IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


2020 ගැන කතා වෙන්නෙත් බැසිල් නිසයි

(බිඟුන් මේනක ගමගේ) 
 
ඒකාබද්ධ විපක්ෂය ලද විශාලතම ජයග්‍රහණය වන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවා පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කිරීම යැයි ද එහි සම්පූර්ණ ගරුත්වය හිමිවිය යුත්තේ බැසිල් රාජපක්ෂ මහතාට යැයි ද දිගාමඬුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවැසීය.
 
නොයෙක් පිරිස් 2020ට ඉදිරිපත් වන විවිධ නායකයන් ගැන කතා කළත් එවැනි සාකච්ඡා කිරීමට හෝ හැකි වාතාවරණයක් නිර්මාණය කෙරුණේ බැසිල් රාජපක්ෂ මහතා නිසා බව අමතක නොකළ යුතු යැයි ද දිසානායක මහතා අවධාරණය කළේය.
 
දහසයේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය සමඟ සමගි සාකච්ඡාවලට අද පැමිණෙන්නේ පළාත් පාලන මැතිවරණයෙන් ලද ජය නිසා යැයි කී හෙතෙම එහි ප්‍රතිඵල අනෙක් පැත්ත හැරුණේ නම් ඔවුන් කිසි දිනෙක ආණ්ඩුවෙන් එලියන නොබසිනු ඇතැයි ද කීවේය.
 
විමලවීර දිසානායක යනු ශාඛා සමිතියේ සිට වසර 36 ක් තිස්සේ දහඬිය කඳුළු හෙලමින් පැමිණි තම දේශපාලන ගමනේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇමැතිකමත් සංවිධායකකමත් පරිත්‍යාග කළ කෙනෙකු යැයි ද එනිසා කිවයුත්ත කෙලින්ම කීමට කිසිවිටෙක මැලි නොවන්නේ යැයි ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

2020 ගැන කතා වෙන්නෙත් බැසිල් නිසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site