IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ශ්‍රී ලංකාව හැම විටම සියලු දෙනා සමග එක්ව වැඩ කරන්න කැමති රටක් - රුවන් විජයවර්ධන

අප BRI හි නියම ප්‍රයෝජනය ගත්තාද යන ප්‍රශ්නය තිබෙනවා

චීනයේ නිල සංචාරයක් සඳහා ‍ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (15දා) පිටත් වෙයි.  එහිදී චීන ජනාධිපතිවරයා සමග ද්වීපාර්ශ්වික සාකාච්ඡා සඳහා ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය. එසේම “ තීරයක් සහ මාවතක් “ (BRI)  වැඩසටහනේ 10 වැනි සංවත්සර සැමරුම් සමුළුවකටද ජනාධිපතිවරයා මෙහිදී සහභාගී වීමට නියමිතය.  චීන සංචාරයේ දී වැඩි බරක් ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් යොමු වේ යැයි බලාපොරොත්තු වන අතර  කෘෂිකර්මය සහ දේශගුණ විපර්යාස සම්බන්ධයෙන්ද වැඩි අවධානයක් යොමු වනු ඇතැයි බලාපොරොත්තු වෙයි. ජනාධිපතිවරයාගේ පළමු චීන සංචාරය , “ තීරයක් සහ මාවතක් “ (BRI) සංවත්සරය සහ එහිදී අවධානය යොමුවන දේශගුණ විපර්යාස යන මාතෘකාව සම්බන්ධයෙන් දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජයවර්ධන මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

 

ජනාධිපතිවරයා පළමුවරට චීනයේ නිල සංචාරයකට එක්වෙනවා. මෙම සංචාරය ශ්‍රී ලංකාව පැත්තෙන් වැදගත් වන්නේ කෙසේද?

මෙය ආකාර කිහිපයකින් වැදගත්වෙනවා. පළමුවෙන්ම චීනය සමග අපේ සම්බන්ධය තවත් තහවුරු වීම. රාජ්‍ය පාලනය වෙනස් වූ පසුව ශ්‍රී ලංකාව වැනි රටකට  චීනය වැනි බලවත් රටක් සමග ඇති සම්බන්ධය අලුත් වීම අවශ්‍යයි. එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ අනාගතය සම්බන්ධයෙන් ද මෙය ඉතාමත් වැදගත් සංචාරයක් වනු ඇති.  මේ සංචාරයට පෙර චීනයේ එක්සිම් බැංකුව යම් එකඟතාවන්ට පැමිණුනා. මෙම සංචාරයේ දී  මේ සම්බන්ධයෙන් තව දුරටත් අවධානය යොමු වනු ඇති. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේ දී ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ සහාය අපට අවශ්‍ය වෙනවා.

ඒ වගේම කෘෂිකර්ම, දේශගුණ විපර්යාස වැනි මාතෘකා සම්බන්ධයෙන් ඉදිරියේ දී චීන දැනුම විශේෂඥ සහාය ලබා ගැනීමේ අවස්ථාවක්ද මේ සංචාරයේ දී උදාවනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම මේ වසරේ “තීරයක් සහ මාවත්“ වැඩසටහනේ 10 වැනි සංවත්සරයට සමගාමීව පැවැත්වෙන සමුළු අතර ‘හරිත සේද මාවත‘ යන සංකල්පයට වැඩි ඉඩක් ලැබෙනවා. හරිත සේද මාවතට සම්බන්ධ “Green Silk Road Forum for Harmony for Nature“ විශේෂ සමුළුව ඇමතීමට ද ජනාධිපතිතුමා සූදානමින් සිටිනවා.  

හරිත සේද මාවත සංකල්පය සුවිශේෂ වන්නේ ඇයි?

සේද මාවත සංකල්පය සංවර්ධනය මූලික කරගත් එකක්. එහෙත් සංවර්ධනය කියන්නේ පරිසරය විනාශ කරන්නක් නොවේ. එය පරිසරය ආරක්ෂා කරමින් කළ යුතු දෙයක්. එය අප අවබෝධ කර ගත යුතුයි.

අනෙක් අතින් දේශගුණික විපර්යාසයන් නිසා ලෝකය මුහුණ දෙමින් සිටින තත්ත්වය ගැන අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. කුමක් හෝ හේතුවකට දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් අපේ රටේ ඇති අවධානය අඩුයි. මෙය ඉතාම වැරදි තත්ත්වයක්. මේ වන විට ලෝකයේ සියලු දියුණු රටවල් දැඩි අවධානයක් දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් යොමු කරනවා. හේතුව දේශගුන විපර්යාස කියන්නේ අපට පාලනය කළ හැකි එහෙත් පාලනයෙන් ගිලිහී ගියොත් නැවත පාලනය ලබා ගත නොහැකි තත්ත්වයක් නිසා. අප වර්තමානයේ අත්විඳින කාලගුණ විපර්යාසවලට වඩා බරපතල තත්ත්වයන්ට අපට ඉදිරියේ දී මුහුණ දෙන්නට වේවි. විශේෂයෙන්ම දූපත් රාජ්‍යයක් නිසා අපට මෙය ඍජුව බලපානවා. ඒ නිසා දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් ප්‍රධාන රාජ්‍යයන් සමග අප දැනුම බෙදා හදා ගැනීමත් නවීන තාක්ෂණික සහාය ලබා ගැනීමත් අත්‍යාවශ්‍ය වෙනවා. ජනාධිපතිතුමාගේ චීන සංචාරයේ දී එයට අවශ්‍ය අඩිතාලම වැටෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

ජනාධිපතිවරයාගේ සංචාරයේ දී දේශගුණ විපර්යාස පිළිබඳ විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් ද චීනයේ සහාය ලැබෙයි කියා හිතනවාද?

ඔව්. එම සහාය ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවක් තිබෙනවා. දේශගුණ විපර්යාස පිළිබඳ විශ්ව විද්‍යාලය විවිධ පාර්ශ්වවල එකතුවක් ලෙස නිර්මාණය කිරීමටයි අපේ බලාපොරොත්තුව. චීනය එහි එක් පාර්ශ්වකරුවෙකු වෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මේ සංචාරයේ දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති. එසේම චීනයේ පර්යේෂණ විශ්ව විද්‍යාලයක්ද මේ සම්බන්ධයෙන් දායකත්වය ලබා දීමට එක්වී තිබෙනවා. එය හොඳ පෙර නිමිත්තක්.

චීනයේ “තීරයක් සහ මාවතක්“ (BRI)  වැඩසටහන මේ වසරේ සිය 10 වැනි සංවත්සරය සමරනවා. මෙහි ආරම්භක සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාව එම වැඩසටහනින් ගත යුතු වාසිය ගත්තා කියා ඔබ හිතනවාද?

පළමුවෙන්ම මෙම වැඩපිළිවෙල වසර 10 ක් සාර්ථකව පවත්වාගෙන යෑම ගැන චීනයට සුබ පැතුම් එක්කළ යුතුයි. එය දැවැන්ත වැඩපිළිවෙළක්. එය ඔවුන්ටත් මෙම වැඩපිළිවෙලට එක් වූ රටවලටත් යන දෙපාර්ශ්වයටම ජයග්‍රහණ ගෙන එකක්. බොහෝ රටවල් මේ හරහා තමන්ගේ රටවල යටිතල පහසුකම් දියුණු කරගෙන තිබෙනවා. රටවල් අතර දැනුම බෙදා ගැනීම සිදුවෙනවා. නවීන තාක්ෂණය  බොහෝ දෙනෙකුට ලැබෙනවා. සංස්කෘතීන් හුවමාරු වෙනවා. අපි අද වනවිට එම වැඩපිළිවෙලේ සාර්ථක කතා දකිනවා. ඒ නිසා මෙය බොහෝ දෙනෙකුට වැදගත් ව්‍යාපෘතියක්.

ශ්‍රී ලංකාව ආරම්භයේ දීම මෙයට එක් වූ රටක්. මෙම වැඩපිළිවෙලේ දී ශ්‍රී ලංකාව හොඳ සන්ධිස්ථානයක්. එහෙත් අප මෙහි නියම ප්‍රයෝජනය ගත්තාද යන ප්‍රශ්නය තිබෙනවා. එය චීනයේ වරදක් නොවෙයි. අපේ යම් යම් අයගේ අදූරදර්ශී වැඩ නිසා තමයි අපට උපරිමය ගන්න පමාවෙන්නේ. BRI  වැඩපිළිවෙල දීර්ඝ කාලීන සැලසුම් සහිත එකක්. එයට සම්බන්ධවන රටවලටත් දීර්ඝ කාලීන සැලසුම් තිබිය යුතුයි. අප කළ යුතු දේ දන්නේ අපි. ඒ අනුව මෙවැනි වැඩපිළිවෙලක උපරිමය ලබාගත යුත්තේ අපි.  අපි ආරම්භයේ දී මේ ව්‍යාපෘතියෙන් නියම දේ ගත්තද කියලා නැවත හිතලා බැලිය යුතුයි. එහෙත් අතීතයටම දොස් පවරලා වැඩක් නැහැ. චීනය හැම වෙලාවේම කියන්නේ ‘දෙපාර්ශ්වයම ජයග්‍රහණය කරන්න අවශ්‍යයි‘ කියන එක. එය යථාර්ථයක් වන්නේ අප අපේ පැත්තෙන් ජයග්‍රහණ ලැබුවොත්.

BRI යනු රතු මකරාගේ අඬු ලෝකයේ විවිධ ප්‍රදේශවලට යොමු කිරීම කියා චෝදනාවක් තිබෙනවා

ලෝකයේ බලවත් රාජ්‍යයන් තමන්ගේ වැඩකටයුතු කරන ආකාරය ගැන අනෙක් බලවත් රාජ්‍යයන් විවිධ අර්ථ දැක්වීම් කරනවා. චීනයේ දියුණුව පමණක් නොවෙයි ඉන්දියාවේ දියුණුව ගැනත් විවිධ අර්ථ කථන දෙනවා. නමුත් ශ්‍රී ලංකාව වැනි රටක් කළ යුත්තේ එක් අයෙක් තවත් අයෙක් ගැන දෙන අර්ථකතන ගැන විග්‍රහ කරමින් සිටීම නොවෙයි. අප කළ යුත්තේ දියුණු රාජ්‍යන් සමග එක්ව වැඩ කිරීමෙන් අපට ලබා ගන්නට හැකි ශක්තීන් එක් කර ගැනීමයි. ඒ ශක්තීන් හරහා  අපේ රට ගොඩනැගීමයි. එසේ නොමැතිව බලවන්තයින්ගේ කතා බහ සහ සටන් දෙස බලා සිටියා කියා අපවගේ රටකට අලුතින් ලැබෙන දෙයක් නැහැ.

එහෙත් චීනය සමග සම්බන්ධතා තරවීම ඉන්දියාවට ප්‍රශ්නයක්...

චීනය සහ ඉන්දියාව සම්බන්ධ ගැටලුව ඔවුන් විසඳා ගත යුතු දෙයක්. එයට අපි මැදිහත් විය යුුතු නැහැ. ඉන්දියාව කියන්නේ අපේ ඥාතියා. අසල්වැසියා. චීනය කියන්නේ දුරාතීතයේ සිට අපේ මිත්‍රයා. ඉන්දියාවෙන් අපට ලැබුණු දේවල් මෙන්ම චීනයෙන් අපට ලැබුණු දේවල්ද අපට අමතක නැහැ. චීනය අතිශය බලවත් රාජ්‍යයක් නොවූ කාලයකත් ශ්‍රී ලංකාවට බොහෝ උදව් කළා. පසුගිය වසරේ දී ආර්ථික අවපාතය සමයේ මේ රාජ්‍යයන් දෙකම අපට උදව් කළා.

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඉන්දියාවත් චීනයත් තේරුම්ගත යුතුයි.  අසල්වැසි ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන කිසිම දෙයක් අපි කරන්නේ නෑ. ඒ සහතිකය අපි ඉන්දියාවට දීලා තිබෙනවා. ඒවගේම කිසිවෙකුගේ බලපෑමට චීනය සමග ඇති මිත්‍රත්වයේ පළුඳු ඇති වීමටත් අපි ඉඩක් තියන්නේ නෑ. ලෝකය හැම විටම බලන්නේ බෙදී වෙන්වෙන්න. එහෙත් ශ්‍රී ලංකාව හැම විටම සියලු දෙනා සමග එක්ව වැඩ කරන්න කැමති රටක්.

 

  • උපුල් වික්‍රමසිංහ

 

 

 



අදහස් (1)

ශ්‍රී ලංකාව හැම විටම සියලු දෙනා සමග එක්ව වැඩ කරන්න කැමති රටක් - රුවන් විජයවර්ධන

chandima Sunday, 22 October 2023 10:40 PM

ඒ පාර කාටද ගුලිය අඹරවන්න යන්නේ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 814 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා



වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 945 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1199 23

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7420 8

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 895 3

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site