IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ශ්‍රී ලනිපය පාලනය කරන්න ලේකම්ට බෑ - මහින්ද අමරවීර


(රන්න චන්ද්‍රසේන ගමගේ)


පක්ෂයේ අර්බුදවලට ලේකම්වරයා පමණක් වගකිව යුතු යැයි තමා විශ්වාස නොකරන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා අද (12) බටඅත රජයේ බීජ නිෂ්පාදන ගොවිපලේ හා කෘෂි තාක්ෂණික උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරව මාධ්‍යට අදහස් දක්වමින් පැවසීය.


ලේකම්වරයා ක්‍රියාත්මක කරන්නේ පක්ෂ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් දෙනු ලබන නියෝග බව ඔහු වැඩිදුරටත් පැවැසීය.


සන්ධානයේ ලේකම්වරයා ඉවත් වියයුතු යැයි පසුගිය දිනවලදී සමහරුන් ප්‍රකාශ කළත්, දැන් ශ්‍රීලනිපයේ ලේකම්වරයාත් ඉවත් විය යුතුයි කියා කීවත් අප ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග පමණක් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.


ඉන්ධන මිල වැඩි වීම සියළු ජනතාවට දරු ගත නොහැකි දෙයක් බව රජය තේරුම් ගෙන තිබේ. එහෙත් ඩොලරයේ මිල පාලනය කිරීම සඳහා එම වැඩිවීම කළ යුතුව තිබෙන නමුත් මේ රටේ ධීවර ප්‍රජාවට යම් සහනයක් දියයුතු බව රජයේ ස්ථාවරය වී තිබෙන බවද ඇමැතිවරයා කීය.

 


 

 



අදහස් (2)

ශ්‍රී ලනිපය පාලනය කරන්න ලේකම්ට බෑ - මහින්ද අමරවීර

de silva berlin Saturday, 12 May 2018 09:07 AM

පෙට්‍රල් ලීටරයකට රජය රුපියල් 58ක බද්දක් ගහනවා. එ්කෙන් රුපියල් 10ක් අඩු කළානම් දෙපැත්තටම සාධාරණයි..

:       0       17

Saththaya Sunday, 13 May 2018 07:56 AM

කෙසේ වෙතත් , මිල වැඩි කරන හැම අවස්ථාවකදීම කෙසේ හෝ අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල වැඩි කරන නමු, මිල අඩුවූ අවස්ථාවල නැවත මිල අඩුකරන ක්‍රියාවලියක් මේ රටේ අපි කොහොමත් දැකලා නැහැ....... උදා: 1. මාළු වල මිල අඩුවුණේ නැහැ පෙට්‍රල් වල මිල අඩු වුණාම. 2. ත්‍රීවිල් හයර් ගාස්තු අඩු කලේ නැහැ. 3. ගෑස් මිල වැඩි කරන හැම පාරම වඩේ එකක මිල ගණන් වැඩි වුනා , හැබයි හුගක් අඩු වුණ වෙලාවෙත් ගාන අඩු කෙරුවේ නැහැ . බොහෝ උදාහරණ දෙන්න පුළුවන් . අන්තිමට තැලෙන්නේ දවස් පඩි හෝ මාසේ පඩි ගන්න කෙනා. මේවා දේශප්‍රේමින් දන්නවද දන්නේ නැහැ . මොකද රට හදන තැනට යන්නේ හම්බකරන්න මිසක් රටට වැඩක් කරන්න නෙමෙයිනේ . දැන් හැමෝටම සල්ලි තියෙන නිසා ඔය කියන විදියට කාවත් පාලනය කරන්න බැහැ.

:       0       268

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site