IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘‘වත්මන් ආණ්ඩුව ගුරුවරයාගේ බඩට ගහලා‘‘

(අංජුල මහික වීරරත්න)

යහපාලන ආණ්ඩුව ලාභ ලබන ආයතන වලින්  වැට් බදු ලබාගෙන ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳීමට මූලික පියවර තැබූ නමුත් වත්මන් ආණ්ඩුව පැමිණි සැනින් වැට් බද්ද කප්පාදුකර ලොකු මිනිසුන් ආරක්ෂා කොට ගුරුවරයාගේ බඩට ගසා ඇතැයි හිටපු අධ්‍යාපන අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

ආණ්ඩුව අද පහර පිට පහර ගසන්නේ ඔවුන් බලයට ගෙන ඒමට මූලික වී ඡන්දය දුන් රාජ්‍ය සේවකයන්ට මෙන්ම ගුරුවරුන්ට බව කී කාරියවසම් මහතා  අද මෙරට දරු පරපුරේ අධ්‍යාපනය වසර එකහමාරකින් දෙකකින් පමණ ආපස්සට හරවා තිබෙන හෙයින් දෙපාර්ශවයම මැද තැනකට පැමිණ ප්‍රශ්නය විසඳාගත යුතු බවද සඳහන් කළේය.

“බලයට පත්වූ ආන්ඩුවක් අඩුගණනේ ජනතාවට කාලා ඇඳලා ජීවත් වී ඉන්න වත් මූලික අවශ්‍යතා සම්පාදනය කළ යුතුයි. නමුත් මේ ආණ්ඩුවට එය වත් කරන්නට නොහැකි වී තිබෙනවා.අද සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමට ලක්ව තිබෙනවා” යනුවෙන්ද කාරියවසම් මහතා පැවසීය.



අදහස් (8)

‘‘වත්මන් ආණ්ඩුව ගුරුවරයාගේ බඩට ගහලා‘‘

sena Thursday, 14 October 2021 04:34 PM

බලයට පත්වූ ආන්ඩුවක් අඩු ගණනේ ජනතාවට කාලා ඇඳලා ජීවත් වී ඉන්න වත් මූලික අවශ්‍යතා සම්පාදනය කළ යුතු.මේ අවස්ථාවේ ජනතාවගේ බලාපොරොත්තුව ලංකාවේ පුර්ණ දේශපාලන වෙනසකි

:       7       9

chandima Friday, 15 October 2021 02:10 AM

මේ ආණ්ඩුවට කරන්න නොහැකි දේවල් වෙනුවට ඔයගොල්ලන්ගේ ආණ්ඩුවට කරන්න හැකිවුණු ඒවා කියන්නකෝ බලන්න

:       9       16

RaveendraSunday, 17 October 2021 06:23 AM

හිටපු ඇමතියෙක් නේද..... මම ගුරුවරුන් බාරව සිටි ඇමතිය නේද ..... දැන් මම බබා බව රටවැසියනේ දන්නේද......

:       3       15

රාමා Tuesday, 19 October 2021 03:49 PM

ඔබේ ආණ්ඩුව 2015 ඉඳලා වසර 4.5 බලයේ සිටිද්දී ඔය ප්‍රශ්නය විසඳන්න බැරිවුනේ මොකද. එහෙනම් මේ වෙලාවේ කවුරුත් වැඩ වර්ජන කරන්නෙත් නෑ කාගෙවත් බඩට වදින්නෙත් නැහැ නේද. තමුන් අධ්‍යාපන ඇමති හැටියට ඔය දේ කරන්න බැරිවුණා නම් කෝවිඩ් තියා මොන කරදරයක් වත් නැති කාලේ, මේ වගේ වසංගත තත්ත්වයක් තියෙද්දී කොහොමද කරන්නේ.

:       2       12

Bamunuarachchi Wednesday, 20 October 2021 12:03 PM

බඩට නොවෙයි ගහන්න ඕනේ පස්ස පැත්තට.

:       2       8

වල ඉහගෙන කෑම Thursday, 21 October 2021 03:22 PM

ලංකාවේ දේශපාලනය කොහොමද තියෙන්නේ කියල මේ කතාවෙන්ම තේරෙනවා. හිටපු අධ්‍යාපන ඇමති තමන් විසඳපු නැති ප්‍රශ්නයක් ගැන මේ ආණ්ඩුවට කොරෝනා උවදුර අස්සේ චෝදනා කිරීම කොතරම් ප්‍රාථමිකද?

:       2       10

ලලිත් අම්බලන්ගොඩ Saturday, 23 October 2021 09:17 PM

විපක්ෂයේ ඉන්නකොට කවුරුත් වර්ජකයින්ට ආදරෙයි.

:       0       9

Warun Monday, 25 October 2021 10:34 PM

සාපේක්ෂව හොඳ ඇමතිවරයෙක්

:       11       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site