IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ධන කුවේරයන්ට බදු සහන දුන්න ආණ්ඩුව ජල-විදුලි බිලට සහන දුන්නේ නෑ’

(නිමල කොඩිතුවක්කු)

ආදායම් බදු ගෙවන ධන කුවේරයන්ට බදු සහන දුන්න මේ ආණ්ඩුවෙන් සාමාන්‍ය ජනතාවගේ ජල බිලට, විදුලි බිලට සහ ඉන්ධන මිලට සහනයක් නොලැබුණ බව   ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක  මහතා කොළඹදී පැවසීය.

ජල බිලට, විදුලි බිලට සහ ඉන්ධන මිලට  සහන දෙමින් නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගෙනයමින් රට ආර්ථිකමය වශයෙන් ගොඩනැගීමට සමගි ජනබලවේගය කැපවෙන බවද රණවක මහතා සඳහන් කළේය.

සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ  අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව  පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක  මහතා මෙසේද කීවේය.

 “අද රට මුහුණ දෙන මූල්‍ය අර්බුදය, කොරෝනා වසංගතයත් එක්ක ජනතාව මුහුණ දෙන ප්‍රශ්ණය සහ අනාගතයේ මුහුන දෙන  ණය අර්බුදය  කියන කාරනා වලට මේ රජයට මොනම විසඳුමක්වත් නැහැ. මහමැතිවරණයෙන්  පස්සේ  ඉතාම බරපතල ආකාරයට  ජනතාවට තවත් බරපැටවිම්, රාජ්‍ය දේපල  විදේශීකයන්ට විකුණා දැමීම ආදී ක්‍රියාවලියක් සිදුවිමට ඉඩ තිබෙනවා.

කොරෝනා වසංගතයට පෙර දෙසැම්බර්  01 දා  ගෝඨාභය රජය ඉතාම ඉහළ ගනයේ බදු සහන ලබාදුන්නා. මෙහි ප්‍රතිළුලයක් විදියට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට පළමු හය මාසය තුල එකතු වෙලා තිබෙන්නේ  2019 වසරේ අපේ රජයේ  මුල් මාස හය තුළ එකතු වූ මුදලින් අඩකට ආසන්න මුදලක් පමණයි.  පළමු  මාස හයේදී අපේ රජය මගින්  රුපියල් බිලියන 464ක් වැනි මුදලක් එකතු කළා. නමුත් මේ  රජය යටතේ එකතු  කරගන්න පුලුවන් වෙලා තියෙන්නේ  රුපියල් බිලියන 245ක් පමණයි.

මේ ආදායම  එකතු කරගන්න රජය කොරෝනා වසංගතයත් එක්ක කඩා වැටිලා ණය වෙලා  ඉන්න ජනතාවට ඉතාම බරපතල බදු ගණනාවක් එකතුකරලා තියෙනවා.

පළමුවැනි එක තමයි  මේ ඛනිජගෙල් මත පනවා තිබෙන බද්ධ. 2015 බලවට පත්වූ අපේ රජය දින 13ක් ඇතුළත තෙල් මත  රාජපක්ෂලා පනවා තිබූ බදු ඉවත් කලා.  අපි ඉන්ධන මිල පහත දාලා ජනතාවට විශාල සහනයක් ලබාදුන්නා.  ඛනිජතෙල් නීතිගත සංස්ථාවට  ලැබෙන්නෙ තිබුන කෝටි හැටපන්දාහක ධනය අපි ජනතාවට ලබාදුන්නා.  හිතවතුන්ට  ලබාදුන්නු ටෙන්ඩර් අවලංගු කරලා  අපි ඛනිජතෙල් සංස්තාව  මූල්‍යමය වශයෙනුත් ස්ථාවර කළා.

මීට දින කිහිපයකට පෙර  අලුත්ම තෙල් නැව ආවා. ඩීසල්, පෙට්‍රල් මේ දෙකම එන්නේ රුපියල්  පනහකට වඩා අඩු මුදලකට. ඩීසල්  රුපියල් 104 කටත් පෙට්‍රල් 137කටත් විකුණමින්  සහගහන තෙල් බද්ධක් අද අපේ ජනතාවගෙන් අයකරනවා. 

මේ  රජයෙන් අපිට සහන බලාපොරොත්තු වෙන්න බැහැ.  ආදායම් බදු ගෙවන ධන කුවේරයන්ට බදු සහන දුන්නා. නමුත් රටේ සාමාන්‍ය  ජනතාවට සහන නැහැ. මුදල්  අච්චු ගගහා බැංකු වලට සල්ලි දාන එකෙන් රටේ ආර්ථිකය පනගන්වනන්න බැහැ.

සමගි ජනබලවේගය රජයක් යටතේ අපි විධිමත් නව  මිල සූත්‍රයක් හදුන්වා දීලා  මේ ඉන්ධන සහනය ජනතාවට ලබාදෙන්න කටයුතු කරනවා.

අද විදුලිය නිපදවන්න ප්‍රධාන වශයෙන්  භාවිතා කරන්නේ ගල් අගුරු සහ තෙල්.  දැන් ගල් අගුරු මිලත් අඩුවෙලා තියෙනවා. තෙල් මිලත්  අඩුවෙලා තියෙනවා. හැබැයි විදුලි බිල එහෙම්මමයි. වෙනදටත් වඩා වැඩිපුර දැන් ගාස්තු අයකරමින් සිටිනවා. විදුලි බිලට  ජල බිලට සහනයක් රටට අවශ්‍යයි.

අපේ ආණ්ඩුවක් යටතේ මේ සහන ලබාදෙන්න අපි කටයුතු කරනවා. ආදායම් අහිමි වූ පිරිස් වලට මාසිකව 20000ක සහනයක් ලබාදෙන්න සජිත් ප්‍රේමදාස මහතා දැනටමත්  කියලා තියෙනවා.

රාජ්‍ය සේවකයන්ට අද වනවිට  වැටුප් වර්ධක, විශ්‍රාම වැටුප් වර්ධක ගෙවලා නැහැ. අපේ කාළයේදී රාජ්‍ය සේවකයන්ගේ වැටුප දෙගුණ කළා. සුව විරුවො කිව්වට අද වනවිට වෛද්‍යවරයගේ සිට ඒ අවශ්‍ය දිරි දීමනා ගෙවන්නේ නැහැ.

අද වනවිට රටක් විදියට අපි දරුණු  ඩොලර් හිගයකින්  පෙලෙනවා.  සියලුම වර්ගයේ ආනයන සීමා කරලා තියෙනවා.  මේ නිසා අද වාහන ගෙන්වන පිරිස්, භාන්ඩ ගෙන්වන පිරිස් විශාල අපහසුතාවයකට පත්වෙලා තියෙනවා.

මේ ආණ්ඩුව තමන්ගේ නොහැකියාව  පෙන්වලා තියෙනවා. අපේ ආණ්ඩුව යටතේ  ඩොලර් බිලියන 7.2ක සංචිත තියලා ගියා. ඒ සංචිත වලින්  තමයි අද විදේශ ණය ගෙවන්න නෙමෙයි.  මේ සංචිත  තියෙන්නේ හදිසි තත්වයක්  යටතේ ඖෂධ ඇතුළු ද්‍රව්‍ය  ලබා ගැනීමටයි. එහෙම නැතුව විදේශ ණය ගෙවන්න නෙමෙයි. 

අද රටේ දරුණු  ඖෂධ හිගයක් තියෙනවා. පොහොර  හිගයක් තියෙනවා. මේ හැම ක්ෂේත්‍රයකින්ම  අද පෙන්වලා තියෙන්නේ රජයේ නොහැකියාවයි”යැයිද ඔහු එහිදි පැවැසීය.



අදහස් (1)

‘ධන කුවේරයන්ට බදු සහන දුන්න ආණ්ඩුව ජල-විදුලි බිලට සහන දුන්නේ නෑ’

Raveendra Monday, 29 June 2020 12:18 PM

මෙම දේශපාලුවන්ගේ කටින් දැන් නම් පිටවෙන්නේ පුදුමාකාර හැඟීම්බර වචනමයි දුප්පත් මිනිසුන් වෙනුවෙන්... "මෙවන් පාපතර කාලකන්නින් " නැවතත් දියවන්නාව පට්ටියට සුර සැප ගැනුමට තෝරා යවනවාද? නැද්ද? යන්න සියදහස් වාරයක් සිතිය යුතු නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31336 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13554 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11004 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 122 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 951 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site