IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘සම්බුද්ධ ශාසනයේ චිරස්ථතියට කටයුතු කරනවා‘

(බී.ජී. චතුරංග සහ දයාරත්න ඇඹෝගම) 

"මිහින්තලා  ප්‍රකාශනයේ" සඳහන් වන ආකාරයට විහාර ගම් දේවාල පනත යළි සකස් කිරීම සඳහා  මහා සංඝරත්නය,  විශේෂඥයින්, ප්‍රවීණයන්  සියලු  කොටස්කරුවන් ඇතුළු  සියළු  පාර්ශව කරුවන් සමග සාකච්ඡා කොට  සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා   අති මහත් බහුතරයකගේ එකඟතාවයෙන් යුතුව   කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 

ඒ මහතා  මේ බව ප්‍රකාශ කළේ  ඊයේ (2දා) සවස  මිහින්තලේ කුරුන්දන් කුලම  ග්‍රැන්ඩි  හෝටලයේ  පැවති  පැවති" මිහින්තලා ප්‍රකාශනය" එළි දැක්වීමේ උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා.

"මිහින්තලා ප්‍රකාශනය" මිහින්තලේ නායක හාමුදුරුවන්ගේ යෝජනාවක් පරිදි සකස් කල උන්වහන්සේගේ නිර්මාණයක් .  ආර්ථික සාමාජීය ආගමික වශයෙන්

ශක්තිමත් කොට සෞභාග්‍යමත් රටක්බුදු දහම කේන්ද්‍ර  කොටගත් සෙසු ආගම්වලට ශක්තියක් ලැබෙන රටක් ,

යුක්ති ගරුක නීතිගරුක සාමකාමී දියුණු  රටක් නිර්මාණය කිරීමේ ඓතිහාසික මිහින්තලා යෝජනාවලිය අද මහා සංඝරත්නය හා සෙසු ආගමික නායකයන්ගේ සහයෝගය මැද   එලි දැක්වුවා.

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනතා ආශිර්වාදය මැද  මේ රටේ තාවකාලික භාරකාරත්වය  සීමා සහිත කාල වකවානුවකට භාරගෙන ගෞරවනීය මහා සංඝරත්නයේ ආශීර්වාදය මැද මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කරන්නට මමත් මගේ කණ්ඩායමත් සැදී පැහැදී සිටින බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.මොනම ආකාරයකටවත් ඒ සදහා  ජනාධිපති බලය හිතුවක්කාර ලෙස තමන්ට ඕන ඕන විදිහට  භාවිතා කිරීමෙන් වලකින්න අපි කටයුතු කරනවා.

විශේෂයෙන්ම ඉපැරණි රජදරුවන් දවස අපේ රටෙි   ශිෂ්ඨාචාරය    ඉතාමත්ම ඉහළ තැනක තිබුණා.  සැමට සෞභාග්‍ය උදාවූ ඉපැරණි වාරි සංස්කෘතිය තුළ  එවන් ශ්‍රෙෂ්ඨ සංස්කෘතිකයක දැඩි බලාපොරොත්තු මේ මිහින්තලා ප්‍රකාශය තුළ සඳහන් වී තිබෙනවා.

මේ මිහින්තලා ප්‍රකාශනයේ සත්‍ය වශයෙන්ම යෝජනා වන්නේ අපේ   මාතෘ භූමිය වෙනුවෙන් රට වෙනුවෙන් විශේෂයෙන් ලක්ෂ 220ක් වූ ජනතාව වෙනුවෙන්    යුතුකම් ඉෂ්ට කිරීමයි.

විශේෂයෙන් දුක් විඳින ජනතාව එයින්  මුදාගෙන මේ රට සෞභාග්‍යමත් රාජ්‍යයක් කරා ගෙන යාමයි. ජාතික සංහිඳියාව ශක්තිමත්ව ක්‍රියාත්මක කොට   ජයග්‍රහණය කරා ගෙන යාමයිි.  ආගමික ප්‍රසිද්ධස්ථාන සංවර්ධනය කොට    ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කොට ගෙන.ශිෂ්ඨ සම්පන්න විනයගරුක සාමකාමී   ජන සමාජයක් ගොඩනැගීම  සඳහා ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිමයි .  ආගම දහම තුළින් නිර්මාණය වන යහපත් භාවය  . සමාජයේ දහම් සුවඳ ව්‍යාප්ත වන ඒ ඒ ආගම්වල  සංස්කෘතීන්  ආරක්ෂා වන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක කිරීමයි.  

ඒ වගේම ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා යෝජනා,  ඒ වගේම විවේචන ඒ හැමදේකටම සවන් දීලා යහපත් මානසිකත්වයකින් මේ ඉදිරිපත් කරන යෝජනා රටේ දියුණුව  සඳහා  ක්‍රියාත්මක කරන්නට  අපි අවංකවම කටයුතු කරනවා .ඒ වගේම විශේෂයෙන්ම    විවිධ ආගම් වලට සම්බන්ධ අය  , ආදිවාසී ප්‍රජාව, ඇතුළු මේ හැම ජන කොට්ඨාසයකම   හැම ආගමකටම සම්බන්ධ සියලුම දෙනා එකමුතු කරගත්තහම මහා දැවැන්ත පුදුම ශක්තියක් ඇතිවෙනවා.  ශ්‍රී ලාංකිකත්වය  අපේ රටේ ප්‍රධානතම අභිවෘද්ධියයි .

ඒ හැම ජන කොටසක්ම එකතු කරගෙන ඒ තුළ ඇතිවන ඒ මහා ජන බලවේගය  තුලින්  කඩා වැටුණු ගරා වැටුණ මෙි  දේශය සුවපත් කරන්න    අපි ඇප කැප වෙනවා.

ජනාධිපතිකම තනතුරක් ලෙස මම දකින්නේ නෑ. ජනතාව ලබා දුන් වරම තුළ මම ජනතා සේවකයෙක් ලෙසයි කටයුතු කරන්නේ.  යුතුකම් සහ වගකීමයි වැදගත් වෙන්නේ අපි හැමෝම මතක තියාගන්න ඕනා විධායක ජනාධිපති  කියන්නේ  ලංකාවේ බදු ගෙවන ජනතාවගේ මුදලින් යැපෙන පුද්ගලයෙක්.   මම බොහෝ විට උත්සාහ කරනවා.

එම යැපුම් භාවයෙන් මිදෙන්න.  බදු ගෙවන්නන්ගේ ඒ සීමිත මුදල් සම්භාරය තුළින්   යැපෙන ජනාධිපතිවරයෙක් වෙනුවට ඉන් ඔබ්බට ගිහිල්ලා පිටතට ගිහිල්ලා  කටයුතු කරමින් මේ බංකොලොත් රට ගොඩ ගන්නට  කටයුතු කරනවා.  මේ රටේ තිබෙන වටිනා විශේෂ සම්පත් වලින්    උපරිම ප්‍රයෝජන ගනිමින් රටේ සංවර්ධන ඇති කරනවා මේ රටේ තියෙන විවිධත්වයන් සංවර්ධනයට යොදාගන්නවා කිසිම ජන කොට්ඨාසයකට අගතියක් නොවන ආකාරයට කටයුතු කරනවා. අපි මේ මාතෘ භූමිය සම්පතින් සෞභාග්‍යයෙන්දියුණු රටක් බවට පත් කරන්නට අපි කැපවී සිටිනවා. 

ඒ වගේම මිහින්තලා ප්‍රකාශයේ පැහැදිලිව සඳහන් වෙනවා පුරාවිද්‍යා නීතිවලට සම්බන්ධ යම් යම් ක්‍රියාකාරකම්  නිසා බුද්ධ ශාසනයට සිදුවන අගතිගාමී බලපෑම්.  පුරාවිද්‍යා සංරක්ෂණය තිබිය යුතුයි පුරාවිද්‍යා සම්පත් අපේ අනාගත පරපුරට දැක බලා ගැනීමට තිබිය යුතුයි.  සියලු පරම්පරාව වෙනුවෙන් ඒවා රැක ගත යුතුයි ආරක්ෂා කළ යුතුයි.  නමුත් ඒ නීති රීති යාවත්කාලීන විය යුතුයි.  

ආගමික අවශ්‍යතාවයන්ට සරිලන ආකාරයට   ක්‍රියාත්මක කිරීම සඳහා අපි අලුත් කෝණයකින් බලලා   කටයුතු කරනවා . ඒ වගේම  ඓතිහාසික ස්ථාන   අති උතුම් වූ ඓතිහාසික මිහින්තලා සිද්ධස්ථානය ඇතුළු සියලු සිද්ධස්ථාන   සුරක්ෂා කෙරෙන අලුත් ක්‍රම වෙිදයකට යොමු වන්නට අපි කටයුතු කරනවා.

 ඒ වගේම විශේෂයෙන්ම දිවංගත ප්‍රේමදාස මගේ පියාණන්   මිහින්තලේ   මූලික කරගෙන ගම් උදා වැඩසටහන ක්‍රියාත්මක කළ කාලය තුළ  එතුමා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා  ඒ ප්‍රකාශය තුළ ථෙරවාදී බුදු දහම මුළු ලෝකය පුරා ව්‍යාප්ත කරන  ජාත්‍යන්තර භික්ෂු පුහුණු මධ්‍යස්ථානයක්  මිහින්තලා පුද බිම කේන්ද්‍ර කරගෙන නිර්මාණය කිරීමේ සිහිනය   තිබුණා ඒ සිහිනය සැබෑ කරවන්න මම කටයුතු කරනවා.

විශේෂයෙන්ම මෙම අවස්ථාවේ මොනම ආකාරයකින්වත්   මෙි කටයුතු සිදු කිරීම මග හරින්නෙ නැහැ.යැයි ද පැවසිය .

 



අදහස් (4)

‘සම්බුද්ධ ශාසනයේ චිරස්ථතියට කටයුතු කරනවා‘

විභූෂණ Tuesday, 03 September 2024 12:00 PM

කරුණාකර ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් - බෆල් කන්දොස්කිරියාවට නීතිය ක්‍රියාත්මක කරන්න. අවට ගෙවල්වල දරුවන්ට පාඩම් කරන්න බැහැ . ලෙඩෙකුට පාඩුවෙ නිදාගන්න නැහැ

:       24       15

Priyantha Dissanayake Tuesday, 03 September 2024 05:34 PM

තුණුරුවන් සරණයි ඔබතුමාට, ඔබතුමාට ජය නියතයි. කෘතගුණ දත් අතිබහුතරයක් මිනිසුන් සිටින රටක්, තුණුරුවනට පූජාවුණු රටක්. මේ උතුම් පින්බිම නිරතුරුවම සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු ආරක්ෂා කරනවා. මහාසංඝ රත්නයේත් ජනතාවගේත් විශ්වාසය දිනාගත් කෙනෙක් ඔබතුමා..!

:       2       0

Geeth Meeella Wednesday, 04 September 2024 12:30 AM

සංස්කෘතික අරමුදලෙන් ගත්ත සල්ලි ටිකත් ආපහු දෙන්න. පොඩි ගානක් නෙමෙයි මිලියන 3000ක් කියන්නේ. සෝමදේව මහත්තයා වගේ බුද්ධිමත් මිනිස්සු ඒ සල්ලි වලින් ලොකු ප්‍රයෝජනයක් අරගත්තා . රටේ ප්‍රාග් ඓතිහාසික වැදගත් ස්ථාන කැනීම් කරලා අපේ පැරණි ඉතිහාසය සොයාගෙන ඒවා සංරක්ෂණය කරා අනාගත පරම්පරාව වෙනුවෙන්.

:       0       2

Priyantha Dissanayake Wednesday, 04 September 2024 11:30 AM

තුණුරුවන් සරණයි ඔබතුමාට .

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31181 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13339 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10962 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 64 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site