IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


‘සෞභාග්‍ය සම්පන්න ජන ජිවිතයක් උදා කරනවා‘

 (නිමල කොඩිතුවක්කු)

ජාතිවාදය පසෙකලා සෞභාග්‍ය සම්පන්න ජන ජිවිතයක් උදා කිරීමේ වගකීම තමන් ප්‍රමුඛ සමගි ජන සන්ධානය බාරගන්නා බව  - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජාති වාදය නිසා රටම විනාශ වූ බවත් එම නිසා ජාතිවාදය ආගම්වාදය ආගම්භේදය ජාති භේදය ප්‍රචලිත වී තිබු යුගය නැති කරන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සැම ජාතියක්ම ජන කොට්ඨාසයක්ම මේ දුර්දාන්ත ආණ්ඩුවේ වැඩ නිසා දුක් විදින බවත් සියලු දෙනාම කම්පනයට ලක්ව ඇති මොහොතක දුක කදුල වේදනාව ඉවත් කර සෞභාග්‍ය සම්පන්න ජන ජිවිතයක් උදා කිරීමේ වගකීම බාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ 29 වැනි විජයග්‍රාහී ජන රැළිය නාච්චිදූව නගරයේ දී අමතමින් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ රජය භූමදානය ආදාහනය ගැටලුව අවස්ථාවේ දි ජනතාවගේ ඡන්දයෙන් පත් වූ මහජන නියෝජිතයන් තමන්ගේ ආගම සංස්කෘතිය ජනතාවගේ සිරිත් විරිත් අමතක කර දැමූ බවත් ඔහු  සඳහන් කළේය.


පෞද්ගලික වරදාන වරප්‍රසාදවලට ආගම දහම පාවා දී ජාතිවාදය වැපිරූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සැප්තැම්බර් 21 නිර්මාණය වන සමගි ජන බලවේග රජයක් තුළ පැත්තෙන් පැත්තට පක්ෂ මාරු කරන ක්‍රමය තහනම් කරන නීතිරීති ගෙන එන බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

අධිකරණයට ගන්න පුළූවන් තීන්දු තීරණ ශක්තිමත්ව ගැනීමට අවශ්‍ය නීති රීති ටික සම්පාදනය කරන බවත් විපක්ෂ නායකවරයා  පැවසීය.

තමා කිසිදු අවස්ථාවක පුද්ගලික වරදාන වරප්‍රසාද කොන්දේසි මත මන්ත්‍රීවරුන් සම්බන්ධ කර නොගන්නා බවත් ප්‍රතිපත්ති මත සියලු දෙනා සම්බන්ධ කර ගන්නා බවත් ඔහු සඳහන් කළේය.

ගම්හදා නගර හදා රට හැදීම ප්‍රතිපත්තිය බවත් ඉඩමක් නිවසක් නොමැති ජනතාවට ඉඩම් නිවෙස්ලබා දීමට ගම් උදාව ක්‍රියාත්මක කරන බවත් ප්‍රේමදාස මහතා කීවේය.

උඩරට වතු හා පහතරට වතු, ග්‍රාමීය නාගරික, මධ්‍යම පාන්තික ජනතාවට, ආපදාවකින් හානි වූ ජනතාවගේ නිවාස වැඩසටහන් එකට එකතු කර ජාතික නිවාස ප්‍රතිපත්තියක් සම්පාදනය කර තමන්ගේම නිවසක ජීවත් වීමේ අයිතිය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දුගි දුප්පත්කම තුරන් කරන්න නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් මාසෙට රු. 20000ක ශක්තියක් ලබා දී මාස 24ක් තුළ දුප්පත්කමින් මිදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර  සදාකාලික දිලිදු ආධාර මත යැපෙන් නැති අභිමානවත් පරපුරක් නිර්මාණය කරන බවත් ඔහු සඳහන් කළේය.

කිලෝ 50 පොහොර මිටය රු. 5000ට ලබා දීමත් ස්ථාවර මිලක් ලබා දීමත් ගොවි ණය කපා හැරීමත් කිව්ආර් කෝඩ් එක කේන්ද්‍ර කර ගෙන ගොවි ධිවර ත්‍රීරෝද රථ හා පාසල් බස් සේවයත් ශක්ති හාල් මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාර ලබා දීම ඇතුළු සහන රැසක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.  මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදින් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (1)

‘සෞභාග්‍ය සම්පන්න ජන ජිවිතයක් උදා කරනවා‘

L.P. Thursday, 05 September 2024 08:21 AM

බදුර්දීන් එක්ක එකතු වෙලා තව කැලෑ ටිකක් කපන්න වගෙයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31373 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13601 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11016 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 130 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1030 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site