(එෆ්.අස්ලම්)
පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් උපවාසයේ යොදවා මුස්ලිම් අමාත්‍ය මණ්ඩලයම තනතුරුවලින් ඉවත් කරවීමේ සැලැස්මේ මහ මොළකරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බව මුස්ලිම් ජාතික කොංග්‍රසයේ නායක හිටපු අමාත්‍ය ඒ. එල්. එම්. අතාවුල්ලා මහතා අවධාරණය කරයි.
චෝදනා එල්ල වූ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පමණක් ඉවත් කිරීමට අගමැතිවරයාට හැකියාව පැවතියද ඔහු එසේ නොකර මෙවන් සැලැස්මක් ක්‍රියාත්මක කළේ පටු දේශපාලන උවමනාවට යැයිද ඒ මහතා සඳහන් කළේය.
කාලීන දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අතාවුල්ලා මහතා මේ බව පැවසීය.
තමා තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයෙකු බවත්, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය තමා පිළිගන්නා බවත්, ගෝඨාභය රාජපක්ෂ නායකයා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා නම් කරන්නේ නම් තමා ඇතුළු මුස්ලිම් ජනතාවගේ සහාය ඔහුට හිමිවනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ මුස්ලිම් ජනතාවට ආරක්ෂාවක් තිබූ බවත්, මුස්ලිම් ජනතාවගේ දේපළවලට හා දේවස්ථානවලට පහරදීම්, හානිකිරීම් වැනි ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවූයේ වත්මන් ආණ්ඩු පාලනයෙන් බවද ඒ මහතා කීය.
වත්මන් ආණ්ඩුවේත් එම ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් මැතිඇමතිවරුන්ගේත් රැවටිලි ස්වභාවය මුස්ලිම් ජනතාව මනාව වටහාගෙන ඇතැයිද අතාවුල්ලා මහතා සඳහන් කළේය.
එමෙන්ම ඇමරිකාව ඇතුළු විදෙස් රටවල ඔත්තුකරුවන් තවමත් ලංකාවේ රැඳී සිටින බවද ඒ අයට අවශ්‍ය රැකවරණය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් සලසා දී ඇති බවද අතාවුල්ලා මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මුස්ලිම් ඇමතිවරුන් ඉවත්කිරීමේ සැලසුමේ මහමොළකරු අගමැති යි’