(දයාරත්න ඇඹෝගම)
‘‘පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හයියත් පොඩ්ඩක් පෙන්නන්න ඕනේ කියලා තමයි එදා පොඩි සෙල්ලමක් දාලා ඇමැතිවරුන් දෙන්නෙකුගේ වැය ශීර්ෂ පරාජය කළේ. අපි පොඩ්ඩක් අපේ අයට රෙඩ් ලයිට් එකක් පෙන්නුවා.‘‘ යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ හබරණ පළුගස් වැව ශ්‍රී ආලෝක විහාරස්ථානයේ ශ්‍රී රාහුල දහම් පාසලේ විවිධ අංශ වලින් දක්ෂතා දැක් වූ දරු දැරියන් ඇගයීමත්,දහම් පාසල් ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
‘‘අද අපි කතා කරන්න යනකොට අපේ ලංකාව විනාශ වෙලා ඉවරයි.ඒකට හේතුව තමයි හරියට දහම් අධ්‍යාපනය දරුවන්ට එදා දීපු නැති නිසා.ලෝකය දිහා අපි බලනකොට අද ලංකාව ප්‍රධාන කුඩු මධ්‍යස්ථානයක් වෙලා ඉවරයි.පාතාල ලෝකේ රටක් විදිහට නම් කරලා ඉවරයි.ලෝකයේම ප්‍රධාන ත්‍යාගයක් ලබා ගන්න පුළුවන්නම් ලංකාවට තමයි දෙන්න ඕන කියලා දැන් අද මුළු ලෝකයම කතා කරනවා.
ඊයේ පාර්ලිමේන්තුවේදීත් අහගෙන හිටියා.අපේ මැති ඇමතිගොල්ලගේ කතා.මං කණගාටුවෙන් මෙතනදී ප්‍රකාශ කරනවා.අවුරුදු 20ට පෙර හිටපු රජයයි.ඒ වගේම අපේ යහ පාලන ආණ්ඩුවට අවුරුදු 04ක් ගත වෙලා ඉවරයි.විදුලි බලය මේ දවස් වල උදේ ඉඳලා හවස් වෙනකන් දවසකට පැය 04ක් කපනවා.මේ කපලා කපලා අන්තිමට චෝදනාව කළේ කාටද අහිංසක නිලධාරී ගොල්ලට.නිලධාරීන් මේවාට පළි නෑ.
එදා යහ පාලන ආණ්ඩුව හදනකොට 2015 දී අපේ ජනාධිපතිවරයා,රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා,මුදල් ඇමති රවී කරුණානායක ඇමතිවරයා සියළුම මැති ඇමතිවරුන්ට කෝටි ගාණක් මුදල් ලබා දුන්නා.
අවුරුදු 04 ක් පාලනය කරලා අපේ පාලකයන්ට බැරි වුණා විදුලිය කපන්නේ නැතුව මේ ලංකාවේ ජනතාවට විදුලිය ලබා දෙන්න.
මොනවාද අඩුපාඩු තියෙන්නේ ලංකාවම විදුලිය නිෂ්පාදනය කරන්නේ වතුර වලින්.අව්වෙන් නිෂ්පාදනය කරනවා ඒ සම්පත් තියෙනවා.ඒ දෙක තියෙද්දිත් නිෂ්පාදනය කරන්න බැරි වෙලා ඇඟිල්ල දික්කෙරුවේ කාටවත් නෙවෙයි.අහිංසක රජයේ නිලධාරීන්ට.
එදා හොරකම් කෙරුවා හොරකම් කෙරුවා කියලා කිව්වා.අවුරුදු 20ක්.කව්ද හිරේ ගියේ.අවුරුදු 20ක් හොරකම් කරපු හොරු අද එළියේ ඉන්නවා. අහිංසක නිලධාරීන් තමයි එල්ලුම් ගහට ගියේ.
හරියට විනයක් නැතුව ගමන් කරපු නිසා තමයි අපේ ලංකාව මේ විදිහට ගමන් කරන්නේ.මම හිතන විදිහට බය වෙන්න එපා අපේ විදුලි බල ඇමති රවී කරුණානායක ඇමතිවරයා කිව්වා සිංහල අවුරුද්දෙන් පස්සේ කිසිම විදුලිය කැපීමක් නැතුව විදුලිය ලබා දෙන වගකීම බාර ගන්නවා කියලා. ඒක නිවැරදිවම වෙනවා කියලා මෙතන දී ජනතාව ඉදිරියේ මං වගකීමෙන් ප්‍රකාශ කරනවා.‘‘
2025 දෙසැම්බර් මස 18
308
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපේ අයට රතු එළියක් පෙන්නුවා