IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සිංප්පූරුවත් එක්ක ගිවිසුමක් ගහලා අපේ වෘත්තීයවේදීන් පිළිකන්නට දක්කලා

(නාලක සංජීව දහනායක)   

ආණ්ඩුව සිංගප්පූරුව සමඟ අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් මෙරට වෘත්තීයවේදීන්ගේ වටිනාකම පහළ වැටෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙරේදා (2) පැවැසීය. 

වෘත්තීයවේදීන් පිළිකන්නට දැක්කූ මෙවන් ද්‍රෝහී ගිවිසුමක් අත්සන් කළ පළමු අවස්ථාව මෙය බව ද ඔහු කීය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේදී පෙරේදා (2) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.              

යාපනය නගර සභාව උතුරේ මංමාවත් හිටපු එල්.ටී.ටී.ඊ. නායකයන්ගේ නමින් නම්කරනවා. එමෙන්ම රජයේ අනුදැනුමෙන් පුරාවස්තු බහුල ප්‍රදේශ විනාශ කරමින් සිටිනවා. පොලිසිය මහදවල් කාන්තාවන්ට පහර දෙනවා. ඉතිහාසයේ කවදාවත් නැති ආකාරයට ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියලේ අගය පහළ වැටෙනවා. ආර්ථික වර්ධන වේගය සියයට 3.1ට  කඩාගෙන වැටිලා. මේ සියල්ල තිබියදී ජනතා විමුක්ති පෙරමුණ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ පැරණි යල්පැන ගිය සටන් පාඨය තොරම්බල් කරන්න පටන් ගෙන තිබෙනවා.

මේ සියලුම සාකච්ඡා මැද්දේ රටේ ආර්ථිකයට හා වෘත්තීයවේදීන්ට දැඩිව බලපාන ගිවිසුමකට රජය සිංගප්පූරුව සමඟ ගිවිසුමක් අත්සන් කරනවා. දැනටමත් ලංකාවෙන් සිංගප්පූරුවට යවන භාණ්ඩවලට බදු පනවන්නේ නැහැ. ඒ නිසා සිංගප්පූරුවත් සමඟ විශේෂ ගිවිසුමක් අවශ්‍ය නැහැ. ගිවිසුමට කැබිනට් අනුමැතිය හිමිවෙලත් නැහැ. නමුත් අනුමැතිය හිමිවූ බවට මලික් සමරවික්‍රම අමාත්‍යවරයා විසින් ලිපිලේඛන සකස්කර තිබෙනවා. අනාගත අනුමැතියකට යටත්ව දැනට මේ ගිවිසුම ක්‍රියාත්මක වෙනවා. මේ මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවට ලිඛිතව දන්වා තිබෙනවා. 

මෙහෙම කොළේ වහල මේ ගිවිසුම අත්සන් කළේ ඇයි? එට්කා ගිවිසුමට එරෙහිව මේ රටේ විශාල විරෝධයක් ඇතිවුණා. ඒ නිසා ආණ්ඩුව වෙන පාරකින් වෘත්තීයවේදීන්ගේ අයිතිය හා ආර්ථිකය පාවා දීමට සිංගප්පුරුව හා ලංකාව අතර මේ නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කරනවා. වෘත්තීය සේවා සැපයීම සඳහා සිංගප්පූරුව තුළ ලියාපදිංචිව සිටින වෙනත් රටවලටත් අපේ රටේ රැකියා වෙළඳපොළ විවෘත වෙනවා. විශේෂයෙන්ම සිංගප්පූරුවේ සිටින ඉන්දියානුවන්ට මේ ගිවිසුම හරහා අපේ රටට ඇතුළුවෙන්න පහසුවෙනවා. ඒ නිසා එට්කා ගිවිසුම අත්සන් කළයුතු නැහැ. ඉන්දියානුවන් හා චීන ජාතිකයන් අඩුමිලට සේවය සැපයීම නිසා අපේ රටේ වෘත්තීයවේදීන්ගේ වටිනාකම පහළ වැටෙනවා.

වෘත්තීයවේදීන් පිළිකන්නට දාපු ද්‍රෝහී ගිවිසුමක් අත්සන් කරපු පළවෙනි වතාව මේකයි. වෘත්තීයවේදීන් මේ ගිවිසුමට විරුද්ධත්වය පළකර තිබෙනවා. තවම මේ ගිවිසුම පාර්ලිමේන්තුවේ සම්මත කරලා නැහැ. යම්කිසි ආකාරයකින් ගිවිසුමට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවුණොත් අපේ රටේ සියලුම වෘත්තිකයන්ගේ අවස්ථාවන් අහිමි වෙනවා. මේ ගිවිසුමේ අර්ථ නිරූපණය අනුව අපේ රටින් සිංගප්පූරුවට යන්න පුළුවන් පුරවැසියන්ට පමණයි. නමුත් සිංගප්පූරු පුරවැසියන්ට හා සිංගප්පූරු ජාතිකයන් නොවන නේවාසික පුරවැසියන්ටත් අපේ රටට එන්න පුළුවන්.
කැබිනට් අනුමැතිය හිමිවූ බවට ව්‍යාජයක් කියමින් පාර්ලිමේන්තුවේ අනාගත අනුමැතියට යටත්ව මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස අපි ආණ්ඩුවෙන් බලකර සිටින බව ද කීය.       

මාධ්‍යාවේදීන් නැගූ ප්‍රශ්න සඳහා මන්ත්‍රීවරයා විසින් ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය  - මේ ගිවිසුම සම්බන්ධයෙන් වගකියන්න ඕන කවුද?

පිළිතුර - ගිවිසුම ගැන තීරණය අරගෙන තියෙන්නේ අගමැතිවරයා ප්‍රමුඛ ආර්ථික කමිටුවෙන්. ඒ පසුගිය වසරේ නොවැම්බර් මස 22 වැනිදා. අනතුරුව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා හොරපාරෙන් මේක ක්‍රියාත්මක කරනවා. මේක තනිකරම අගමැතිවරයාගේ අවබෝධය මත ක්‍රියාත්මක වෙන දෙයක්. එක්සත් ජාතික පක්‍ෂයේ ඉන්නවා රාජකීය හවුලක්. ඒ රාජකීය හවුලට ජනතාවගේ සියුම් ඉන්ද්‍රියන් හසුවෙන්නේ නැහැ. ඒ නිසා හිතක් පපුවක් නැතුව ඕනෑම ගිවිසුමකට අත්සන් කරනවා.

ප්‍රශ්නය - නව කැබිනට් සංශෝධනය ගැන ඔබගේ අදහස මොකද්ද?

පිළිතුර - ජනාධිපතිවරයා දක්‍ෂ කැබිනට් සංශෝධනවලට පමණයි. ඔහු මාස හයකට වරක් කැබිනට් මණ්ඩලය සංශෝධනය කරනවා. ඒ මොනදේ කළත් ප්‍රතිඵලයක් නැහැ. ආණ්ඩුවට තමන්ගේ ප්‍රශ්න විසඳා ගන්නව මිස රටේ ප්‍රශ්න විසඳන්න වෙලාවක් නැහැ.

ප්‍රශ්නය  - එට්කා ගිවිසුමට එරෙහිව ඇතිවුණ ප්‍රතිවිරෝධයට පිළියමක් ලෙස මේ ගිවිසුම අත්සන් කළා වෙන්න බැරිද?

පිළිතුර - අපි විශ්වාස කරන්නේ එහෙමයි. ඇතැම්විට තමන්ගේ තනතුර ආරක්‍ෂාකරදීම වෙනුවෙන් අගමැතිවරයා විසින් විදෙස් තානාපතිවරුන්ට දීපු සංතෝෂමක් වෙන්න පුළුවන්.

ප්‍රශ්නය  - මේ ගිවිසුම අතීතයට බලපාන බවට වගන්තියක් තිබෙනවද?

පිළිතුර - එහෙම වගන්තියක් නැහැ. යම් හෙයකින් පාර්ලිමේන්තුව මේ ගිවිසුම අත්සන් කළොත් අනාගත පාර්ලිමේන්තුවකටවත් ගිවිසුම අවලංගු කරන්න බැහැ. එය ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා.

ප්‍රශ්නය - අනුමැතිය සඳහා ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණොත් මොකද කරන්නේ ?

පිළිතුර - පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණොත් අපි විරුද්ධව ඡන්දය දෙනවා. වැරදිලාවත් මේක අනුමත වුණොත් මේක සදාකාලික ගිවිසුමක් වෙනවා.

 



අදහස් (1)

සිංප්පූරුවත් එක්ක ගිවිසුමක් ගහලා අපේ වෘත්තීයවේදීන් පිළිකන්නට දක්කලා

Saththaya Saturday, 05 May 2018 12:49 PM

මේ හැම කතාවක්ම ගොතන්නේ අලි කොටි ගිවිසුම වගේ... පහුවෙනිදා බැලින්නම් සුනාමි...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site