(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
එක්සත් ජාතික පක්ෂය දැන් සම්පූර්ණයෙන් බිඳ වැටුණ පක්ෂයක් බවත් එම පක්ෂයේ ඇමැතිවරුන්ට දැන් හම්බකරන් කන එක ඇරෙන්න පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවටවත් එන්න වුවමනාවක් නැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පුණ්ඩලුඔයේදී අද (31) පැවසීය.
“තවත් ජනාධිපතිවරණයක් එපා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු” යන මැයෙන් පූණ්ඩලුඔය නගරයේදී අද පැවති උද්ඝෝෂණයකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
‘‘ජනතා විමුක්ති පෙරමුණ විදිහට රනිල්, මෛත්‍රීපාල ගෙනාපු සෑම අය- වැය කටම විරුද්ධව ඡන්දය ලබා දී තිබෙනවා. දෙවන වර කියවන අවස්ථාවේදී අය- වැය පරාජයට පත් කිරීමට බැරි වුණේ මහින්ද මහතාගේ පිලෙන් මෛත්‍රීපාල මහතාගේ පිළට සම්බන්ධ වෙලා ඉන්න මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඡන්දේ දෙන්න පාර්ලිමේන්තුවට ආවේ නැති නිසා එක්සත් ජාතික පක්ෂයට අය වැය ජයග්‍රහණය කරන්න පුලුවන් වුණා.
විෂයන් පරාජය වීම ගැන ගත්තොත් එක්සත් ජාතික පක්ෂය දැන් සම්පූර්ණයෙන්ම බිඳ වැටුණ පක්ෂයක්. ඒ අයගේ ඇමතිවරුන්ට හම්බ කරන් කන එක ඇරෙන්න අඩු ගානේ තමන්ගේ පක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තුවට එන්න උවමානාවක් නෑ.
ඒ නිසා තමයි අමාත්‍යාංශ දෙකක විෂයන් 02ක පැරදුණේ.
5 වැනිදා අය- වැයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද හය අය වැය පරාජය කරන්න ඡන්දය දෙනවා. මේකේ තීන්දුව එන්නේ විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කණ්ඩායම ගන්න තීන්දුව මත.
අය- වැය පැරදුණොත් ඔය විෂයන් දෙක විතරක් නොවෙයි සියලුම විෂයන් පරදිනව. එසේ නැතිනම් ආණ්ඩුව ජයග්‍රහණය කළොත් ආණ්ඩුවට වගකීමක් එනවා නැවත කැබිනට් මණ්ඩලයට ගිහින් පැරදුණ විෂයන් දෙක නැවත කැබිනට් මණ්ඩලයේ සම්මත කරගෙන යලිත් පාර්ලිමේනතුවට ගෙනත් සම්මත කරගන්න.
ඒ නිසා යම් කිසි ආකාරයක පීඩනයක් විශේෂයෙන් පළාත් පාලන ආයතනවල සේවකයින්ට එන්න පුලුවන්. පළාත් පාලන ආයතනවල කටයුතු වලටත් ඒකේ යම් කිසි ආකාරයක බලපෑමක් එන්න පුලුවන්. ආණ්ඩුව අය - වැය තුන්වෙනි වර දින ඉවර වෙලා දින්නට පසුව අලුත් සංශෝධනයක් ගෙනාවේ නැත්නම් වෙන අර්බුදයක් එන්න පුලුවන්.”
2025 දෙසැම්බර් මස 18
308
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාපය දැන් බිඳ වැටුණ පක්ෂයක් - බිමල්