IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘කලවම් වෙච්ච ආණ්ඩුවක් අපි හදන්නේ නැහැ‘

(අලුත්ගම තුසිත කුමාර ද සිල්වා)

සමගි ජනබලවේගය ඉදිරියේ දී බිහි කරන්නේ මිශ්‍ර රජයක් නොවන බවත් රටේ ජන කොට්ඨාස නියෝජනය වන සංස්කෘතියද සමග වන දේශපාලන ගමනක් බවත් සමගි ජනබලවේගය නායක හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා බේරුවලදී පැවැසීය.

ප්‍රේමදාස මහතා මේ අදහස් පළ කළේ සමගි ජනබලවේගය බේරුවල මොරගල්ල කාර්යාල පරිශ්‍රයේ පැවැති ‘ජන දුක විමසන විපක්ෂනායක ජංගම සත්කාරය’ ජනහමුව අමතමිනි.

තවදුරටත් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවැසීය.

අපේ අනාගත රජය මිශ්‍ර රජයක් නොවෙයි. තනි ශුද්ධ පිරිසිදු සමගි ජනබලවේග ආණ්‍ඩුවක්. හැබැයි සමගි ජනබලවේග ආණ්‍ඩුව පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය ගෙන ඒ බහුතරයට අමතර කොට්ඨාස අපි සංවිධානගත කරනවා. රටේ විවිධ ජන කොට්ඨාස සමග එකට ඒකාබද්ධ වෙලා රටේ සංස්කෘතිය නියෝජනය වන ආකාරයට දේශපාලන ගමනක් යාම බොහොම වැදගත් වෙනවා.

රජයේ සීනි මගඩියෙන් පසු පොල් තෙල් මගඩිය ක්‍රියාත්මක වෙලා. සීනි මගඩියටත් වඩා භයානක මගඩියක් දැන් සීනි මගඩියෙන් රටට කෝටි 1590 ක් අහිමි වුණා. පොල්තෙල් මගඩියෙන් අහිමි වන දේවල් මුදලින් තක්සේරු කරන්නට බැහැ. ඒවායින් අහිමි වන්නේ මිනිස් ජීවිත. පිරිපහදු නොකරපු පොල් තෙල් ගෙන්නපු සමාගම් තුනෙන් එක සමාගමක් පළමුවැනි වතාවට ෆේල් වෙලා, දෙවැනි වරටත් ෆේල් වෙලා. ආහාරවල තිබෙන ගුණාත්මකභාවය පිළිබඳව පරීක්ෂණ කර මේවා ජනතා පරිභෝජනයට සුදුසුද නැද්ද කියන කාරණාව රටට හෙළිදරව් කිරීම පිළිබඳව මා සෞඛ්‍ය නිලධාරීන්ට විශේෂ ස්තුතියක් කරනවා.

ප්‍රමිතිකරණ ආයතනයේ මෙයට අදාළ නිලධාරීන් රේගුවේ නිලධාරීන් රට ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ නැතුව විවිධ බලපෑම් මත සමාගම්වල බලපෑම්වලට යටත් වෙලා දැයි කියා සැක හිතෙනවා.

වෙළෙඳ ඇමැති බොහොම විහිළු සපයනවා. එතුමා කියන්නේ ජනතාවට හොඳම පොල් තෙල් පිළිබඳව හොයා බලා පරිහරණය කරන්නලු. 69 ලක්ෂයක් ජනාධිපතිවරණයේදී 68 ලක්ෂයක් මහ මැතිවරණයේදී මේ ආණ්‍ඩුව පත්කර ගන්නට කටයුතු කළේ ඔය වගේ උත්තර ගන්නද? එක පැත්තකින් පොල් තෙල් මගඩිය නිසා ජනතාවගේ ජීවිත අනතුරේ. තවත් පැත්තකින් මොකක්ද කරන්නේ. තවත් පැත්තකින් පරිසර හානිය.

එක ක්‍රමයකින් පොල්තෙල් ජාවාරම් කර කුට්ටි පිටින් ඩොලර් උපයා ජනතාවගේ ජීවිත අනතුරට පත් කරනවා. තවත් පැත්තකින් රටේ පරිසරය විනාශ කරලා. මා පැහැදිලිව කියන්න කැමතියි සමගි ජනබලවේගයේ අපි පරිසර හිතකාමී මේ රටේ පළමුවැනි හරිත පක්ෂයත් අපේ පක්ෂයයි. පරිසරයට මුල්තැන දී කටයුතු කරනවා විතරක් නොවෙයි අනාගතයේදී ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය ශක්තිමත් කරන්න අනිවාර්යයෙන්ම කටයුතු කරනවා.

රෝහල්ගතව සිටින රෝගීන්ට පිට ෆාමසිවලින් මුදලට ඖෂධ ගන්නැයි කියා චිට් එක දෙන යුගයක් අද රටේ නිර්මාණය වෙලා. ඒ වගේම ආරම්භ කරන සෞඛ්‍ය සංවර්ධන ක්‍රියාදාම සියල්ලක්ම ජනතාවට අහිමි කර තිබෙනවා.

හොඳට මතක තියා ගන්න සමගි ජන බලවේගය කියන්නේ පොදු ජනවාදී පොදු ජන හිතකාමී පරිසරයට ඇලුම් කරන ජනතාව ජීවත් කරවන අපේම පොදු ජන ආණ්‍ඩුවක්.

එය කලවම් වෙච්ච ආණ්‍ඩුවක් නෙවෙයි. ආණ්ඩුවක් බිහි කිරීමේ අරමුණින් පමණක් නිර්මාණය වන ආණ්ඩුවකුත් නෙවෙයි. ප්‍රතිපත්ති මත විද්‍යාර්ථික තාක්ෂණික වැඩපිළිවෙළක් මත සැලැස්මක් මත අප ජනතාවට පැහැදිලි පොරොන්දුවක් දෙනවා. අපේ රට නව සංවර්ධිත යුගයක් කරා අප ගෙන යනවා. ඒ ගෙන යන ගමනේදී මානුෂීයත්වයට මුල් තැන දෙමින් ශක්තිමත් කරනවා යැයිද පැවසීය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න සහ බේරුවල සමගි ජනබලවේගයේ සම සංවිධායක ඉෆ්තිකාර් ජෙමීල් යන මහත්වරු ද මේ අවස්ථාවට එක් වී සිටියහ.

 



අදහස් (3)

‘කලවම් වෙච්ච ආණ්ඩුවක් අපි හදන්නේ නැහැ‘

Raigama Friday, 02 April 2021 06:56 AM

ගිලෙන නැව්වලට කවුරුවත් එන්නේ නැහැ.

:       1       4

Chinthaka Friday, 02 April 2021 07:33 AM

මෙයා ආණ්ඩුවක් හදයි කියලා තමයි බය..

:       0       4

mp Sunday, 04 April 2021 05:40 AM

ඔයා ඉතින් 2025 වනතුරු ඔහොම කයිවාරු ගහගහ ඉන්න හොඳේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site