IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සන්ධානයට විමල්ලා එක්කර නොගන්නා බව එස්.බී කියයි

(චමිල් රූපසිංහ)

මෙවර මැතිවරණයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුද සම්බන්ධ කර ගනිමින් තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට ජනපති විශාල උනන්දුවකින් කටයුතු කරමින් විවිධ කැපකිරීම් පවා කරන්නට සූදානමින් සිටි බව සමාජ සවිබල ගැන්වීම්, සුබ සාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතා පැවසීය.

මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා නාම යෝජනා බාර දීමෙන් පසු අද (19) මහනුවර මැතිවරණ ලේකම් කාර්යාලයේදී ඇමැතිවරයා මේ බව කීවේය.

අසූචි වළ කර වටක් ගිලී සිටින විමල් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් කර ගැනීමේ කිසිදු අවශයතාවක් නොමැති බවත් ඔහු කීය.

පක්ෂය සමඟි කිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් උත්සහය ව්‍යර්ථ කිරීම නිසා අද මහින්ද, බැසිල්, නාමල් කෙරෙහි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කේන්තියෙන් පසුවන බව ද අමාත්‍යවරයා කීය.



අදහස් (4)

සන්ධානයට විමල්ලා එක්කර නොගන්නා බව එස්.බී කියයි

Bamunuarachchi Tuesday, 19 December 2017 11:57 AM

මහින්ද මහතා හිරේ සිටි මෙයාව සමාව දී බේරාගත්තාට ඔබට සලකන හැටි පෙනෙනවා නේද? දියෙහි ගසාගෙන යන දණ්ඩකට පිහිටක් උනත් මේවගේ දුර්ජනයින්ට පිහිට වෙන්න එපා කියලා සුභා සිතයේ කියන්නේ කටකසනවාට නොවෙයි.

:       27       75

Muhan Wednesday, 20 December 2017 02:08 AM

කිසිම දේශපාලන ප්‍රතිපත්තියක් නොමැතිව තම විරුද්ධ වාදීන්ගේ චරිතය ඝාතනය පමණක් එකම ප්‍රතිපත්තිය කරගත් අසූචි වළ කරවටක් ගිලී සිටින කාර්ඩ් බෝර්ඩ් වීරයා එහිම වලදැමිය යුතු කාලය එලඹ ඇත.

:       0       17

jana Wednesday, 20 December 2017 05:15 AM

ඡන්දෙන් පැරදුණු ඔබ නම් ඉන්නේ අසුචි වලේ තමයි...

:       0       17

rocky Monday, 15 January 2018 03:02 AM

ආ, බමුණු, ඔය ඔබ සඳහන් කරන කියුම තියෙන්නේ සුභාශිතේ බව හොඳටම විශ්වාසද? අපි දන්නා තරමින් නම් "දියෙහි යන දණ්ඩට - පිහිටක් වෙතත් පෙර සිට" කියන කවිය තියෙන්නේ ගුත්තිලයේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site