IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ආණ්ඩුව අලුත් වුණාට රජය පරණයි

(මොහොමඩ් ආසික්)

ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කීය.

ඒ මහතා එම අදහස් ප්‍රකාශ කළේ අද 11 වනදා පස්වරුවේ මහනුවර හල්ඔළුව ප්‍රදේශයේ පැවැති මහජන හමුවකදී අදහස් දක්වමිනි.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

ආණ්ඩුව කියන්නේ එකක්. රජය කියන්නේ තව එකක්. ආණ්ඩුව අලුත් එකක් රජය පරණ එකක්. පරණ රජයමයි මේ තියෙන්නේ .හැබැයි ආණ්ඩුව අලුත්. පරණ රජයට පුරුදු වෙච්ච නිතියක් පුරුද්දක් ක්‍රමයක් සංස්කෘතියක් තියෙනවා .ඒ සංස්කෘතියේ නරක ඒවත් තියෙනවා හොඳ ඒවත් තියෙනවා .අපට බලය ලැබිල තියෙන්නේ රජය මෙහෙයවන්න.රජය ආණ්ඩුවේ නෙවෙයි. මේ රජය තුල අපට ඕන ඒවාම ක්‍රියාත්මක කරන්න හැමෝම සූදානම් නෑ. තවම පරණ විදිහ. තවම පරණ වැරදිත් වෙනවා. දේශපාලනයේ වැරැද්ද අපි හදා ගත්තා. නමුත් තවමත් රජයේ නිලධාරින් ඉන්නවා මිනිස්සුන්ට වැඩක් කරන්න ඔවුන්ගෙන් කීයක් හරි ගන්න අය.

තවමත් ඉන්නවා ළමයා ඉස්කෝලේ දාන්න ගියහම කීයක් හරි ඉල්ලන අය. දෙන අයත් සමහර විට කියන්නේ නෑ. එහෙම කියන්නේ නැත්තේ දීල මොකක් හරි කර ගන්න පුළුවන්නේ. තමන්ගේ වැඩේ වුණ නිසා කොහාටවත් පැමිණිලි කරන්නෙත් නෑ. ගන්න අයයි දෙන අයයි අතර තවමත් ෂේප් එකේ තවමත් වැඩ යනවා. අපි සුද්ද කර ගත්තේ ආණ්ඩුවේ පැත්ත.රජය පැත්තෙන් ජනමතයට ඕන විදිහටම හැම තැනම වැඩ යන්නේ නෑ. ජනතාවගෙනුත් මේකට සම්පූර්ණ සහාය ලැබෙන්නේ නෑ. ඒකනේ සමහර ගොවියන් ආණ්ඩුවට එක වී ඇටයක්වත් දෙන්නේ නෑ කියල කියන්නේ.පොහොර දෙන්නෙත් රජයෙන්.වතුර දෙන්නෙත් රජයෙන් .නමුත් වී ඇටයක්වත් රජයට දෙන්නේ නෑ කියල කියන්නේ ඔවුන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 ක් දෙනව කියන්නේ ජනතාවගේ කැමැත්තක්නෙ මේ. ඒකේ රාජ්‍ය සේවකයොත් ඉන්නවනේ. හැමෝටම රට හදන්න ඕන හැබැයි තමන්ට අත තියන්නේ නැතිව. අපි කරන හැමෝම හිතනව අපි කලින් කරපු ජඩ වැඩ බලු වැඩ ඔක්කොම කර ගෙන ඉන්න දෙන්න අනෙක් අයව වෙනස් කරල රට හදන්න යැයි සමහරු කියන බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

 



අදහස් (2)

ආණ්ඩුව අලුත් වුණාට රජය පරණයි

Nimal Wednesday, 12 February 2025 07:44 AM

පසුගිය දසක 4ක් පමණ කාලයක ලංකාවේ පවතී. සෑම රජයකටම එරෙහිව ගොවින් සමඟ එක්ව සියලු පොහොර සහනාදාර සහ වන්දි බත සපයන ගොවීන්ට ලබාදිය යුතු බවට අරගල කළ ජේවීපි පක්ෂයට 2/3 බලයක් ලැබී ඇත. රජයේ නිලධාරීන්ට හෝ පසුගිය ආණ්ඩුවලට චෝදනා නොකර ගොවින් සමඟ එක්ව ගැටලුව විසදන්න.

:       5       21

vatahuna Monday, 17 February 2025 03:26 PM

උඩ අලුත් වුණාට යට ඒවා පරණයි... හත්වලාමේ වෙච්චි දෙයක්...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 514 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 317 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site