IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලංකාව අන්තවාදය පරාජය කිරීම අන් රටවලට පාඩමක්

ශ්‍රී ලංකාව අන්තවාදය පරාජයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතර රටේ වාර්ගික සාමය සහ සංහිඳියාව ස්ථාපිත කිරීමට සමත්වීම ලෝකයේ අනෙක් රටවලටත් සැබෑ පාඩමක් යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජිතයකු සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු යසුෂි අකාෂි මහතා අද (20) පවසා ඇත.

ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙමින් යසුෂි අකාෂි මහතා ඒ බව ප්‍රකාශ කළ බව එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක් දැක්විණි. 

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (19) පැවැති ‘ජාතික සම්මාන උලළේදී ‘ශ්‍රී ලාංකික සහ පොදුවේ මානව වර්ගයා වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවය ඇගයීම වෙනුවෙන් ශ්‍රී ලාංකික නොවන පුද්ගලයන්ට ප්‍රදානය කළ “ශ්‍රී ලංකා රත්න සම්මානයෙන්” ද යසුෂි අකාෂි මහතා පිදුම් ලැබීය. 

ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් යසුෂි අකාෂි මහතා දැරූ නොමඳ උත්සහාය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදි ඔහුට ස්තූතිවන්ත විය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා සහ ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකොන් යන මහත්වරු ද එම හමුවට එක්වූහ. 
 
055   



අදහස් (0)

ලංකාව අන්තවාදය පරාජය කිරීම අන් රටවලට පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site