IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


‘සංක්‍රමණිකයන් ආවත් නිවේදන නිකුත් කරන්න තරම් නිදහස් පක්ෂය පිරිහිලා‘

(නිමල කොඩිතුවක්කු)

තැන් තැන්වල විසීරී සිටි සංක‍්‍රමණිකයින් පිරිසක් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්ව ඇතැයි පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලය හරහා නිවේදන නිකුත් කිරීමට තරම් ජනාධිපතිවරයා බංකොළොත් වීම පිළිබ`ද තම පක්ෂය කණගාටු වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රි විජිත හේරත් මහතා අද(22) පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් ඇතුළු පිරිසක් ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට එක්ව ඇතැයි යනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිවේදන නිකුත් කිරීම පොදු දේපල අපහරණයක් බවත් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බවත්  ඔහු කියා සිටියේය.

බත්තරමුල්ල පැළවත්ත ප‍්‍රදේශයේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මනිත‍්‍රීවරයා මේ බව පැවසීය.

එජාප, ශී‍්‍රලනිප, මෛතී‍්‍ර පිල සහ මහින්ද පිල යන සියල්ලම විවිධ චෝදනාවන්වලට ලක්වෙලා තිබෙනවා. හොරකම ¥ෂණය නැතිකරන්න ආපු එජාපය මහ බැංකු වංචාව සිදුකළා. අද එජාප සාමාජිකයින් නායකයින් ගැන කළකිරිලා. මෛතී‍්‍රපාල ජනාධිපති අද ඉතා බංකොළොත් තත්වයට පත්වෙලා. ලක්‍ෂ 60ට අධික ඡන්ද ප‍්‍රමාණයක් ලබාගත්ත මෛතී‍්‍රපාල සිරිසේන අද කුණු කෑලි එකතු කරනවා. ලැජ්ජයි. මේ ලැයිස්තුවල ඉන්න අන්ජාන් උම්මා විමල්ගේ පක්‍ෂයේ සාමාජිකාවක්. ඒ විතරක් නෙවෙයි පසුව එජාපයෙන් ගම්පහ දිස්ති‍්‍රක්කයට තරග කොට තිබෙනවා. එජාපයෙන් ගත්ත කෙනා ජවිපෙ වෙන්නේ කොහොමද? එස්.කේ. සුභසිංහ පෙරටුගාමී පක්‍ෂයේ ගොවි නායක. මීට අවුරුද්දකට පමණ පෙර සිට ජනාධිපති කාර්ය සාධන බලකායේ වැඩ කරනවා. ගේ ඇතුළෙම හිටපු කෙනා ජවිපෙ වෙන්නේ කොහොමද? රණවීර පතිරණ දුමින්ද දිසානායක යටතේ තිබෙන ආයතනයක අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක්. ජවිපෙන් ඉවත් වෙලා වසර ගණනක් වෙනවා. දිමුතු අබේකෝන් පෙරටුගාමී පක්‍ෂයේ සාමාජිකයෙක්. පසුව කිරිඇල්ලගේ උපදේශකයෙක් ලෙස සේවය කළා. අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ හිටපු අනුර නැමැත්තා එජාපයෙන් පළාත් සභාවට තරඟ කරපු කෙනෙක්. පසුව පේෂල ජයරත්නගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක්. භූමිනාදන් තොණ්ඩමන්ගේ පක්‍ෂයේ සාමාජිකයෙක්. මේ අය කොහොමද ජවිපෙ සාමාජිකයන් වෙන්නේ? මීට වසර ගණනාවකට පෙර ජවිපෙන් ඉවත් කරපු අය තමන් ළඟට අරගෙන නිවේදන ගහනවා. මේ අය හරියට සංක‍්‍රමණිකයන් වගේ. අද මෛතී‍්‍රපාල සිරිසේන හරියට පරණ යකඩ බඩු එකතු කරන බෝතල් පත්තරකාරයෙක්ගේ තැනට වැටිලා‘‘ යැයිද ඔහු පැවසීය.



අදහස් (3)

‘සංක්‍රමණිකයන් ආවත් නිවේදන නිකුත් කරන්න තරම් නිදහස් පක්ෂය පිරිහිලා‘

Raveendra Friday, 22 December 2017 10:59 AM

කතාව සම්පුර්ණ ඇත්ත අපගේ රට මෙතෙක් පාලනය කල සහ දැනට පාලනය කරන දේශපාලකයන් අනේකවිද දූෂණයන් කල සහ කරමින් පවතින බව සියලුම රටේ පුරවැසියන් දන්නා කාරණයකි. එලෙසම ඔහේලත් අපගේ මහජන දේපළ විනාශ කලේ නැද්ද? ලක්මවගේ දූදරුවන් අමු අමුවේ මර දැමුවේ නැද්ද? මේ කටින්ද කතා කරන්නේ නැත්නම් වෙන කොහින්වත්ද? තොත්ත බබලා වගේ කටෙන් පිටවෙන්නේ තුන් සරණ " බොක්කේ ගෙරි මස් "...

:       230       266

dahamFriday, 22 December 2017 12:05 PM

ඒ විතරක් නෙමෙයිනේ. මේ ආණ්ඩුව බලයට පත් කරන්න මහින්දට විරුද්ධව අමූලික බොරු චෝදනා යූ.එන්.පී වේදිකාවට නැගල බෙරිහන් දිදී එල්ල කළේත් මේ ජීවීපී එකම තමයි. දැන් ඉතින් ඔක්කෝටම ඉස්සෙල්ලා තමන් කරපු වරදට ජනතාවගෙන් සමාව ඉල්ලලා හිටපල්ලා.

:       274       467

සෙනෙවි Thursday, 18 April 2019 01:52 PM

ජේ ආර් ගේ විධායකය කාලෙ මේ මහත්වරු කොහේද හිටියෙ? මහින්ද හොද නම් නඩු මොකද? ගෝඨාභය හීනෙ හීනයක් විතරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site