IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


’පක්ෂ මාරු කරන දේශපාලඥයන් ගැන තීරණය කරන්න මැතිවරණයක් ඕනෑ’

(නාලක සංජීව දහනායක )    

                         
විවිධ වරදාන හා වරප්‍රසාද මුල්කරගනිමින් පක්‍ෂ මාරුකරන දේශපාලනඥයන් සම්බන්ධයෙන් ජනතාවට තීරණය කිරීම සඳහා ඉතා ඉක්මණින් මහා මැතිවරණයක් පැවැත්විය යැයි කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (16) පැවසීය.           


මැතිවරණ කල්දමා ජනතා පරමාධිපත්‍ය අහිමිකිරීමට එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය කටයුතු කිරීම කණගාටුවට කරුණක් යැයිද මන්ත්‍රීවරයා කීය.    

           
ඔහු මේ අදහස් පළ කළේ බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (16) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමිනි.  

                   
එහිදී මන්ත්‍රීවරයා මෙසේද කීය.        

             
“කතානායකවරයාගේ පක්‍ෂග්‍රාහී හැසිරීම නිසා පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව අද මුළු රටම කතාවෙනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව කතානායකවරයා පළමුව කළ යුත්තේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ලිපිලේඛන කියවීමයි. එහෙත් කතානායකවරයා ඊයේ එම ලිපිය කියෙවුවේ නැහැ.      

                             
මම අවුරුදු 20ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරනවා. ඒ කාලය තුළදී කතානායකවරුන් හැසිරුණ අකාරය පිළිබඳව මට හොඳ අත්දැකීම් තිබෙනවා. ඔවුන් කවදාවත් තමන් නියෝජනය කළ දේශපාලන පක්‍ෂයට වාසිසහගතව ක්‍රියා කළේ නැහැ.

මහින්ද රාජපක්‍ෂ මහතා රටේ ජනාධිපතිවරයාව කටයුතු කළ සමයේදී ඔහුගේ අයියා චමල් රාජපක්‍ෂ මහතා ඉතාම ස්වාධීනව කතානායකගේ කාර්යය ඉටු කළා මිස එවකට පැවැති රජයට පක්‍ෂග්‍රාහීව කටයුතු කළේ නැහැ. නමුත් කරූ ජයසූරිය මහතා කතානායක තනතුරේ ගරුත්වය කෙළෙසමින් විකට නළුවෙක් වගේ හැසිරෙනවා.  

         

 (ඡායාරූපය -     ජයමාල් චන්ද්‍රසිරි)               



අදහස් (0)

’පක්ෂ මාරු කරන දේශපාලඥයන් ගැන තීරණය කරන්න මැතිවරණයක් ඕනෑ’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 409 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16754 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 647 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site