(විනීතා එම් ගමගේ)
පළාත් සභා මැතිවරණය පැරණි ක‍්‍රමය යටතේ පැවැත්වීමට කටයුතු කිරීම සඳහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර ඇති කැබිනට් පත‍්‍රිකාව අනුව කටයුතු කරමින් වහා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් එහි දී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය හදා දෙන්නට තමන් සුදානම් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා කියා සිටියේය.
ප‍්‍රශ්නය තුනෙන් දෙක නම් ඒ ගැන කිසිසේත්ම ආණ්ඩුව බියවිය යුතු නැති බව ද ජයසේකර මහතා කීය.
එසේ මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව පවතින විරෝධතා සඳහා තම පක්ෂය ද පාරට බසින බව කී පක්ෂ ලේකම්වරයා එමෙන්ම මැතිවරණය නොපැවැත්වීමට එරෙහිව තම පක්ෂය ද පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ ද අධිකරණය ඉදිරියට යාමට සුදානමින් සිටින බවත් ප‍්‍රකාශ කළේය.
මැතිවරණ කොමිසමේ ප‍්‍රශ්නය පවතින්නේ සභාපතිවරයාගේ නොව මැතිවරණ එපා යැයි කියමින් අධිකරණයට යන කොමසාරිස්වරයෙක් එහි හිඳීම යැයි ද හෙතෙම කියා සිටියේය.
ජයසේකර මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (31) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ජනපතිගේ කැබ්නට් පත්‍රිකාව අනුව මැතිවරණය පවත්වන්නැයි දයාසිරි කියයි