(රොමේෂ් මධුෂංඛ)
දෙමළ ජාතික සන්ධානය මෙවර අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර සිටින්නේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා නැවත බලයට ඒම වැළැක්වීමට බව දෙමළ ජතික සන්ධාන කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ යාපනයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි.
එහිදී ශ්‍රීධරන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ කීය.
‘‘අයවැය දෙවන වර කියවීමේදී අපේ පක්ෂය මේ ආණ්ඩුවට සහය පළ කළා. මොකද අපි සහය දැක්වුයේ නැත්නම් මේ ආණ්ඩුව පෙරළෙනවා. ඒ කියන්නේ අපි ගෙනාපු ආණ්ඩුව අපිම ගෙදර යැව්වා වගේ වැඩක්. ඒ වගේම එලඹෙන 5 වැනි දාටත් අයවැයට අපි සහය පළ කරනවා. අපි බොරු කියන්නේ නැහැ. මොකද අපි මේ අයවැයේ දී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහොත් හෝ විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහොත් මේ ආණ්ඩුව පෙරලීලා නැවත මහින්ද රාජපක්ෂ බලයට එනවා.
ඒ වගේම තමයි යුද සමයේ දී ජනසංහාරයක් කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්න බලාපොරොත්තු වෙනවා. දෙමළ ජනතාවගේ සහයෙන් ජනාධිපති වෙන්න ගෝඨාභය දකින සිහිනය ඔහු අතහරින්න ඕන. මොකද අපේ ජනතාව ඔහුට කැමති නැහැ. "
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
‘ටී.එන්.ඒ අයවැයට සහය වන්නේ මහින්ද බලයට ඒම වළක්වන්නයි’