IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


‘පරණ තරහ අමතක කර රට සංවර්ධනයට අත්වැල් බැඳගන්න’


 
 
(නිමල කොඩිතුවක්කු)
   

‍‘‘පසුගිය දේශපාලනය අර්බුදය හේතුවෙන් අඩාල වී ඇති සංවර්ධන කටයුතු ලබන ජනවාරි මාසයේ සිට කඩිනමින් සිදුකිරිමට අපි බලාපොරොත්තු වෙනවා. අපි ජනාධිපතිවරයාටත් කියනවා පරණ තරහ මරහ අමතක කරලා රට සංවරධනය කිරිම සඳහා අත්වැල් බැඳ ගන්න කියලා. පෞද්ගලික නයාය පත‍්‍ර පැත්තකින් තියලා සියලූම දෙනා රට ගැන සිතා කටයුතු කළ යුතුයි.’’


රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරයා  සහ අගමැතිවරයා එක්ව කටයුතු කළ යුතුව ඇතැයි කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ වැඩ ආරම්භ කරමින් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා කොළඹදී  පැවසීය.


පසුගිය දිනවල රටේ මතුව තිබූ දේශපාලන අර්බුද වලින් අඩාල වී ගිය ආර්ථික, සංවර්ධන වැඩපිළිවෙළ යළි ගොඩගැනීම සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එක්ව වැඩ කිරීම අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා එහිදී පැවැසීය.


කොල්ලූපිටියේ  පිහිටි අමාත්‍යාංශ කාර්යාලයේ දී  වැඩ බාර ගැනීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍ය පලනි දිගම්බරන් මහතා මෙසේ ද කීය.


වතුකම්කරු ජනතාවගේ ගැටලූ වෙනුවෙන් අපි තනතුරු පැත්තකට දාලා කැපවෙනවා.  වතුකම්කරු වැටුප් ගැන කාලෙන් කාලෙට තොන්ඩමන් මහතා බොරු කියනවා.  තවදුරටත් මේ ජනතාව නොමග යවන්න එපා කියලා අපි ඒ අයගෙන් ඉල්ලා සිටිනවා.


වතුකම්කරු ජනතාවට රුපියල් 600ක් මදි. ඔවුන්ට ප‍්‍රමාණවත් වැටුපක් හිමිවිය යුතුයි. ඒ වෙනුවෙන් රජය විදියට අපි කැපවෙනවා. සියලූම පාර්ශව සමඟ සටන් කරලා අපි වතුකම්කරු ජනතාවගේ ජීවන තත්වය නඟා සිටුවීමට කටයුතු කරනවා.
මෙම අවස්ථාවට කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්,  අමාත්‍යවරයාගේ පවුලේ  සාමාජිකයන් ඇතුළු පිරිසක් ද එක්වූහ.



අදහස් (0)

‘පරණ තරහ අමතක කර රට සංවර්ධනයට අත්වැල් බැඳගන්න’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site