IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘හම්බන්තොට දියුණු වෙනකොට නාමල්ට ඇස්පියාගෙන යාමට සිදුවෙනවා’

 

 

(නිමල කොඩිතුවක්කු)

 

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සිදුකරන ආයෝජන ව්‍යපෘති සාර්ථක වී ප‍්‍රදේශය දියුණු වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට ඇස් පියාගෙන ඉවත බලාගෙන හම්බන්තොට යාමට සිදුවනු ඇතැයි සංවර්ධන  උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර  මහතා පැවැසීය.

හම්බන්තොට ආයෝජන ව්‍යාපෘතිය රටේ ආර්ථික දියුණුවේ හැරවුම් ලක්ෂය බවට පත්වනු ඇති බවත් එය දරා ගැනීමට නොහැකි පිරිස් එම ව්‍යාපෘතියට එරෙහි වැරදි ප‍්‍රචාර යවමින් සිටින බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්තානයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර  මහතා මෙසේද කීය.

 ‘‘අපේ රටේ එතෙක් මෙතෙක්  සිදුවු දැවැන්තම  ආයෝජන ව්‍යාපෘතිය පසුගිය 24 වැනි දා හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී අග‍්‍රාමාත්‍ය  රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ඩොලර් මිලියන 3850ක සෘජු විදේශීය ආයෝජනයක් වන  තෙල් පිරිපහදුවේ කටයුතු එදින ආරම්භ කෙරුණා.

මේ තෙල් පිරිපහදුව මගින්  රැකියා අවස්ථා 4500ක් පමණ අලූතින් බිහිවෙනවා.  1978 වසරේ සිට මේ  දක්වා අපේ රටේ සමස්ත විදේශ ආයෝජන තියෙන්නේ ඩොලර් බිලියන 17.5ක් පමණයි. මේ කෙටි කාලයක් තුළ ඩොලර් බිලියන 3.85 ක ආයෝජනයක් අපිට ගේන්න පුළුවන් වුණා. ඒක අපේ රටේ ආර්ථිකයේ විශල වර්ධනයක් වෙනවා.

මේ ආයෝජනය ගැන නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා ටොන්  ගනන් බොරු ප‍්‍රකාශ කරලා තිබුණා. මේ ආයෝජන භූමිය වරායට දුරයි කිව්වා,  හම්බන්තොට මහ රෝහල යටින් අපි තෙල් නළ යොදනවා කියලා කිව්වා.  ඒ වගේම  මේ සිමෙන්ති කර්මාන්ත ශාලාව නිසා හම්බන්තොට ලූනු ලේවාය අපවිත‍්‍ර වෙනවලූ. ඒ අයට මේ හම්බන්තොට  ලූනු ලේවාය වටිනා සම්පතක් නම් මෙතන වරායක් හැදිය යුතු නැහැ.

 

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (0)

‘හම්බන්තොට දියුණු වෙනකොට නාමල්ට ඇස්පියාගෙන යාමට සිදුවෙනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site