන යන ඩයොනීසියා නම් තක්කඩියා, ත්‍රාඩයා සහ මැරයා අහිංසකයකුගේ වේශයෙන් ලිටුමා සහ ටොමාසිටෝ ඇසුරු කරයි. ඔහුගේ බිරින්දෑ වන ඇන්ඩ්රියා ද තක්කඩි ගැහැනියක් බව කිව හැකි ය. ඇයට අනාවැකි කීමේ සහ ගුප්ත වැඩ කිරීමේ හැකියාවක් ඇතැයි පිළිගැනේ. කෙසේවෙතත් පරීක්ෂකයන්ගේ සැකය දිගටම ඔවුන් වෙත එල්ල වී පවතී.
මර්සිඩිස් පලා යයි. ළාමක ගැටවරයකු වන කැරිනෝ බොහෝ ශෝකයෙන් පීඩිතවේ.
දිනෙක ඔහුගේ ගෝඩ් ෆාදර් මෙන්ම ඔවුන් දෙනොගේ ම ප්‍රධානියා ද වන නිලධාරියා ඔවුන් හමුවට පැමිණෙයි. ඹහු ඔවුන්ගේ විමර්ශනයේ තත්වය ගැන විමසයි. කිසිවක් අනාවරණය කැර ගන්නට නොහැකි වූ බව ඔවුහු පවසති. තත්ත්වය වටහා ගන්නා නිලධාරියා ඔවුන් දෙදෙනාට මාරුවීම් ලබා දෙන බවට පොරොන්දු වෙමින් මූලස්ථානයට යයි.
ලිටුමෝට සාජන් ලෙස උසස්විමක් ලැබෙන අතර දෙදෙනාටම ස්ථාන මාරු ලබා දෙන පණිවුඩය ලැබේ. ඒ අනුව ඔවුහු නැකෝස හැර යන්නට සූදානම් වෙති.
හෙට ඔවුන් පිටත්ව යන්නේ නම් අද සවස මර්සිඩීස් පෙරළා පැමිණේ. ඇයට සහ කැරිනෝට තමන්ගේ කාමරය දී ලිටුමා අවන්හල වෙත යයි. එහි දී ඔහුට ඇන්ඩ්රියෝ සාදයක් පිරිනමයි.
කෙසේවෙතත් ඔවුන්ට මිනීමරුවන් කවුරුන්ද කියා සොයා ගන්නට නොහැකි වේ.
පේරු හි පසුගිය සියවසේ හැත්තෑව දශකයේ ගිරි හිමපතනයක් (1970 Huascarán Debris Avalanche) සිදු විය. යෝසා මේ කතාවේ ඒ ගැන සඳහන් කරයි. ඊට හසුවන ටොමාසෝ දිවි ගලවා ගන්නේ අසීරුවෙනි. එසේ ම එසමයේ එරට ක්‍රියාත්මක වූ මාඕවාදී ත්‍රස්ත කල්ලියේ භීෂණය ගැන ද මෙහි සඳහන්ය.
මේ කෘතියේ එන චරිතවලට වෙන් වෙන් වශයෙන් කතන්දර තිබේ. එසේම නොයෙක් සංසිද්ධි තිබේ. ඉහත සදහන් ගිරිහිම පතනය, නොයෙක් අභිචාර විධි, අදෘශ්‍ය බලවේග ගැන විශ්වාස - යෝසා ඒ සියලු දෑ ගොනු කොට මේ නවකතාව ඉදිරිපත් කරයි. ඒ අනුව මෙහි වියමන අපූරු ස්වභාවයක් ගනියි.
මෙම නවකතාව ෂයිනිං පාත් ව්‍යාපාරයේ උපක්‍රම සහ අභිප්‍රේරණ දීර්ඝ ලෙස සාකච්ඡා කර අතර ඒවාට අපවාද නගයි. එසේම එය ඔවුන්ගේ ප්‍රචණ්ඩත්වය ජීවිතය ම්ලේච්ඡ ය, මරණය සදාකාලිකය සහ දේවල් යහපත් කිරීමට ලේ වැගිරීම් අවශ්‍ය වේ ය යන අදහස් දැරූ ප්‍රාග් නූතන ලෝකයේ සන්දර්භය තුළ ස්ථානගත කරන අතර ඔවුන්ගේ ගරිල්ලා ප්‍රචණ්ඩත්වය චාරිත්‍රානුකූල මිනිස් බිලි පූජාවලට සංසන්දනය කරයි.
කෝප්‍රල් ලිටුමාට අපුස්, පිෂ්ටකෝස් සහ මුකිස් යනාදී ස්වදේශික පේරු අධ්‍යාත්මිකත්වයේ සමහර අංගවලට මුහුණ දෙන්නට සිදුවේ. නැකෝස් හි අතුරුදන්වීම් පිටුපස ඇති සත්‍යය සොයා ගැනීමට විමර්ශන නිලධාරියකු ලෙස ඔහු දැරූ උත්සාහයේ දී ස්වදේශික ඇන්ඩියන් සංස්කෘතිය පිළිබඳ ඔහුගේ අඩු අවබෝධය සැලකිය යුතු බාධාවක් බව මෙහි කියැවෙයි.
Death in the Andes
සිංහල පරිවර්තනය:
චූලානන්ද සමරනායක
ජනතා විමුක්ති පෙරමුණ ලෙස පසුව නාමකරණය වූු දේශපාලන කණ්ඩායම මුල දී හඳුන්වා ගනු ලැබුවේ ’ලයින් එක’ නමිනි. ජනතාවට එය චේ කල්ලිය විය. චේ කල්ලිය ඒ දවස්වල නවක සා
’වසර ගණනාවකට පසු තමාට වෙඩි තැබීමට සූදානමින් සිටි භට පිරිසකට මුහුණලා සිටියදී කර්නල් අවුරෙලියානෝ බුඑන්ඩියාට තම පියා මුල්වතාවට අයිස් දැක බලා ගැනීමට තමා
’ඒ දැනට තිස් වසරකට පෙරය. දෙදෙනාම එල්ලයක් සහිතව සිටි තරුණ වියේය. ඊයේ මත්සුදා වෙනස් ම කෙනෙක් ලෙසිනි මා දුටුයේ. ඔහුගේ කය අයහපත් සෞඛ්‍ය තත්වය නිසා බිඳ වැටී ත
’සෑම විටම තමාගේ තත්වය හා නම්බුව ගැන තොම්සන් කල්පනා කළේය. මේ අනුව තමන් අතින් කරන්නට සුදුසු ඉස්තරම් කටයුතු කිහිපයක් පමණක් ඔහු තමා වෙත තබා ගත්තේය.
’ඒක අහවරයි. - ඒක වුණා - කියන්න දෙයක් නෑ. මම, මලෝති මුඛර්ජි, කාගෙ හරි බිරිඳක්, කාගෙ හරි අම්මා - මම ඒක කළා. ජයන්තෝ එක්ක ඒක කළේ. ජයන්තෝට මාව ඕන වුණා, මට එයාව... ඒක කොහ
’’මම ජී කෙනෙක් නෙවෙයි. ඕජාජී, මම සපත්තු මහන චමාර් කුලේ දුප්පත් කොල්ලෙක්. මට කියලා ඉඩම් අඟලක්වත් නෑ. ඉස්සර පොඩි ඉඩම් කෑල්ලක් තිබුණා. ඒත් ඉඩම් හිමියා බලෙන්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අන්දීසයේ මරණය - Death in the Andes