IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රටට හිතැති කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියක්

(කාංචන කුමාර ආරියදාස)
 
කුමන දේශපාලන පක්ෂයක් බලයට පැමිණියත් කුමන ඇමැතිවරයෙක් කෘෂිකර්ම ඇමැතිවරයා බවට පත්වුවත් වෙනස් කළ නොහැකි රටට හිතැති කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියක් ඉදිරියේදී හඳුන්වා දෙන බව වර්තමාන කෘෂිකර්ම වාරිමාර්ග  ධීවර ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මෙවර අලූත් සහල් මංගල්‍යය  පැවැත්වීම සඳහා රාජ්‍ය නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසුවය.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම  ගොවින් ආරක්ෂා කර ගැනීම සඳහා ශක්තිමත්ව කෘෂිකර්ම  ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ යුතු යැයි සඳහන් කළේය.

ඒ අනුව විදේශ රටවලින් ගෙන්වන බෝග වර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර කඩිනමින් මෙම වගා ප්‍රතිපත්තිය කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවිය යුතු බව හෙතෙම සඳහන් කළේය. 

ළූණු වගාවේ අර්තාපල්  වගාවේ අස්වැන්න ලැබෙන කාල වකවානු වන විට විදේශ රටවලින් ගෙන්වීම පාලනය කිරීම මෙහි තවත් අරමුණක් බවත් සඳහන් කළේය.

ඉදිරි මාස දෙක ඇතුළත මෙම කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවත් බොහෝ රටවල්වල කෘෂිකර්ම ප්‍රතිපත්ති ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවද කිසිදු ආකාරයකින් ඇමැතිවරයා එන විට රජයක් බලයට පත්වන විට තවත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න යන විට රටේ කෘෂිකර්මාන්තය කඩා වැටෙන බවත් එසේ නොවන කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් රටට හිතැති ආකාරයට හඳුන්වා දෙන බවද අමාත්‍යවරයා කීවේය.

මෙම කෘෂිකර්ම ප්‍රතිපත්තිය සැකසීම සඳහා විද්වතුන් දේශපාලන අධිකාරිය, විශ්වවිද්‍යාල සිසුන් ගොවි ජනතාව ගොවි සංවිධාන ආදී සෑම පාර්ශවයකින්ම අදහස් ලබාගෙන විද්වත් මණ්ඩලයක් හරහා ඉතා ශක්තිමත් කෘෂිකර්ම ප්‍රතිපත්තිය රටට හඳුන්වාදීමට   බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීවේය.



අදහස් (0)

රටට හිතැති කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site