(ප්‍රසාද් මුතුකුඩ)
“කොට්ඨාශ ක්‍රමයට ජන්දය ඉල්ලා සියයට 60ක් එද්දි සියයට 40ක් එනවා ඡන්දය ඉල්ලන්නේ නැතිව.ඒ අය ජනතාවගේ ප්‍රසාදයක් නැති අය.ඒ ක්‍රමයට අපි විරුද්ධයි “යැයි නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා කියයි.
ස්වදේශ කටයුතු අමාත්‍ය නිමල් ලංසා මහතා මේ බව පැවසුවේ අද (12) කටානේ පැවති විරෝධතාවකට එක් වෙමිනි.මාර්ග සංවර්ධනය හේතුවෙන් නිවාස අහිමි වන පිරිසක් එම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
“මැතිවරණය පැවැත්වු විට ජනතාවට ගමේ කෙනකු පත්කර ගැනීමට හැකියාව තියෙන නිසා තමයි අපි හැම සහයෝගයක් දුන්නේ .නමුත් අද වන විට අපිට දකින්න පුළුවන් .කොට්ඨාශ ක්‍රමයට ජන්දය ඉල්ලා සියයට 60ක් එද්දි සියයට 40ක් එනවා ඡන්දය ඉල්ලන්නේ නැතිව.ඒ අය ජනතාවගේ ප්‍රසාදයක් නැති අය.ඔවුන්ව පත් කරන්න බලය පවරලා තියෙන්නේ පළාතේ සංවිධායකවරයාට හෝ පක්ෂ ලේකම්වරයාට .අපි මේ ක්‍රමයට දැඩි ලෙස විරුද්ධයි.
අද රටේ ආර්ථික තත්ත්වය ඉතාම පසුබෑමකට පත් වෙලා, සංවර්ධනය ගැන ගැටළු මතුවෙලා .මීගමුව නගරයේ අපි එදා කරපු සංවර්ධනය අද දකින්න නැහැ .ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ,එකාබද්ධ විපක්ෂයත් එකමුතුව මේ පුංචි ඡන්දයට මුහුණදි ජයග්‍රහණය කර ජනතාවගේ බලාපොරෝත්තු ඉටු කිරීමට දැන් කාලය ඇවිත්.ඒ වගේම මාර්ග සංවර්ධනය රටට අවශ්‍ය කරුණක්.වසර 37 ඉඳලා නිවාස අහිමි වන මේ ජනතාවටත් ඉන්න තැනක් දිය යුතුයි. ඒ අයට ලබන 16 වැනි දා මීගමුව අධිකරණයේ පෙනි සිටින්න වෙලා තියෙනවා.මාර්ග සංවර්ධනයේ නිලධාරින්ගෙන් මම ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා නීතිමය කටයුතු අවසන් වන තුරු මේ ජනතාව ඒ නිවාසවලින් ඉවත් නොකරන ලෙසට.“යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සියයට 40 ක් ජනතා ප්‍රසදයක් නැති අය නිසා ජනතාව කලකිරිමෙන්
silva Sunday, 12 November 2017 01:02 PM
මෙයත් කැමති නැහැ වගේ ඔයාටත් අර හතළිය සෙට් එකට සෙට් වෙන්න පුළුවන්...
Bamunuarachchi Sunday, 12 November 2017 11:37 PM
මේ 40% කතාව අපිට පැහැදිලි නැත. අපට අදහස් දක්වන්න. දන්නා කෙනෙක් පැහැදිලි කරනවද?