(නිමල කොඩිතුවක්කු)
රිෂාද් බදියුදීන් මහතා සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඔප්පු කරන බවට කියූ කිසිදු සාක්කියක් මේ වනවිට වගකිව යුතු කිසිදු නීතිමය ආයතනයකට හෝ ලබා දී නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි පැවැසීය.
විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස මාධ්‍ය තුළ බොහෝ දේවල් ප‍්‍රකාශ කළත් ඔවුන්ට ඒ කිසිවක් සනාථ කිරීමට නොහැකි වී ඇතැයි ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේ අද(8) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මෙසේද කීය.
‘‘ රිෂාද් බදියුදීන් මහතා සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා ඔප්පු කරනවා කියපු එතුමන් ළඟ තියෙනවා කියපු කිසිදු සාක්ෂියක් මේ වනවිට වගකිව යුතු කිසිදු නීතිමය ආයතනයකට ලබා දීලා නැහැ. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති රිෂාද් බදියුදීන් මහතා සම්බන්ධයෙන් වන චෝදනා ඔප්පු කිරීමේ විශාල කාර්යභාරයක් විමල් වීරවංශ මහතා සතුව තියෙනවා.
විමල් වීරවංශ මහත්තයා මාධ්‍ය තුළ බොහෝ දේවල් ප‍්‍රකාශ කළාට ඔවුන්ට කිසිවක් සනාථ කිරිමට, ඔප්පු කිරීමට නොහැකි වී තිබෙනවා. සදාචාරාත්මකව ඔවුන්ට විශේෂයෙන්ම අයිතියක් තියෙනවා මේ ගැන ඔප්පු කරනවා’’ යැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
(ඡායාරූප - ඉෂාන් සංජීව)

2025 දෙසැම්බර් මස 18
303
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘බදියුදීන් ගැන විමල් කියූ කිසිදු සාක්කියක් නීති ආයතනවලට දී නෑ’