IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘‘පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ රස්තියාදුකාරයින් නෙවෙයි‘‘

(ක.ග.කරුණාරත්න)

අද පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ උගත් බුද්ධිමතුන් මිස රස්තියාදුකාරයින් නොවන බවත් පාර්ලිමේන්තුවේදී වැදගත් තීරණ ගනිද්දී එය පාර්ලිමේන්තුවේදී තමන් දකින බවත්  විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (31) පොලොන්නරුවේදී ප‍්‍රකාශ කළේය.

පොලොන්නරුව පුලතිසි චන්ද්‍ර  මණ්ඩපයේදී පැවැති පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අභ්‍යාස ලාභී උපාධිධාරීන් 129 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක වෙමින් රාජ්‍ය ඇමතිවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.

            ‘‘අපේ රටේ වැදගත් තීරණ ගද්දි උගත් බුද්ධිමතුන් නැති අවස්ථා අපි දැකලා තිබෙනවා.විශේෂයෙන්ම අපි ඒ බව දැකලා තිබෙනවා පාර්ලිමේන්තුවේදී. පාර්ලිමේන්තුවේදී තමුන් නාන්සේලාට මතක ඇති කාලයකදී මයික් කඩාගෙන පුටු පෙරලගෙන සත්තු වගේ හැසිරුණු ආකාරයක් තිබුණා.

සපත්තු විසිකරගත්තු කාලයක් තිබුණා.ඇත්තටම දේශපාලන ක්ෂේත්‍රයේ උගත් බුද්ධිමතුන්ට මීට වඩා තැනක් හිමි විය යුතුයි.අද ඡන්දෙ දෙන්නේ වෙනත් හේතුන් මත අද සරම කැහ පොට ගහගෙන කුණු හරප දෙකක් තුනක් කියන්න පුළුවන් මිනිහට මේ රටේ අවස්ථාවක් තිබෙනවා.

අද කසිප්පු පෙරලා සල්ලි හදලා නැත්නම් කුඩු විකුණලා සල්ලි හදලා පාටි දාලා තියෙන අයට මේ රටේ තැනක් තියෙනවා.බුද්ධිමතුන් කී දෙනාටද ඒ තැන අද තියෙන්නේ .අද අපි කිවුවොත් බුද්ධිමත් ආචාර්යවරයෙක් එනවා කිවුවොත් දේශනයකට කි දෙනාද ඊට සවන් දෙන්න සුදානම් වෙන්නේ.

අපිට කිවුවොත් අහවල් මන්ත්‍රී  එනවා කියලා අපිට මතකයි කැලනියේත් මන්ත්‍රීවරයෙක් හිටියා සරම උස්සගෙන ගොනා බුරුවා හරකා කියලා මිනිසුන්ට කෑගහගෙන ඒවා බලන්න ඕනේ තරම් මිනිස්සු එනවා.

අපිට එකයි වෙලා තියෙන්නේ  රටක් හැටියට   පාර්ලිමේන්තුවටත් අවශ්‍ය වෙන්නේ තමුන් නාන්සේලා වගේ උගත් බුද්ධිමත් සංවර හැසිරෙන මිනිස්ස හැබැයි එක ඡන්ද දායකයාටත් ඡන්ද කාලයේදී අමතක වෙනවා.ඊට පස්සේ අපිට ලැබිලා ඉන්න දේශපාලඥයෝ අරවගේ අරවගේ කියලා බනිනවා.

හරි විදිහට කතිරයක් ගහන්න හරි මනුස්සයෙකුට ඒ අවස්තාව ප්‍රයෝජනය ගන්නේ නැතුව රටේම රස්තියාදු කාරයෝ සියලු දෙනාම පාර්ලිමේන්තුවට යවලා ඊට පස්සේ පාර්ලිම්න්තුව මෙහෙමයි මෙහෙමයි කියලා අඩනවා.

අද තමුන් නාන්සේලාට රජයේ රැකියාවක් ලැබිලා තිබෙනවා.සමහර විට වැඩ කරද්දී වැඩ කරන්න වෙන මන්ත්‍රීවරයා තමුන් නාන්සේලාට වැඩිය බුද්ධි මට්ටමින් අඩු වෙන්න පුළුවන්.එක බොහෝ රාජ්‍ය  සේවකයින් මුහුණ දෙන ප්‍රශ්නයක්.

මම අලුත් උපාධිධාරීන්ට කියන්නේ රට යන මාවත වෙනස් කරන්න උත්සහ කරන්න.දැන් පවතින තත්වයට වඩා ඒ වගේම පාර්ලිමේන්තුවත් එසේ වෙනස් විය යුතුයි යැයි රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවැසීය.

 

 



අදහස් (0)

‘‘පාර්ලිමේන්තුවට අවශ්‍ය වන්නේ රස්තියාදුකාරයින් නෙවෙයි‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site