IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


සමහර සභා පිහිටුවන්නේ ආප්ප න්‍යායයට

(සිටිනාමළුව - අනීෂා මානගේ)

බහුතරයක් සභා කාසියේ වාසියෙන් පිහිටුවන බවද ඇතැම් සභාවල මේ වන විට ආප්ප න්‍යාය ක්‍රියාත්මක කර ඇති බවද හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුයේ ඉකුත් (26) සවස තංගල්ල කාල්ටන් නිවෙසේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද කීය.

නගරසභාවේ බහුතර ඡන්දයත් අපි දිනලා. හැබැයි නගරාධිපති තෝරන්නේ ටොස්ට් එකෙන්. කාසියේ වාසියෙන් තමයි නගරාධිපති තෝරන්නේ. අපට අහිමි වුණේ නැහැ. ටොස්ට් එකෙන් අපි පැරදුණා. ජනතාවගේ බහුතරය තියෙන්නේ පොදුජන පෙරමුණට. මේ යහපාලන ආණ්ඩුවෙන් අසීමිත ප්‍රජාතන්ත්‍රවාදය කියල ලැයිස්තු ක්‍රමයක් හඳුන්වලා දුන්නනේ. සියයට හතළිහක් ලැයිස්තුවෙන් දෙනවා කියල. අන්තිමට මොකද වුණේ. එක සභාවක්වත් පිහිටුවාගන්න බැහැ. පිහිටගන්න පුළුවන් බහුතරයක් සභා දැන් ටොස්ට්වලින් පිහිටුවන්නේ. සමහර සභා අපිට ආරංචියි දැන් ආප්ප න්‍යායත් ක්‍රියාත්මක කරලා. අද රටේ මිනීමැරුම් වැඩිවෙලා.

අදත් උදේ මම දැක්කා ගෙදරකට වෙඩි තියලා. රාජපක්ෂලා හොරු, මිනීමරුවෝ කියල කෑ ගහපු අය. ගෙවල්වලට වෙඩි තියල යනවා. එදා කළා නම් කොහොමද. මේකට අහුවෙන්නේ ගෝඨාභය රාජපක්ෂ. හැප්පිලා මැරුණු තාජුඩීන්වත් ඝාතනය කළා කිව්වනේ. එහෙම ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරුන්ගේ ගෙවල්වලට ඇවිත් වෙඩි තියල යනවා. ආණ්ඩුවට හයියක් නැහැ මේ රටේ නීතිය හා සාමය ආරක්ෂා කරලා දෙන්න.

ආණ්ඩුවේ ඉන්න මැති ඇමැතිවරුන්ට හැකියාවක් නැහැ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න. ඒ නිසයි අපි කියන්නේ විශ්වාසභංගය අපි ගේනවා. අගමැතිතුමාව අපි එළියට දානවා. ඊට පස්සේ අපි ආණ්ඩුවට කියනවා කරුණාකරලා පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න. ජනතාවට ජීවත්වීමේ අයිතිය දෙන්න පුළුවන් ආණ්ඩුවක් පිහිටුවන්න කියල අපි කියනවා.

මේ ආණ්ඩුව යටතේ කිසිම කෙනෙක්ට සාධාරණ පරීක්ෂණයක් නැහැ. තනිකර බොරුව කරන්නේ. එෆ්සීඅයිඩීය කියන්නේ මේ ආණ්ඩුවේ දඩයම් මන්දිරය. අන්න ගිය සතියේත් මගේ කාර්ය මණ්ඩලයේ හිටපු අය, යාළුවෝ, හිත මිත්‍රයෝ පෝලිමට දැන් විශ්වාසභංගය ළංවෙනකොටත් ගේනවා. තාම බෝලෙ පාස් කරනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කට්ටිය කියනවා රනිල් මහත්තයගේ කට්ටිය කරන්නේ කියලා. රනිල් මහත්තය කියනවා මෛත්‍රීපාල මහත්තයගේ කට්ටිය කරන්නෙ කියලා. හැබැයි කවුරු කෙරුවත් මේ රටේ ජනතාව තමයි අන්තිමට මේකෙන් බැට කන්නේ.

අද විශ්වවිද්‍යාල වහලා මේ වෙනකොට. එක කාලයක් සයිටම් එකට විශ්වවිද්‍යාල වහල තිබ්බා. දැන්නම් ඇකඩමික් ස්ටාෆ් එක නිසා විශ්වවිද්‍යාල වහල තියෙනවා. දැන් මේ සීයට හයක් විශ්වවිද්‍යාලවලට දෙන්න ආපු ආණ්ඩුවනේ. සීයට හය කෙසේවෙතත් මාස හයක් විශ්වවිද්‍යාල වහල අවුරුද්දට. රනිල් මහත්තයගේ උපන්දිනේට ලොකූ තෑග්ගක් දුන්නා. රටේ අගමැතිතුමාගේ උපන්දින තෑග්ගට පෙට්‍රල් මිල රුපියල් නවයකින් වැඩිකළා. අද පැහැදිලියි ආණ්ඩුවට ආර්ථිකය හසුරුවාගන්න බැහැ.

ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරල දෙන්න බැහැ. අපි ජනතාවාදී අරගලයක් කරනවා. මැතිවරණ කාලේ වෙනකල් තෙල් මිල, පිටි මිල අල්ලන් හිටියා. මැතිවරණය ඉවර වුණාම මුළු රටමපාවෙනවා. ඩොලර් එක එකසිය පනස් අටයි අද. කිරිපිටි අසූවකින් වැඩි කරලා. පෙට්‍රල් නවයකින් වැඩි කරලා. මේ ආණ්ඩුව සම්පූර්ණයෙන් කරන්නේ ජනතාව නොමග යනව එකයි. ජනතාවට බොරු කරන එකයි.

රටක ආර්ථිකය වර්ධනය වෙනකොට යම්කිසි බඩු මිල වැඩිවීමක් වෙන්න පුළුවන්. හැබැයි ඒක අසාධාරණ වෙන්න බැහැ. ඒක ජනතාවට දරාගන්න බැරි වෙන්න බැහැ. දැන් තව ටික දවසක් ගියාම අපේ ගම්වල ඉන්න අම්මල තාත්තලා හැරමිටියෙන් ගහනවා ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ට.



අදහස් (1)

සමහර සභා පිහිටුවන්නේ ආප්ප න්‍යායයට

shan saudi Thursday, 29 March 2018 07:06 AM

මේ වගේ අය නිසා තමයි ශ්‍රීලංකා නිදහස් පක්ෂය විනාශ උනේ මහින්ද මහතාට ගෙදර යන්න උනේ...............

:       131       127

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1527 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site