IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හිටපු ජනාධිපති මහින්ද ගැන වැඩි අයිතිය මටයි - ලක්ෂ්මන් වසන්ත

(මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැන දැන් ඔය කථාකරන කටත් වඩා අයිතියක් තියෙන්නේ මටයි .එදා ඔවුන් එතුමව පරාජය කරන්නයි වැඩ කළේ අද ඔවුන් නැවත වරක් එතුමාව පාරාජය කිරිමටයි කටයුතු කරන්නේ යැයි වැවිලි කර්මාන්ත නියෝජය අමාත්‍ය නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය.
 
නියෝජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවේ මාතලේ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පළාත් පාලන මැතිවරණයට තරගවදින අපේක්ෂකයින් දැනුවත් කිරිමේ වැඩ සටහනකට එක්වෙමින් ඊයේ (24)දින  මාතලේ ද ග්‍රෑන් මවුන්ටන් හෝටලයේ පැවති උත්සවයකදීය.

 
එදා හිටපු ඇමති ජනක බණ්ඩාරලා ඇතුළු පිරිස  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂව පරාජය කරන්න කටයුතු කළා .අද ඒ අයම එනවා හිටපු ජනාධිපතිකුමාට පනදෙන්න කියන්න.හිටපු ජනාධිපති තුමා ගැන මාතලේ වෙන කාටවත් කථා කරන්න අයිතියක් නැ . හැබැයි  ගමට එන්න එපා මහින්ද මහත්තය විකුනලා ඡන්දේ ගන්න මම හිතන්න එපා මමත් මේ ගේම ලේසියෙන් අත් අරියි  කියලා.
අපි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාට අදත් ආදරෙයි හෙටත් ආදරෙයි එතුමා රට බේරාගත් නායකයා වගේම දැන්  අපේ පක්ෂයේ  අනුශාෂකවරයා එතුමා අදටත් පපුවට ගහගෙන කියනවා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බව.ඔව් අපිත් ශ්‍රිලංකානේ දැන් අපි පක්ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමග පක්ෂය ශක්තිමත් කරනවා.
 මාතලේ දිස්ත්‍රික්කයේ  ජයග්‍රහණය සදහා අපි සමග තොණ්ඩමන් මහතාගේ පක්ෂයයි මුස්ලිම් ජනතාවගේ විශ්වාසයි ගොඩනගා ගැනිම තුළින් අපේ ජයග්‍රහණය තහවුරුවෙලයි තියෙන්නේ.එක්සත් ජාතික පක්ෂය සිදු කළ සමික්ෂණයන්ට අනුව ඔවුන් දැනටමත් ලග්ගල ආසනයේ පරාජය පිලිගෙන ඇති බව වාර්ථාවනවා.තව දින 45යි තියෙන්නේ. අපි ගෙයින්ගෙට ගොස් ජනතාව දැනුවත් කළ යුතුයි.අපේ ජයග්‍රහණය ස්ථිරයි යැයි පෙරේරා මහතා වැඩි දුරටත් සදහන් කළේය.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය නන්දිම්ත්‍ර ඒකනායක ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මාතලේ ආසන සංවිධායක උජිත් අනුරාධ මහතා රත්තොට ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිදායක චින්තන ඒකනායක මහතා දඹුල්ල ආසන සම සංවිධයකවරුන් වන පළාත් සබා මන්ත්‍රි ඩබ්ලිව් එම් යසමාන යුර් දයානන්ද ඇතුළු විශාල පිරිසක් එක්වුහ.

 



අදහස් (4)

හිටපු ජනාධිපති මහින්ද ගැන වැඩි අයිතිය මටයි - ලක්ෂ්මන් වසන්ත

Shan Wednesday, 27 December 2017 07:54 AM

මේ වගේ අයනේ ඡන්දෙ ඉල්ලන්නේ. මහින්දගේ අයිතිය කියන්නද මේ අහිංසක මිනිස්සු ගෙනාවේ?

:       0       16

sks Wednesday, 27 December 2017 07:54 AM

හිටපු ජනාධිපති මහින්ද ගැන වැඩි අයිතිය මටයි - ලක්ෂ්මන් වසන්ත (මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගැන දැන් ඔය කථාකරන කටත් වඩා අයිතියක් තියෙන්නේ මටයි .එදා ඔවුන් එතුමව පරාජය කරන්නයි වැඩ කළේ අද ඔවුන් නැවත වරක් එතුමාව පාරාජය කිරිමටයි කටයුතු කරන්නේ යැයි වැවිලි කර්මාන්ත නියෝජය අමාත්‍ය නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවසීය. අනේ මෙච්චර මහන්සි වෙන්නේ රට හදන්නද. දුක හිතෙනවා ඇමති කෙනෙක් කියන දේවල් වලට.

:       0       5

sachithThursday, 28 December 2017 04:06 AM

රට කෙසේවෙතත් මේ ඔක්කොම සෙල්ලම් තමන්ගේ දියුණුවට විතරයි, ඇයි ජනාධිපතිවරනේ ඉවර උන ගමන් අප්පචි මලෝ කිව කෙනාම දැන් අප්පචිචි හොදායි කියාගෙන යන්නේ.

:       0       11

කිරිහාමි නාඋල Saturday, 30 December 2017 04:29 PM

කථාව ඇත්ත ජනක තෙන්කෝන් දෙපිටකාට්ටුවා.ලගින් තියොත් ඇහැක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site