IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘‘පළාත් පාලන මැතිවරණය අප ඉහළින් ජයගන්නවා‘‘

(බුලත්සිංහල ලක්මි කුඩලිගම)

අපි පාර්ලිමේන්තුවෙදි මැතිවරණයක් ඉල්ලනකොට කට වහගන්න වාඩි වෙන්න කියල වර්තමාන ජනාධිපතිවරයා අපට කියනවා. නමුත් ඔබ වාඩිවෙලා කට වහගන කරුණාකරල මැතිවරණය පවත්වන්න මුදල් ටික දෙන්න  සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බුලත්සිංහල ජන හමුව අමතමින් පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මේසේද අදහස් පළ කළේය.“

පසු ගිය කාලය පුරා අඛණ්ඩව නොකඩවා ප්‍රචාරක රැස්විම් පැවැත්වු එකම දේශපාලන පක්ෂය සමගි ජනබල වේගයයි. සමහරු රැස්විම් පවත්වනව, නතර කරනවා. මොකද ඒ අයගේ බලාපොරොත්තුව තව අවුරුද්දකින් මැතිවරණයකට ඉදිරිපත්විමයි. එක එක උප්පරවැට්ටි දාල මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි මැතිවරණ අයිතිය අහිමි කරන්නට ඉඩ දෙන්න සමගි ජන බලවේගය සුදානම් නැහැ.රටේ ජනතාව විකල්පය, උත්තරය සොයමින් සිටිනවා.

මේ රටේ ජනතාවට තවදුරටත් මෙහෙම අසාධාරණයට , පිඩාවට පත්වෙලා මෙහෙම දහදුක් විදින්නට හැකියාවක් නැහැ.මෙවර පලාත් පාලන මැතිවරණයෙන් මේ රටේ පලාත් පාලන ආයතනවලින් අති බහුතරයක බලය හිමි කර ගන්නවා. පලාත් පාලන මැතිවරණය අපි ජය ගන්නකොට මේ ආණ්ඩුවට පවතින්න බැරි වෙනවා. ඊ ළගට මහ මැතිවරණයක් එනවා. ඒ මහ මැතිවරණයෙදි බුලත්සිංහලත් කළුතර දිස්ත්‍රික්කයත් ඇතුළු මුළු රටම අපි ජය ගන්නවා. එතනින් නතර වෙන්නෙ නැහැ අනිවාර්යෙන්ම ජනාධිපතිවරණයකුත් එනවා. ඒ ජනාධිපතිවරණයෙන් මිනිසුන්ගේ දුක හදුනන , මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලට සානුකම්පිතව සංවේදිව ඇහුම්කම්දි විසදුමක් ලබාදෙන රටට උත්තර ලබාදෙන සමගි ජනබලවේගයේ ජනාධිපතිවරයා මේ රටේ බිහි කළ යුතුයි

ඔන්න ඔය තත්ත්වය නිසා තමයි වර්තමාන ජනාධිපතිවරයා මැතිවරණයක් ඉල්ලන කොට කියනවා කටවහඟන වාඩි වෙන්න කියලා. අපේ බලාපොරොත්තුව මුළු රටටම නිෂ්පාදන කර්මාන්ත කේන්ද්‍ර කරගත්, ඩිජිටල් කර්මාන්තය කේන්ද්‍ර කරගත්පරිගණක කර්මාන්ත කේන්ද්‍රකරගත්, නව ආර්ථික විප්ලවයක් මේ රටේ ඇති කිරිමයි.

රටේ ආර්ථිකය කුඩා කරල, ජන ජිවිත හකුළුවලා මේ ප්‍රශ්නවලින් ගොඩ එන්නට හැකිවෙයි කියල මේ ආණ්ඩුව හිතනවා.ඒක හරියන්නෙ නැහැ.රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට ත්‍රස්ත යුද්ධ දෙකකට මුහුණ දෙන්න සිදු වුණා. ඒ කාලෙ එතුමා රට රැක ගත්තෙ ආර්ථිකය වර්ධනය කරලයි. එක පැත්තකින් මානුෂිය ධනවාදයත් අනෙත් පැත්තෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවායත් ක්‍රියාත්මක කළා.

මේ රටේ වතු කම්කරු ජනතාවගේ ජන ජිවිතය ශක්තිමත් කිරිමේ වගකිම අපි බාරගන්නවා වගේම කම්කරු තලයේ ඔවුන්ව හැමදාමත් නොතබා කුඩා තේ වත්තක හිමිකාරත්වය ලබා දෙනවා.මේ රජයට වැඩපිළිවලක් නැහැ. රටේ ප්‍රශ්න තියෙනවා කියල බඩු මිල, විදුලි බිල වැඩි කරනවා. බදු පිට බදු ගහනවා.

සමගි ජනබලවේග රජයක් යටතේ අනිවාර්යෙන්ම මේ රටේ දේපල සම්පත් හොරා කාපු හොරු ටික අල්ලනවා.හොරා කාපු මුදල් ටික අපේ මාතෘ භූමියට ලබා ගන්න කටයුතු කරනවා.මේවා හුදෙක් වචන විතරක් නෙමෙයි.“ස්ටෝලන්ඇසෙස් රිකවරි ඇප්“ කියල පාර්ලිමේන්තුවේ නව නිතියක් ගෙනවිත් වෙනම අධිකාරියක් ඇතිකර රටේ හොරා කාපු මුදල් ටික රටට ලබා ගන්නට කටයුතු කරනවා.



අදහස් (3)

‘‘පළාත් පාලන මැතිවරණය අප ඉහළින් ජයගන්නවා‘‘

nimal Monday, 13 March 2023 05:06 PM

කෙහෙල්වත්තෙන් හැමතැනම අරගෙන යන ඩයල් නම් තියෙනවා. අනේ පුතාණෝ මේ සැරෙත් පැරදිලා යාලට පනින්නද හදන්නේ..? නැත්නම් ඒකාලේ වගේ ආයෙත් පිස්සු හැදිලා අංගොඩට ගිහින් දාන්න වෙයිද?

:       5       17

Kumar (Gulf) Wednesday, 29 March 2023 11:41 PM

හම්බවෙයි ඉටි ගෙඩියක් .ඔබ "DANY BABIES" සමඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමට යන්නේ ?????

:       5       13

Sunil Monday, 01 May 2023 03:57 AM

ගොං හරකෙක්.

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 170 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site