IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘කාන්තාව මූලික කරමින් ආර්ථිකය ශක්තිමත් කරනවා’

(කාංචන කුමාර ආරියදාස)
 
මෙරට බහුතරයක් වූ කාන්තා සමාජය ශක්තිමත් කරමින් ඉදිරියේ දී කාන්තාව මූලික කරගෙන රටේ ආර්ථිකය ශක්තිමත් කර, විදේශීය රටවලින් ණය ලබාගැනීමේ ක්‍රියාවලියෙන්  තොරව රට සංවර්ධනය කිරීමට කාන්තා ප්‍රඥප්තියක් ඇති කරන බව  නිවාස හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද(19) දඹුල්ලේ දී පැවසීය.
 
නිවාස සංවර්ධන අධිකාරිය මඟින් ණය ආධාර මත ඉදිකළ 258 වන ගම්මානය වන දඹුල්ල ඇඹුල්අඹේ "රන්දදගම" අමාත්‍යවරයා අතින් විවෘත කෙරිණි.
 
මෙම ගම්මානයේ නිවාස විසිතුනකි. අලුතින් ඉදි වූ නිවාස, අඩක් ඉදිකර තිබූ නිවාස අලුත්වැඩියා කිරීම, කපරාරු කිරීම සහ වහල සෙවිලි  කොට නිවස අංග සම්පූර්ණ කිරීම ආදී කටයුතු සඳහා නිවාස සංවර්ධන අධිකාරිය මගින් ණය ආධාර යටතේ ඉදිකර තිබිණි.
 
ගම්මානේ සමරු ඵලකය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා නිවාස කීපයක් විවෘත කිරීමට එක්වූ අතර පසුව එහි පැමිණ සිටි ජනතාව අමතමින්  කාන්තා මූලික ආර්ථිකය ශක්තිමත් කරන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය.
 
මෙහිදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ   මෙරට කාන්තා ජනගහනය වර්ධනය වීමත් සමඟ කාන්තාව බහුතරය වී පිරිමි සුළුතරය බවට පත්ව තිබෙන බවය. එම හේතුව නිසා කාන්තා මූලික සමාජය රටේ බහුතරයක් තිබෙන බවත් අනෙකුත් රටවල් දියුණු වී ඇත්තේ ඉතිරි කිරීම ප්‍රගුණ කිරීමෙන් බව ය.
 
ලබන නොවැම්බර් මාසයේ ජනතාව ලබාදෙන වරමත් සමග   කාන්තාව ඉතිරි කිරීම සඳහා යොමුකර රටේ සංවර්ධනයට කාන්තා ප්‍රඥප්තියක් ඇතිකර වෙනත් රටවලින් මුදල් ඉල්ලා හිඟා කෑම හඬා වැටීම නවතා රටේ ආර්ථිකය ඉදිරියේදී ශක්තිමත් කිරීමට තමා සූදානම් බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.



අදහස් (0)

‘කාන්තාව මූලික කරමින් ආර්ථිකය ශක්තිමත් කරනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site