IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘රටේ හා ආණ්ඩුවේ ප්‍රශ්න විසඳන්න මැතිවරණයකට යන්න ඕනෑ’

(නාලක සංජීව දහනායක)
 
රටේ හා ආණ්ඩුව තුළ ඇතිවී ඇති ප‍්‍රශ්න විසදා ගැනීමට නම් ආණ්ඩුව ඉතාම ඉක්මණින් මැතිවරණයක් සඳහා යොමුවිය යුතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී (එ.ජ.නි.ස) ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (8) පැවැසීය.

ජනතාවට ද මේ මොහොතේදී මැතිවරණයක හා ආණ්ඩු වෙනසක දැඩි අවශ්‍යතාවයක් ඇති බවක් පෙනෙන්නට තිබෙන බවද මන්ත‍්‍රීවරයා කීය.

මන්ත‍්‍රීවරයා එහිදී මෙසේ ද  පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීම සඳහා මේ වනවිට දේශපාලන පක්‍ෂ 28 ක් සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව අපි එක්සත් ජාතික පක්‍ෂයට එරෙහි පොදු සන්ධානයක් ගොඩ නඟනවා. එමෙන්ම නැවතත් කතානායකවරයාගේ හැසිරීම පක්‍ෂග‍්‍රාහී බවක් පෙනෙන්නට තිබෙනවා. ඔහු 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන විට මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් පිළිබඳව කතා කළා.
 
නමුත් ඔහු දැන් එය අමතකකර ඉතාම ඉක්මණින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන මෙන් ඔහු දේශපාලන පක්‍ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

වත්මන් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයට කවදාවත් ඡන්දයකින්  ජනාධිපතිවරයා ලෙස පත්වන්න බැහැ. ඒ නිසා එක්සත් ජාතික පක්‍ෂය බලන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර අගමැති ක‍්‍රමය ශක්තිමත් කරන්නයි. අද කතානායකවරයා ප‍්‍රකාශ කරන්නේ අන්න ඒ එක්සත් ජාතික පක්‍ෂයේ මතයයි. මේ රටට නැවත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේනන් පුලූවන්කමක් නැහැ. අපි ඒ බව පැහැදිලිව කියනවා. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් දෙමළ ජනතාවට කිසිම සෙතක් සිදුනොවන බව ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ම කියනවා. 

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (8) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (0)

‘රටේ හා ආණ්ඩුවේ ප්‍රශ්න විසඳන්න මැතිවරණයකට යන්න ඕනෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site