IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘‘මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහතිකයක් දෙන අපේක්ෂකයාට සහාය දෙනවා‘‘

(එෆ්.අස්ලම්)

පිළිගත් වැඩපිළිවෙලක් සමඟින් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් දෙමළ ජනතාවගේ ගැටළු විසදා දෙන බවට සහතික වන ජනාධිපතිවරණ අපේක්ෂකයාහට දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවනු ඇතැයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ නායක සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.

එමෙන්ම දෙමළ ජනතාවගේ ගැටළු විසදා දෙන බවට හා එම ජනතාවගේ ඉල්ලීම් ඉටුකරන බවට වාචිකව පොරොන්දු වන කිසිදු අපේක්ෂකයෙකුට මෙවර ජනපතිවරණයේදී සහාය නොදක්වන බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සහාය ලබාදීම පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සෙල්වම් අඩෙයිකලනාදන් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මැතිවරණයේදී කවුරුන් හට සහාය වන්නේද කියන කාරනය ගත් විට ඒ සම්බන්ධයෙන් අප සමගින් සාකච්ඡා කරන්නට පැමිණෙන සෑම දේශපාලන පාර්ශ්වයකටම අප අවස්ථාව ලබා දෙනවා.නමුත් අපේ ප්‍රශ්න විසදලා දෙනවා අපේ ඉල්ලීම් ඉටුකරනවා කියල වාචිකව පොරොන්දු වෙන කිසිදු අපේක්ෂකයෙකුට අපට සහාය දෙන්න බැහැ.

දෙමළ ජනතාවගේ ගැටළු විසදන බවට බලාපොරොත්තු ඉටුකරන ආකාරයේ පිළිගත හැකි වැඩ පිළිවෙලක් සකස් කරමින් ඉදිරිපත් කරන පාර්ශ්වය කවුරුන්ද කියල අපි සලකා බැලිය යුතුයි.ඒ වගේම අනිවාර්යෙන්ම ඒ වැඩපිළිවෙල ඒ පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයටද ඇතුළත් කරගත යුතුයි.

මීට අමතරව දෙමළ ජනතාවගේ සිත් තුළ මොනවද තියෙන්නේ කියලත් අප වටහා ගත යුතුයි.ඒ සියළු කාරණා සැලකිල්ලට අරන් තමයි දේශපාලන බලවේගයක් විදිහට අවසන් තීරණයක් ගන්න පුළුවන් යැයිද අඩෙයිකලනාදන් මහතා පැවසීය‍

 



අදහස් (0)

‘‘මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් සහතිකයක් දෙන අපේක්ෂකයාට සහාය දෙනවා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site