IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


සියලු දෙනාට නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙනවා

(අංජුල මහික වීරරත්න හම්බන්තොට සිට) 
වසර දෙකකට පෙර මෙන් නොව දැන් රටේ සියලු දෙනාටම නීතිය එක සමාන ලෙස ක්‍රියාත්මක වෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොටදී පැවසීය. 
 
යුගයේ අවශ්‍යතාව අනුව පැරණි නීති අලුත් කළ යුතු බව පෙන්වා දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා  රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණ ඇති මේ වටිනා අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතු යැයිද කීවේය. 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හම්බන්තොට ෂැන්ග්‍රිලාහි  පැවැති 2017 ජාතික නීති සම්මන්ත්‍රණය අමතමිනි. ශ්‍රී ලංකා නිීතිඥ සංගමය මෙය සංවිධානය කර තිබිණි.  එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය. 
 
රටේ පවතින ව්‍යවස්ථාව අවුරුදු හතළිහක් පැරණියි. වර්තමානයේ පවතින තත්ත්වය අනුව නව ව්‍යවස්ථාව අවශ්‍ය දැයි විමසා බැලිය යුතු වෙනවා. නව ව්‍යවස්ථාව සකස් කිරීමේ මූලික පියවරට අප අත ගැසුවා. මේ සඳහා සියලුම දෙනාගේ අදහස් ලබා ගැනීමට මා ක්‍රියා කරනවා. 
 
මහානායක හිමිවරුන්ටත් මේ සඳහා අදහස් සහ යෝජනා ඉදිරිපත් කළ හැකියි. නව ව්‍යවස්ථාව සැකසීමේදී මා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහානායක හිමිවරුන් හමුවී සාකච්ඡා කරනවා. 

පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට දී ඇති ප්‍රමුඛස්ථානය නව ව්‍යවස්ථාවෙන් කිසිවිටකත් වෙනස් කරන්නේ නැහැ.

විදේශීය ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම අත්‍යවශ්‍යයි. තෙල් පිරිපහදු කර්මාන්ත ශාලාව සිමෙන්ති කර්මාන්ත ශාලාව ඇතුළු කර්මාන්ත රැසක් හම්බන්තොට පිහිටුවීමට විදේශීය ආයෝජකයින් කැමැත්ත පළ කළා. මේ සියල්ලම සමගින් රටේ යටිතල පහසුකම් වැඩිදියුණු කළ යුතුයි. 

වසර දෙකකට පෙර මෙන් නොව දැන් රටේ සියලු දෙනාටම නීතිය එක සමාන ලෙස ක්‍රියාත්මක යැයිද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කළේය. 

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා: 
 
ව්‍යවස්ථා සම්පාදනය ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දරණ උනන්දුව ගැන අප සතුටු වෙනවා. එතුමා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ කථාව අප ඉහළින්ම පිළිගන්නවා. අප එකතුවී කටයුතු කළ යුතුයි. 
සාමුහිකව එකමුතුව වැඩ කරන බව අගමැති පෙන්නුම් කරනවා. නීතිඥ සංගමයේ කටයුතුවලදී සියලු ජාතීන්වල නීතිඥයින් සමග එකමුතුව වැඩ කරනවා. දේශපාලන වශයෙන් අපගේ සංගමය කිසිම කණ්ඩායමකට බැඳී නැහැ. සියලුම දේශපාලන මත දරන අය අපගේ සංගමයේ සිටිනවා. 

බලය බෙදීම ගැන අපට නිදහස් යෝජනා ඉදිරිපිත් කළ හැකිය. අපිට ඒ සඳහා අවස්ථාව දෙන්නයි  ඉල්ලනවා. ඒ කාර්යයට උදව් කිරීමට අප සූදානම්. 
 
ජාතික නීති සතියේ සංවිධායක කමිටුවේ සභාපති මුෂිඞ් මහරුෆ් මහතා පිළිගැනීමේ කථාව කළේය. 
මේ අවස්ථාවට අධිකරණ සහ විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරල, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ අලි සබ්රි, ලේකම් අනිල් රන්දෙණිය යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරී මණ්ඩලයද නීතිඥවරු විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ. 

(ඡායාරූප - ඉෂාන් සංජීව )
 


 

 



අදහස් (5)

සියලු දෙනාට නීතිය එක හා සමානව ක්‍රියාත්මක වෙනවා

Bamunuarachchi Monday, 13 November 2017 02:35 PM

"පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට දී ඇති ප්‍රමුඛස්ථානය නව ව්‍යවස්ථාවෙන් කිසිවිටකත් වෙනස් කරන්නේ නැහැ." වෙන්න පුළුවන් එනමුත් සියලු සුළු ආගම් පවා බුද්ධාගමට හිමි තැනට ගෙනාවොත් බුද්ධාගමේ තත්වය මොකක්ද? එකත් හරියට 75% ඉන්න සිංහලයාගේ සිංහල භාෂාව, රජයේ භාෂාව කරලා 12% දෙමල භාෂාව රජයේ භාෂාව කලාවගේ.

:       0       63

Bamunuarachchi Tuesday, 14 November 2017 02:26 AM

එහෙමනම් පාස් පොර්ට් 2 තිබුන තැනැත්තාට නීතිය ක්‍රීයාත්මක උනේ නැහැ නේද?

:       0       0

gamaati Tuesday, 14 November 2017 12:56 PM

අද රටේ නීතිය සියල්ලටම එක සමානව ක්‍රියාත්මක නොවෙන බව බොහෝ දෙනෙක් දන්නවා. දේසපාලන නායකත්වයත් මේ බව දන්නා නමුත් අපේ රටේ ඉන්නේ නුගත් පිරිසක් කියා සිතාගෙන නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක වෙන බව වේදිකාවලදී පවසනවා.

:       0       5

prakaash Wednesday, 15 November 2017 11:48 AM

බොරුවෙන් ජනතාව රවටනවා. ඒ බව මහබැංකු හොරකමෙන්ම පේනවා. ලැජ්ජයි !!!

:       0       57

සෙනෙවි Tuesday, 21 November 2017 11:02 AM

දවල්ද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 618 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17580 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site