IMG-LOGO

සංචාරක ව්‍යාපාරයේ දියුණුවටයි කියා ජනයාගේ සෞඛ්‍යාරක්ෂාව පරදුවට තියලා


(නිමල කොඩිතුවක්කු)
 
සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා යැයි රටට පෙන්වා දෙමින් රට තුළ සිදුවන ඇතැම් කටයුතු රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පරදුවට තබා සිදු කරන සූදුවක් බවට පත්ව ඇතැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා කොළඹදී අද(07) පැවසීය.
 
ලෝකය පුරාම මතුවෙමින් ඇති කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ සියල්ලටම පෙර රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන ආණ්ඩුව කටයුතු කළ යුතුව ඇතැයිද  කරු ජයසූරිය මහතා සඳහන් කළේය.කොළඹ ජානකී හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු කථානායක කරු ජයසූරිය මහතා මෙසේද කීවේය.
  
 “රටත්, ජනතාවත් මහා ව්‍යසනයට මුහුණදී ඇති අවස්ථාවක වැඩ කටයුතු අවුල් කිරීමට හෝ අපහසුතාවයකට පත්කිරීමට මෙන්ම රජය අනිසි විවේචනට ලක්කිරීමට අපි බලාපොරොත්තු වන්නේ නැහැ. දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව කටයුතු කරන අප ක්‍රියා කරන්නේ පොදු අරමුණකින් මිසක පටු බල දේශපාලනික අරමුණු පෙර දැරිව නොවේ.
 
අද අප රට තුළ සිදුවන බොහෝ දේවල් පිළිබදව සැලකීමේදී රටේ සහ මහජනතාවගේ යහපතට වඩා එක් එක් පුද්ගලයන්ගේ පටු අරමුණු හා අපේක්ෂාවන් මුදුන් පත්කරගැනීම සඳහා කටයුතු සිදුවන ආකාරයක් පෙනි යනවා. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන රටක් ලෙස ශ්‍රී ලංකාව රටේ යහපත ගැන මෙන්ම ජනතාවගේ සුබසෙත උදෙසා ගනිමින් සිටි වැදගත් ආදර්ශයන් හා ක්‍රියා මාර්ග දේශපාලන බලය සඳහා හෝ වේවා පටු ආර්ථික අරමුණු උදෙසා හෝ වේවා යම් යම් බලවත් චරිත විසින් අවභාවිතා කරන ආකාරයක් අදවනවිට දැකගත හැකියි.
 
සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය සඳහා යැයි රටට පෙන්වා දෙමින් අද වනවිට මේ රට තුළ සිදුවන ඇතැම් කටයුතු රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පරදුවට තබා සිදු කරන සූදුවක් බවට පෙනෙන්නට තිබෙනවා.
 
යුක්රේනය ඇතුළු ඒ අවට අනෙකුත් බොහෝ රටවලද විශේෂයෙන්ම යුරෝපය පුරාවටම අද වනවිට කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් ව්‍යාප්ත වීම හා එහි ඇති වේගවත් පැතිරීම ගැන අද මුලු මහත් ලෝකයේම දැඩි අවධානයක් යොමුවී තිබෙනවා.
 
එවැනි පරිසරයක අපේ රටට සංචාරකයන් ගෙන්වා ගැනීමේදී රටක් විදිහට අප විශේෂයෙන්ම සැලකිලිමත්විය යුතු කරුණු ගණනාවක් තිබෙනවා. රටේ ජනතාවගේ සුබසෙත උදෙසා ආර්ථිකය ශක්තිමත් විය යුතුයි. සංචාරක ව්‍යාපාරයට ඇති හිතකාමී පරිසරය ස්වභාව ධර්මයෙන් අපට දුන් විශාල දායාදයක්. එයින් අප උපරිම ප්‍රයෝජන ගතයුතුයි.
අද වනවිට සමස්ත ලෝකය පුරාම මතුවෙමින් ඇති වසංගත රෝග අභියෝගය සැලකීමේදී සියල්ලටම පෙර අප සැලකිලිමත් විය යුත්තේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැනයි. රටේ ජනතාවගේ යහපත ගැනයි.
 
පලවන මාධ්‍ය වාර්තා අනුව යුක්රේනයේ සිට කැදවාගෙන ඇති සංචාරකයන් සම්බන්ධයෙන් රටේ නිල සංචාරක බලධාරීන් පවා දැනුවත්ව ඉදලා නැහැ. මාධ්‍ය වාර්තාවලට අනුව පෙනී යන්නේ දේශපාලන බලය ඇති එක්තරා පිරිසක් රටේ සියලුම නීති හා සම්මත ක්‍රමවේදයන්ගෙන් බැහැරව මෙම කටයුත්ත සිදු කර ඇති බවයි. ඒ ගැන අද බොහෝ පාර්ශවයන්ගෙන් චෝදනා නැගෙනවා.
 
එහි සත්‍යක් ඇත්නම් එය බරපතල වැරැද්දක්. අප එයට බලවත් විරෝධය පල කරන අතර අදාල බලධාරීන් වහාම මේ ගැන අවධානය යොමුකර නිවැරදි පියවර ගනු ඇතැයි ද අප අපේක්ෂා කරනවා.
 
මෙහි තවත් ඛේදනීය පැත්තක්ද තිබෙනවා. ශ්‍රි ලාංකිකයන් විශාල පිරිසක් විවිධ රටවල ඔවුන්ගේ රැකියා පවා අහිමි වී  ඉතාමත්ම අසරණව දුක් විදින තත්වයක් තුළ ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු නොකරමින් යුක්රේන සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ප්‍රමුඛතාවය දීම ගැන විදෙස්ගත ශ්‍රි ලාංකික ශ්‍රමිකයන් අද වනවිට දැඩි විරෝධය පල කරමින් සිටිනවා. ශ්‍රී ලංකාව රටක් ලෙස පොදුවේ අනුගමනය කරන නිරෝධායන ක්‍රියාවලිය යුක්රේන සංචාරකයන් සඳහා අදාල නොකර ගනිමින් ඔවුන් වෙත දක්වා ඇති විශේෂ සැලකිල්ල රටට විදේශ විනිමය ගෙනඑන ශ්‍රී ලාංකිකයන්ට නොලැබෙන්නේ මන්දැයි ඔවුන් ප්‍රශ්ණ කරමින් සිටිනවා.
 
එක්තරා ශ්‍රි ලාංකික කාන්තාවක් අන්තර්ජාලය හරහා සිදුකර ඇති සංවේදී ආයාචනය ගැන මේ රටේ බලධාරීන් දැන්වත් අවධානය යොමුකල යුතුයි. තම රටට ආපසු එන්නට අවශ්‍ය මුදල් සොයා ගැනීමට අද වනවිට ඇතැම් කාන්තාවන් තම ඇග විකුණන තත්වයකට පත්ව සිටින බව එම දුක් ගැනවිල්ලෙන් කියවෙනවා. එය මොන තරම් ශෝචනීය තත්වයක්ද. මේ රටේ දේශමාමක බලධාරීන්ට මේවා පෙනෙන්නේ නැද්ද? මෙවැනි දේවල් අසන්නට ලැබීම රටේ අවාසානාවක් විදියට අපි දකිනවා.
 
අපි රජයට කියන්නේ මේ සඳහන් කල කරුණු ගැන අවධානය කල් නොයවා යොමු කරන්න කියායි. එසේ නොවුනහොත් දැඩි අසහනයට පත්ව ඇති ජනතාව නිසි පිළිතුරු දීම නවත්වන්නට බැරිවේවි. ජනතාව කුපිත නොකරන ලෙස අපි රජයට යහපත් සිතින් කියනවා” යැයිද ඔහු එහිදී පැවසීය.



අදහස් (1)

සංචාරක ව්‍යාපාරයේ දියුණුවටයි කියා ජනයාගේ සෞඛ්‍යාරක්ෂාව පරදුවට තියලා

CHANDIMA Friday, 08 January 2021 06:15 PM

ඔය පඬිවදන් කියන වෙලාවේ අර මහබැංකුවෙන් ගත් ඒවා ආපහු දුන්නා නම් සංචාරකයෝ නොආවත් කමක් නැහැ කියලා ඉන්න තිබුණා. ඔබතුමාටත් කොටහක් ලැබෙන්න ඇතිනේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 83 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 636 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site