IMG-LOGO

‘සටන් කළ යුත්තේ ආණ්ඩුව ගෙදර යැවීමටයි‘

(මුදිතා දයානන්ද)

‘අප සටන් කළ යුත්තේ රට කන වැඩ බැරි ආණ්ඩුව ගෙදර යැවීමට මිස අපේ ආධාරකරුවන්ට ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීධූර ලබාදෙන්න නොවේ‘ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (11) පැවසීය. 

පිටකෝට්ටේ පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදි මේ අදහස් පළ කළ ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.

‘‘අපි එක සන්ධානයක් ලෙස සිටින ප‍්‍රමුඛ අරමුණ අමතක කර කටයුතු කරන්නට ගියහොත් අප කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටෙනවා. අපේක්ෂකත්වය වෙනුවෙන් ආණ්ඩුවට සආය දෙන්න පුළුවන් නම් ජනතාව අපිව විශ්වාස කරන්නේ කොහොමද? 

ඒකාබද්ධ විපක්ෂයට දැවැන්ත සවියක් වුණ ශ‍්‍රියාණි විජේවික‍්‍රම මන්ත‍්‍රීතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය පළ කර තිබෙනවා. මාධ්‍ය අපෙන් අහනවා ඇයි එතුමිය ගියේ කියලා. ඇත්තටම එතුමිය ගියා නෙවෙයි යැව්වා. එතුමියට කිසිම ප‍්‍රතිපත්තිමය ගැටුමක් කලකිරීමක් ඒකාබද්ධ විපක්ෂය තුළ තිබුණේ නැහැ.

නමුත් නාමයෝජනා ලැයිස්තුව සකස් කිරිම සම්බන්ධයෙන් ප‍්‍රශ්න විසඳාගන්න අම්පාරේ නායකයින් ශ‍්‍රියාණි මන්ත‍්‍රීතුමියට අවස්ථාව දුන්නේ නැහැ. ඒ නිසා ඇය ගියා. මේ විදිහටම ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ජයන්ත විජේසේකර මන්ත‍්‍රීතුමාත් ගියා. මේ අයගේ ඉල්ලිම් සාධාරණයි කියලා මම කියන්නේ නැහැ.

නමුත් තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිය යුතුයි. අපේ මූලික අරමුණ ගැන ශ්‍රීයාණි මන්ත‍්‍රීතුමිය තමන්ගේ දුක කේන්තිය නිවී ගියාට පස්සේවත් කල්පනා කරලා මේ ගත්ත තීරණය වෙනස් කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා‘‘ 



අදහස් (8)

‘සටන් කළ යුත්තේ ආණ්ඩුව ගෙදර යැවීමටයි‘

ravi Monday, 11 December 2017 07:57 AM

කරේ දාගෙන හිටපු චීවරය පැත්තකින් තියලා, පාර්ලිමේන්තුවට පැනගත්තා වගේ... ආණ්ඩුව ගෙදර යවන එක පහසු වෙන එකක් නැහැ.

:       112       806

silva Monday, 11 December 2017 11:53 AM

ඒ කියන්නේ ආයිමත් බැසිල් කියන විදිහට නටන්න වෙනවා මේ පොහොට්ටු පිරිසට. හා හා ඉස්සෙල්ලා ආණ්ඩුවේ තිබුණු ලොකුම චෝදනාව වුණෙත් බැසිල්, එයාට ඕනෑ විදිහට ඇමැතිලාවත් පාලනය කළා කියලනේ... එහෙනම් මේ පොහොට්ටුවෙන් අනාගත්තේ එන්න ඉන්න ඔක්කොමලා දැන්ම ඉඳන් බැසිල් මහතාට සාදුකාරයක් දීගෙනම එන්නකෝ...

:       3       166

chathuri Monday, 11 December 2017 01:34 PM

මේ රටේ දේශපාලකයෝ හිතන් ඉන්නේ ඒ කට්ටිය පිනට ජනතාව වෙනුවෙන් වැඩ කරනවා කියලයි. අධික වැටුප් සහ සුර සැප... නොමිලේ බුද්ධිමත් ජනතාවට රටට සේවයක් නැහැ කියලයි කියන්නේ. ආණ්ඩුව පෙරලන්න. වැඩ බැරි රජය, ගෙදර අරින්න. මේ කිසිවක් ඔබ වැනි අයට කරන්න බැහැ. ජනතාවගේ අතේ තමයි තීරණය තියෙන්නේ... එකනේ හොරුටික රොත්ත පිටින් ගෙදර යැව්වේ. දැන් ඔබට තියෙන මුදල් වංචා නඩුවට මූණ දෙන්න. ජනතාව බලාගනියි වැඩ බැරි කට්ටිය කවුද කියලා...

:       27       450

Sathyayaa Tuesday, 12 December 2017 01:49 AM

70 දශකයේ ප්‍රංශයේ ප්‍රසිද්ධ නාට්‍යයක් තිබුනා "Waiting for Goddo " (ගොඩෝ එනකන්). මේ නාට්‍යය ගැන දන්නා යුරෝපා ජාතික බොහෝ දෙනෙක් මේ නම පාවිච්චි කරනවා කවදාවත් නේන පුද්ගලයෙක් ගැන හෝ කිසිදාක සිදු නොවන දෙයක් ගැන මනෝ ලෝකවල සිහින මවන පුද්ගලයන් ගැන සඳහන් කරන්න. හිරු බැසයන උදයකදී ඔබගේ සිහින සැබෑ වේවා කියා පතමු.

:       17       209

Chandra Tuesday, 12 December 2017 02:15 AM

සටන් කල යුත්තේ ලංකාව යහපත් දේශයක් කරන්න දුෂිතයන්, දේශපාලුවන් ගෙදර යවන්න. ඒ විතරක් නෙමේ නීතියේ රැහැනට හසුකරගන්න.

:       11       157

sam Friday, 15 December 2017 09:01 AM

මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොවේ. බ්‍රයන් ෂැඩොක් වංචා නඩුවෙන් මහා උළු ගෙදර යාම වළක්වා ගැනීමට පමණි.

:       2       145

dasa Sunday, 17 December 2017 12:07 AM

මගේ රුපියල් සීයට මොකද කලේ?

:       2       15

rocky Monday, 15 January 2018 03:05 AM

සටන් කල යුත්තේ සියලුම හොරුන් ආණ්ඩුවේ බෝඩිමට දැකීමටය!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site